Saturday, October 16, 2010

සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,

සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,


මම සුමනසිරි.මල්ලියේ උඹලා කට්ටිය බේරා ගත්ත බව දැනගත්තාම,මම සුමන සමන් දෙවියන්ට දණගහලා, පහනක් පත්තු කරලා ඉස්තුති කලේ ඔය දුක හොඳට දන්නා නිසයි.
පතල් වැඩේ අමාරුව දන්නේ පතලේ ඉන්න එකානේ බං.උඹලාට තරම් මහ ලොකු තේරුම් නැති උනත්,මම වැඩ කෙරුවේත් පතලක අඩීයෙම තමයි.මැනුවෙල් උඹලා එක අතකට හරි වාසනාවන්තයි.ඒ වගේම හරි ධෛර්යමත්.මම මිනිරන් පතල් අස්සේ ඉන්න කාලෙක පස් කඩන් වැටිලා, ගුනපාලයි,අබරන් මාමායි මලා.මම ඒවා ඇස් දෙකට දැක්කා.තුනුරුවන් සරනෙන් පලංචියක එල්ලිලා,නොන්ඩි ගගහ එලියට ආවා.එදා ඉදන් මම නොන්ඩි සුමනේ උනා.අපරාදේ කියන්න බැහැ ගුනවතී එදා ඉදන්ම තාමත් මාව බලාකියා ගන්නවා.ආනන්ද පුතාට කොච්චර කීවත් ඌ ගත්ත තීරනය හරි.බැහැමයි කිව්වා පතල් යන්න.
මොනවා උනත් මැනුවෙල් මල්ලියේ,දැන් ගුනවතීත් හරි අඩපනයි.ආනන්ද පුතා නම්,සිල්වා උන්නැහෙගේ අත් උදව්වට යනවා.
ඉතින් මැනුවෙල්,හොලිවුඩ් යන ගමන්වත් මේ පැත්තෙන් යන්න පුලුවන් උනොත් ගොඩවැදිලා යන්න වරෙන්.අපේ ගුනවතී ,සාරන උයන කොට තාමත් කොස් ඇට ටිකක් දානවා.උඹලටත් බත් ටිකක් කාලා යතැහැකි.උඹලා තිස්තුන් දෙනාට ,තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි.
මීට
කවදත් හිතැති
බෝගල පතලේ
සුමනසිරි.
Aru

Friday, October 8, 2010

රජානෝ පිලිගැනීම

පසුගියදා උතුරුමැද පලාත් අවට සංඝයාවහන්සේලා සඳහා පැවති සමුළුවකට සුදානම් කල පිලිගැනීමේ ගීතයයි.
පද රචනය—අනුරාධපුර හාමුදුරුවෝ
ගායනය——කරුනාරත්න දිවුල්ගනේ ආන්ඩුකාර තුමා
වේදිකා පරිපාලනය—-ජැක්සන් ඇන්තනි
තනුව/සංගීතය–රෝහන වීරසිංහ(මේ දිනවල ඇස් රෝගය බැවින්,ඔබට කැමති තනුවකට ගායනය කලහැක.)
පැරකුම්බා
තඩ බඩියෙකි—-රජානෝ
නුඹයි අපට බත් දුන් මහා රජානෝ…………..
.
ධාතුසේන
ඉල් ගබ්බෙකි—-රජානෝ
නුඹයි අපට වැව් හැදු ඒ රජානෝ…………
.
බුද්ධදාස
වෙර හොදෙක්ය—-රජානෝ
නුඹයි අපට වෙදකම් කල රජානෝ…………
.
විමලසුරිඳු
හී මරකෙකි—-රජානෝ
නුඹයි අපට විදුලිය දුන් රජානෝ………….
.
කන්නන්ගර
පැන් ගොටියෙකි—-රජානෝ
නුඹයි අපේ අධ්‍යාපන රජානෝ……………
.
බුදු සමිදුන්
ඒ කව්දැයි—- රජානෝ
නුඹයි අපේ දේශයේ බුදු රජානෝ…………//
(වේදිකා පරිපාලකට අනුව,අවසන් පදවැලට පසු, වේදිකාව දෙපස සිටින චීවරධාරීන් දෙදෙනෙකු විසින් දෙන නියමයකට අනුව සියළුම සංඝයා වහන්සේලා අසුන් වලින් නැගිට සාධු,සාධු,සාධු යැයි තුන්වරක් නාද කිරීමෙන් පසුව රජතුමා වේදිකාවට සම්ප්‍රාප්තවී දේශණය ආරම්භ කරනු ඇත.
Aru

දවල්ටත් ඩෝප්

මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක හාමුදුරුවන්ටයි,
හාමුදුරුවනේ,මාධ්‍ය හමුවක් තිබ්බ බව දැක්කා.ඔබ වහන්සේ වමනේ දමමිනුත්,ඕමාරේ කස්සප කැහකැහත්,වටිනපහ උන්නැහේ තටම තටමත් කියන්න හදපු කුනුහබ්බේ තේරුනේ නැහැ.චාරයක් නැති උනත්,කට පොඩ්ඩක් සංයමයෙන් පාවිච්චි කරන්න එපාය නේද?මහාචාර්ය කෙනෙක්නේ නේද?අපි සාමනේරලා කාලේ අපිට එහෙම නේද කියලා දුන්නේ?
ඒකට කමක් නැහැ,ඒත් මම අහන්න හිතාගෙන හිටියෙ,ඒ දවස්වල ඔය ගොල්ලෝ බොන්න පටන් ගන්නේ බෝමළුවේ ලයිට් නිව්වටත් පස්සේ නිසා දැන් දැන් කොහොමද දවල්ටත් ඩෝප් වෙන්නේ කියල?පාප මිත්‍රයෝ ආශ්‍රය හොද මදි.මින් නවතමි.
තෙරුවන් සරණයි.
මීට
කස්සප එක්කම එකට පැවිදිවුන
අස්සජී.
Aru

මහන කෙනෙක්

පුද්ගලික ගුවන් නාළිකාවකින් ගීතයක් ඉල්ලන්න ගිහින් වෙච්ච දෙබසක්.
ආ…ඔයා කවුද…………..?
මම මේ මහන කෙනෙක්.
හා හා.අවසරයි,හොදමයි,හාමුදුරුවනේ.ඔබ වහන්සේ කොයි පන්සලෙන්ද?
නැහැ….නැහැ….අක්කේ…..ඔයට වැරදීමක්.පන්සලකින් නෙමේ…මම කැළණියෙ සමණල ටේලර් ෂොප් එකෙන්…..
හරි….හරි…හරි…ඔයා දැන් මොනවද ඔය මහන්නේ?
1994 නම් ජංගි මැහුවා…දැන් මහන්නේ ලංකට්….
දුරකතනය විසන්ධිවිය.
Aru

Wednesday, October 6, 2010

ඩිල්කාගේ බට්ටා පැනිල්ල



පසුගිය දෙරණ 360 බලපු අයටනම් ඩිල්කාගේ බට්ටා පැනිල්ල අපුරුවට දැකගන්නට හැකිවිය.බට්ටා පනින අනිත් කොල්ලො, කෙල්ලන්ට වඩා ඩිල්කා ටිකක් දක්ෂය.ඩිල්කාට බට්ටා පනින්න,ගෙදර වැඩිහිටියො හැම සුමානෙකම,කාවහරි ගෙදරට ගෙනත් දෙයි.මේ පාර ගෙනත් දුන්නේ ලාල්කාන්ත අයියාවය.රන්ජන් අයියලා,පබා නංගිලා එක්ක බට්ටා පැනලා ඇතිවෙලාය.ලාල් අයියා බට්ටා පැනලා තියන්නේ මැරහමුදා,යුනියන් ජුන්ටලා,පොලිසිය,ආන්ඩුව වැනි බට්ටා සෙල්ලමේ කප් ගහපු එවුන් එක්ක බව වැඩිහිටියෝ නොදැන සිට්යාද දන්නේ නැත.මොනවා උනත් මේපාර ඩිල්කා අවුට්ය.ගේමට අවතීර්නවී ටික වේලාවකින්ම මුහුනින් පෙනිනි.
වරුනි අමුනුගමගේ කොටුව තුල(රාමචන්ද්‍රගේ හැඳීන්වීමකි}බට්ටා පනින ඩිල්කා,රන්ජන් අයියලා පබා නංගිලාව ගේම් එකෙන් කුජීත කර දැමුවාය.ඒ ගේම් ප්ලෑන් එකම ලාල්කාන්ත අයියාටද ආදේශ කරන බවක් පෙනෙන්නට තිබුනි.ලාල් අයියා ඒවාට කදිම ලෙස පිලිතුරු දෙමින් ඩිල්කාව නිරුත්තර කර දමනලදි.ලාල්කාන්තගේ දේශපාලනය මොනවා උනත් ඔහු දක්ෂ පුද්ගලයෙකි.ඔහුට ඩිල්කා විසින් පිටපිට චෝදනා ඉදිරිපත් කරනාවිට,ලාල්කාන්ත කිව්වේ  කෝ රන්ජන්ට කලාවගේ ලිපිකියවිලි ඉදිරිපත් කරන ලෙසය.ඩිල්කා, බට්ටා කකුලෙන් අතට අරන් කිව්වේ ඔබතුමා කෙලින් උත්තර දෙන නිසා ඒවා උවමනා නැතිබවය.චෝදනා ඔප්පුකර ගන්න බැරිනම් ඉදිරිපත් නොකල යුතුය.ඩයිනමයිට් අතේ පත්තු නොකර ගත යුතුය.මේ සෙල්ලම සමහරුන්ට ඔට්ටුය.නමුත් ලාල්කාන්තට එය ගැලපුනේ නැත.
ලියන්නට බොහෝ දේ ඇතත් කාලය මදිය.එක දෙයක් අනුමාන කල හැක.ලබන පාර බට්ටා පනින්න තව එකෙක් සොයා ගතයුතුය.බට්ටා පැනලා තියා,පොලවේ පය ගහලාවත් නැති එකෙක් සොයාදුන්නොත් ඩිල්කාට සෙල්ලම ජයගත හැකිය.එවිට ඩිල්කාගේ කක්කා පැත්ත අපට පෙන්විය යුතු නැත.දෙරණ වැඩිහිටියෝ ලඟදීම මේ වැඩේ කරදෙනු ඇත.
වරුනි අමුනුගමගේ සමචතුරශය තුල ඩිල්කක්කාට තවදුරටත් බට්ටා පැනීමට ලැබේවා යයි පතමි.
(රාමචන්ද්‍රගේ අඩවියේ-ඩයිනමයිට් ඩිල්කා කියවන්න}
Aru

Friday, October 1, 2010

විරුවන් හිර ගෙදර—බල්ලන් රජ ගෙදර

ඉතින් අපි
කවදාක
හිනැහෙමුද
මේ රටේ….?
Aru

Sunday, September 26, 2010

නොමළ නුඹට

හැදුනේ එකම එක වහලක, එක    මවුනේ
සිදුවු සියලු හැම නපුරුය, මල     තුමනේ
කල දෑ නොකලදෑ කීමට,දිව       හඬනේ
අමතක කලේ නුඹ මිස මම නොව රජුනේ…..
වුන දේ ගියාදෙන් ඉවතක    ගියාදෙන්
අමතක මතක රිසිසේ රජ    වුනාදෙන්
ඇවැසි මඟක මම කල දේ  කලාමෙන්
ඇයි බැරි උනේ මලයො හත් වලාමෙන්…..
උවැසි අහක රජ අභරණ   ලැබවේවා
කැමති  තැනක රජ කුමරියො හිමිවේවා
නුඹත් මමත් රජ කුමරුන් සේ බෝවා
භවයේ දිනක ධම්මික අරුණම වේවා….
Aru

Saturday, September 25, 2010

අහිංසකාවියේ…

දකින්නේ අවට
අතිනත් බැඳ
තුරුල් වු
පෙම්වතුන්ගේ
පෙම් රැඟුම් නම්…..
පෙනෙන්නේ දසත
පොඩිවුන් හොවාගත්
ලබැඳි
පියවරුන්
මව්වරුන් නම්…..
පතන්නේ නුඹත්
ඇහැකි නම්
එවන් වු
පෙම් කවක් හෝ
ඉන් ඇබිත්තක්…..
හඬන්නේ මසිත
කෙලෙසදැයි
නුඹ නොදන්නේ
නංගියේ ….පොඩි වැඩිය
ඔබ එය නොදත්තත්……..
(ජීවිතයේ 41 වැනි කලට ලංවෙන මන්දමානසික නංගීගෙන් ලොකු අයියා අයදින සමාව.)
Aru

Thursday, September 23, 2010

චූටි දුව උඹට

රුක කි
ඔබ අපට
රුක් මැද…
පතින් පිරි
රුකය
පත් බර…………….
මලකි
ඔබ අපට
මල් මැද……
පෙතින්  පිරි
මලය
පෙතිබර…………………..
මිණකි
ඔබ අපට
මිණ මැද……
නිලෙන් පිරි
මැණික
නිලඹර………………………
දුවකි
නුඹ අපට
රන්කඳ……..
ගුණ  අගෙන්
සුපිරි
පෙම්බර
රුවැති වාසනා………….

Saturday, September 18, 2010

කන්සල් පඩ..

කනට ඇහුන විදිහට එක හාමුදුරු කෙනෙක් තව හාමුදුරු කෙනෙක් ගෙන් ඇහුවෙ,පන්සලක් තියෙනවා,අරගෙන කරමුද? කියලාය.මේ බොහෝ කලකට පෙරය.මට හිතුනෙ මේකත් තව කඩයක් අරන් කරනවා වාගෙ කියලාය.දැන් නම් මට හිතෙන්නෙ ගොඩක් පන්සල් ඇත්තටම කඩ පමනක් නොව සුපර් මාකට්ය.වෙනසකට තියෙන්නෙ මුදලාලි සරම බැනියම,කමිස කලිසම,අඳින්නෙ නැති එක පමනි.අනිත් එක දැනට විකුනනෙ ධර්මය පමනි.අනිත් එවාත් විකුනන්න ගත්තොත් මේවා කන්සල් පඩ පමනක් නොවි, රැන්සල් පා කඩ වෙන්නටත් බැරි නැත.
මේ වගට,
මම වෙමි,
පන්සලෙ ස්ථවීර.
Aru

Friday, September 17, 2010

නුඹට පමණය…


මතක මියැකෙනා දිනෙක
නුඹය BOOKMARK         එක
කඳුළු වැගිරෙනා නෙතට
නුඹය මගේ ලේන්සුව.
Aru

Tuesday, September 14, 2010

WAX AND POLISH

අධ්‍යාථ්මය POLISH කර
අධිෂ්ඨානය WAX කෙරුවිට
ඕනෑම කෙංගෙඩියක්
දං ගෙඩියක් SIZE යැයි
සිතිය හැක.
Aru

Monday, September 13, 2010

සුභ… සිහින

දකින්නකො සුභ සිහින
සුදු නෙළුම් ගත් ඇත් රජුන්
පිපෙන්නකො තව සත් පියුම්
තබන්නට පොඩි පා මොලොක්….
හැදෙන්නකො තව මාළිගා
රම්‍ය ,සුරමය,සුභ ලෙසින්
ලබන්නකො යුවතිය ලෙසින්
යශෝධර වැණි රුවැතියන්……
ලැබෙන්නකො දරු රුවන්
රාහුලම සේ මිහිරියන්
වඩින්නකො  මේ ලොවට
අසන්නට ඔබේ මෙත් වදන්…..


Friday, September 10, 2010

අයිවන්ගේ පාපකර්මය

EYE ONE(එකැස්) නොහොත් I ONE(මම අංක එක]ගෙ මාධ්‍ය අතීසාරය දැන්නම් අප්‍රියය.අති දුඟඳය.EYE ONEබලන්නෙත්,EYE ONE ට පෙනෙන්නෙත් එක ඇසකින් පමනක් බව අප දන්නේ, එදා වයෝවෘද්ධ සිරිමාවෝ අගමැතිනියට,තමන්ගේ මාධ්‍ය මුගුර භාවිතා කර බිමදමා පහරදී,චන්ද්‍රිකාට පුටුව සෙට් කරපු කාලේ සිටමය.රාජ්‍ය බලය තුලට එහෙම රිංගු EYE ONEපසුව චන්ද්‍රිකාව චෞර රැජිනක් ලෙස පෙනිනි.ඒ එක ඇසකින් පමනක් බලා ලියන නිසා වියයුතුය.ඒ මැඩම්ට කෙලවුනු පසුවය.මහින්ද මහත්තයාට එක ඇසක් ගැසු EYE ONE ඒ පැත්තේ කැරකුනේ බඩට යමක් දාගන්න බව ඕනම පොඩි එකෙක් දැනගෙන සිටියේය.දැන් එයා රාවය තුලින් ලියන්නේ ආන්ඩුවේ පුන්‍යකර්මයෙන් පසුව කරන පාපකර්මය ගැනය.[පසුගිය රාවය කතුවැකිය]
මේ මොහොතේ සිදුවෙමින් පවතින දේ ගැන අපටනම් කිසිම විචිකිච්චාවක් තිබුනේම නැත.ඒ අපි ඇස් දෙකෙන්ම බලන නිසාත්, පෙනෙන නිසාත් වියයුතුය.එක ඇසකින් බලන I ONEමම එක කියලාම සිතන්නේය.මට උඩින්කවුරුත් නැත, මම එකමය.මේ රෝගය EYE ONEරෝගයට වඩා බරපතලය.මේකට බෙහෙත් නැත.ඇසේ රෝගයට නම් අයිවන්ට හරක් වෙදෙක් ගාවට ගොස් බෙහෙත් තුන්ඩුවක් ලියගත හැක.
EYE ONE උනත් I ONE උනත් මෙයා කවුදැයි ,එයා හැරෙන්න අනිත් හැමෝම දනි.මෙතුවක් කල පාපකර්මවලින් මිදෙන්න දැන්වත් පුන්‍යකර්මයක් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.එහෙම බැරිනම් බොරු නොකොර හිඟාකෑම පිනිස වසා සිටින අනිත් ඇසත් ඇර ලෝකය දෙස බලන ලෙස බලකරමු.
Aru

Thursday, September 9, 2010

සබඳ අපි කිච නොවෙමු.

සජිත් ප්‍රේමදාස විසින් ලක්ෂ්මන් සෙනෙවිරත්නට ගැයු ගීතය.
සබඳ අප කිච නොවෙමු
හැමදාම ටොකු වදින……
රනිලයට වැඩේ දෙමු
සිරිකොතෙ රජ වෙන්න….
(සබඳ අපි කිච නොවෙමු]
දහ හතද,දහ අටද
ඒවා මට පොඩි වැඩිය…..
කරදියද,සුලුදියද
ඒවා දෙමු ටිල්වින්ට…..
(සබඳ අපි කිච නොවෙමූ)
අපේ හඬ,අපේ මග
සිරිකොතට පමනක්ද…
ඒකවත් බේරගමු
යන ගමන අන්දොස්ය…
(සබඳ අපි කිච නොවෙමු)
හොඳින් නම් හොඳින් බව
රවි දන්නේම නැද්ද……..
තාත්තත් මම වගේ
ලකී බොට අමතකද? ….
Aru

Wednesday, September 8, 2010

මයිල්ලෑවෙ කම්මල..


1948 දි මයිල්ලෑවට කම්මලක් ලැබුනෙ ගමට
උවමනාඋදලු නගුලු හදන්නට මිස මහ ආචාරියා නොහොත් ලොකු බාස්ට උවමනා ලෙස හරකුන්ට ලාඩම් හදන්නට නොවේ.එදා ඉදන් හදන්නෙම ලාඩම් මිස වෙන දෙයක්නොවේ.කලින් කලට එන ලොකු බාස්ලට මයිනහම ඇදලා දෙන්න කොල්ලො වැඩට ආවෝය.කම්මලෙ නැවතිච්ච එවුන්ට කිව්වෙ හිටුකොල්ලො කියාය.පුහ් කොල්ලො කියා කිව්වෙ ඕඩර් වැඩි කාලෙට හම ඇද, ගානකුත් කඩාගෙන,වැඩෙ ගොඩදාලා දෙන එවුන්ටය.ලොකුබාස් පුහ් කියපු ගමන් මුන් පන එපා කියාගෙන දුවන්නේය.මේවගෙ එවුන්ගෙන් දැන් කම්මල පිරිලාය.සාමනේර ඇත්තොත් පන්සල් අතැර ලොකු බාස් ගාව වැඩය.ලොකුබාස් දැන් හදන්නෙ 18 වැනි ලාඩමය.මින් පෙර ලොකුබාස්ලා හදපු එක ලාඩමක්වත්කිසි ගතියක් නැත,හරකුන්න්ටත් වැඩක් නැත.කම්මලටත් වැඩක් නැත කිය ලොකුබාස් කෑගසයි.හැමෝම හොල්මන්ය
.ලොකුබාස් දැන් ලාඩම ගහන්න යන්නෙ කකුලට නොව සුසුම්නාවටය.දැන් හරකුන්ගෙ කුර ගෙවී ඇතිනිසා ගහන්න ඕන තැන ලොකුබාස් දනී.සුසුම්නාවට ලාඩම් ගැසීම පහසු වැඩක් නොවෙන නිසා උදව්වට සහෝදර බාස්ලා ටිකක් සිටි.මෙදපාර දෙන්නෙ සුසුම්නාව කොරවෙන්නම බව වෙදමහත්තුරු කියති. මය්යිල්ලෑවෙ ලොකුබාස්ට ලගින්වත් තියන්න බැරි මකබාස් කෙනෙක්ද සිටි.මෙයගෙ වැඩපොල වැහෙන්න ඔන්න මෙන්නය.ඒකෙහිටපු කොල්ලො දැන් වැඩිහරියක් ලොකුබාස් ගාව වැඩයඉතුරු වෙල ඉන්න ටිකත් විස්කිරිඤ්ඤා කාලා වගෙය.මකබාස්ගෙ ගෑණි ලොකුබාස් ගාව වැඩටගියත් පුදුම වෙන්නදෙයක් නැත.වැඩපොල හුචස්ය.

ජර්සි හරකුන්ට ලාඩම් වැඩක් නැත.ඒ උන් බර අදින්නෙ නැතිනිසාය.උන්ට කම්මලක් තියා මය්ල්ලෑවක්වත් තිබුනත් එකය,නැතත් එකය.අනිත්වුන් නම් අයාලෙ යන හරකුන්ය.උන් පෝස්ටරයක්,කාඩ්බෝඩ් කෑල්ලක් කාගෙන සිටි.උන්ට කම්මල තිය උන් ගැනවත් අවබෝධයක් නැත.කුමකින් කුමක් වේදැයි කියා අපි මයිල්ලෑවෙ හරක් පට්ටියෙ වැට උඩට වි බලසිටිමු.