Saturday, October 16, 2010

සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,

සැන් ජෝස් පතලේ මැනුවෙල් මල්ලීට,


මම සුමනසිරි.මල්ලියේ උඹලා කට්ටිය බේරා ගත්ත බව දැනගත්තාම,මම සුමන සමන් දෙවියන්ට දණගහලා, පහනක් පත්තු කරලා ඉස්තුති කලේ ඔය දුක හොඳට දන්නා නිසයි.
පතල් වැඩේ අමාරුව දන්නේ පතලේ ඉන්න එකානේ බං.උඹලාට තරම් මහ ලොකු තේරුම් නැති උනත්,මම වැඩ කෙරුවේත් පතලක අඩීයෙම තමයි.මැනුවෙල් උඹලා එක අතකට හරි වාසනාවන්තයි.ඒ වගේම හරි ධෛර්යමත්.මම මිනිරන් පතල් අස්සේ ඉන්න කාලෙක පස් කඩන් වැටිලා, ගුනපාලයි,අබරන් මාමායි මලා.මම ඒවා ඇස් දෙකට දැක්කා.තුනුරුවන් සරනෙන් පලංචියක එල්ලිලා,නොන්ඩි ගගහ එලියට ආවා.එදා ඉදන් මම නොන්ඩි සුමනේ උනා.අපරාදේ කියන්න බැහැ ගුනවතී එදා ඉදන්ම තාමත් මාව බලාකියා ගන්නවා.ආනන්ද පුතාට කොච්චර කීවත් ඌ ගත්ත තීරනය හරි.බැහැමයි කිව්වා පතල් යන්න.
මොනවා උනත් මැනුවෙල් මල්ලියේ,දැන් ගුනවතීත් හරි අඩපනයි.ආනන්ද පුතා නම්,සිල්වා උන්නැහෙගේ අත් උදව්වට යනවා.
ඉතින් මැනුවෙල්,හොලිවුඩ් යන ගමන්වත් මේ පැත්තෙන් යන්න පුලුවන් උනොත් ගොඩවැදිලා යන්න වරෙන්.අපේ ගුනවතී ,සාරන උයන කොට තාමත් කොස් ඇට ටිකක් දානවා.උඹලටත් බත් ටිකක් කාලා යතැහැකි.උඹලා තිස්තුන් දෙනාට ,තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි.
මීට
කවදත් හිතැති
බෝගල පතලේ
සුමනසිරි.
Aru

Friday, October 8, 2010

රජානෝ පිලිගැනීම

පසුගියදා උතුරුමැද පලාත් අවට සංඝයාවහන්සේලා සඳහා පැවති සමුළුවකට සුදානම් කල පිලිගැනීමේ ගීතයයි.
පද රචනය—අනුරාධපුර හාමුදුරුවෝ
ගායනය——කරුනාරත්න දිවුල්ගනේ ආන්ඩුකාර තුමා
වේදිකා පරිපාලනය—-ජැක්සන් ඇන්තනි
තනුව/සංගීතය–රෝහන වීරසිංහ(මේ දිනවල ඇස් රෝගය බැවින්,ඔබට කැමති තනුවකට ගායනය කලහැක.)
පැරකුම්බා
තඩ බඩියෙකි—-රජානෝ
නුඹයි අපට බත් දුන් මහා රජානෝ…………..
.
ධාතුසේන
ඉල් ගබ්බෙකි—-රජානෝ
නුඹයි අපට වැව් හැදු ඒ රජානෝ…………
.
බුද්ධදාස
වෙර හොදෙක්ය—-රජානෝ
නුඹයි අපට වෙදකම් කල රජානෝ…………
.
විමලසුරිඳු
හී මරකෙකි—-රජානෝ
නුඹයි අපට විදුලිය දුන් රජානෝ………….
.
කන්නන්ගර
පැන් ගොටියෙකි—-රජානෝ
නුඹයි අපේ අධ්‍යාපන රජානෝ……………
.
බුදු සමිදුන්
ඒ කව්දැයි—- රජානෝ
නුඹයි අපේ දේශයේ බුදු රජානෝ…………//
(වේදිකා පරිපාලකට අනුව,අවසන් පදවැලට පසු, වේදිකාව දෙපස සිටින චීවරධාරීන් දෙදෙනෙකු විසින් දෙන නියමයකට අනුව සියළුම සංඝයා වහන්සේලා අසුන් වලින් නැගිට සාධු,සාධු,සාධු යැයි තුන්වරක් නාද කිරීමෙන් පසුව රජතුමා වේදිකාවට සම්ප්‍රාප්තවී දේශණය ආරම්භ කරනු ඇත.
Aru

දවල්ටත් ඩෝප්

මහාචාර්ය කඹුරුගමුවේ වජිර නායක හාමුදුරුවන්ටයි,
හාමුදුරුවනේ,මාධ්‍ය හමුවක් තිබ්බ බව දැක්කා.ඔබ වහන්සේ වමනේ දමමිනුත්,ඕමාරේ කස්සප කැහකැහත්,වටිනපහ උන්නැහේ තටම තටමත් කියන්න හදපු කුනුහබ්බේ තේරුනේ නැහැ.චාරයක් නැති උනත්,කට පොඩ්ඩක් සංයමයෙන් පාවිච්චි කරන්න එපාය නේද?මහාචාර්ය කෙනෙක්නේ නේද?අපි සාමනේරලා කාලේ අපිට එහෙම නේද කියලා දුන්නේ?
ඒකට කමක් නැහැ,ඒත් මම අහන්න හිතාගෙන හිටියෙ,ඒ දවස්වල ඔය ගොල්ලෝ බොන්න පටන් ගන්නේ බෝමළුවේ ලයිට් නිව්වටත් පස්සේ නිසා දැන් දැන් කොහොමද දවල්ටත් ඩෝප් වෙන්නේ කියල?පාප මිත්‍රයෝ ආශ්‍රය හොද මදි.මින් නවතමි.
තෙරුවන් සරණයි.
මීට
කස්සප එක්කම එකට පැවිදිවුන
අස්සජී.
Aru

මහන කෙනෙක්

පුද්ගලික ගුවන් නාළිකාවකින් ගීතයක් ඉල්ලන්න ගිහින් වෙච්ච දෙබසක්.
ආ…ඔයා කවුද…………..?
මම මේ මහන කෙනෙක්.
හා හා.අවසරයි,හොදමයි,හාමුදුරුවනේ.ඔබ වහන්සේ කොයි පන්සලෙන්ද?
නැහැ….නැහැ….අක්කේ…..ඔයට වැරදීමක්.පන්සලකින් නෙමේ…මම කැළණියෙ සමණල ටේලර් ෂොප් එකෙන්…..
හරි….හරි…හරි…ඔයා දැන් මොනවද ඔය මහන්නේ?
1994 නම් ජංගි මැහුවා…දැන් මහන්නේ ලංකට්….
දුරකතනය විසන්ධිවිය.
Aru

Wednesday, October 6, 2010

ඩිල්කාගේ බට්ටා පැනිල්ල



පසුගිය දෙරණ 360 බලපු අයටනම් ඩිල්කාගේ බට්ටා පැනිල්ල අපුරුවට දැකගන්නට හැකිවිය.බට්ටා පනින අනිත් කොල්ලො, කෙල්ලන්ට වඩා ඩිල්කා ටිකක් දක්ෂය.ඩිල්කාට බට්ටා පනින්න,ගෙදර වැඩිහිටියො හැම සුමානෙකම,කාවහරි ගෙදරට ගෙනත් දෙයි.මේ පාර ගෙනත් දුන්නේ ලාල්කාන්ත අයියාවය.රන්ජන් අයියලා,පබා නංගිලා එක්ක බට්ටා පැනලා ඇතිවෙලාය.ලාල් අයියා බට්ටා පැනලා තියන්නේ මැරහමුදා,යුනියන් ජුන්ටලා,පොලිසිය,ආන්ඩුව වැනි බට්ටා සෙල්ලමේ කප් ගහපු එවුන් එක්ක බව වැඩිහිටියෝ නොදැන සිට්යාද දන්නේ නැත.මොනවා උනත් මේපාර ඩිල්කා අවුට්ය.ගේමට අවතීර්නවී ටික වේලාවකින්ම මුහුනින් පෙනිනි.
වරුනි අමුනුගමගේ කොටුව තුල(රාමචන්ද්‍රගේ හැඳීන්වීමකි}බට්ටා පනින ඩිල්කා,රන්ජන් අයියලා පබා නංගිලාව ගේම් එකෙන් කුජීත කර දැමුවාය.ඒ ගේම් ප්ලෑන් එකම ලාල්කාන්ත අයියාටද ආදේශ කරන බවක් පෙනෙන්නට තිබුනි.ලාල් අයියා ඒවාට කදිම ලෙස පිලිතුරු දෙමින් ඩිල්කාව නිරුත්තර කර දමනලදි.ලාල්කාන්තගේ දේශපාලනය මොනවා උනත් ඔහු දක්ෂ පුද්ගලයෙකි.ඔහුට ඩිල්කා විසින් පිටපිට චෝදනා ඉදිරිපත් කරනාවිට,ලාල්කාන්ත කිව්වේ  කෝ රන්ජන්ට කලාවගේ ලිපිකියවිලි ඉදිරිපත් කරන ලෙසය.ඩිල්කා, බට්ටා කකුලෙන් අතට අරන් කිව්වේ ඔබතුමා කෙලින් උත්තර දෙන නිසා ඒවා උවමනා නැතිබවය.චෝදනා ඔප්පුකර ගන්න බැරිනම් ඉදිරිපත් නොකල යුතුය.ඩයිනමයිට් අතේ පත්තු නොකර ගත යුතුය.මේ සෙල්ලම සමහරුන්ට ඔට්ටුය.නමුත් ලාල්කාන්තට එය ගැලපුනේ නැත.
ලියන්නට බොහෝ දේ ඇතත් කාලය මදිය.එක දෙයක් අනුමාන කල හැක.ලබන පාර බට්ටා පනින්න තව එකෙක් සොයා ගතයුතුය.බට්ටා පැනලා තියා,පොලවේ පය ගහලාවත් නැති එකෙක් සොයාදුන්නොත් ඩිල්කාට සෙල්ලම ජයගත හැකිය.එවිට ඩිල්කාගේ කක්කා පැත්ත අපට පෙන්විය යුතු නැත.දෙරණ වැඩිහිටියෝ ලඟදීම මේ වැඩේ කරදෙනු ඇත.
වරුනි අමුනුගමගේ සමචතුරශය තුල ඩිල්කක්කාට තවදුරටත් බට්ටා පැනීමට ලැබේවා යයි පතමි.
(රාමචන්ද්‍රගේ අඩවියේ-ඩයිනමයිට් ඩිල්කා කියවන්න}
Aru

Friday, October 1, 2010

විරුවන් හිර ගෙදර—බල්ලන් රජ ගෙදර

ඉතින් අපි
කවදාක
හිනැහෙමුද
මේ රටේ….?
Aru