Wednesday, June 15, 2011

හමුදා ටින්කිරි !!!!!!!!!!!!!!!

                                 එතැනින් පසු ක්‍රම ක්‍රමයෙන් සිදුවූ සිදුවීම් මා ලියනවාට වඩා ඔබ සිතනවානම් වඩාත් සුදුසුය.සෙබලුන් කානු සුද්ධ කරනවාද,තක්කලි කිරනවාද යන්න තීරනය කල යුත්තේ හමුදා අධිකාරියය.එය අපිට අයිති රාජකාරියක් නොවේ.අති බිහිසුනු යුද්ධයකින් පසු ඉතිරිවන සොල්දාදුවාට සිදුවන්නේ තවත් යුද්ධයක් පටන් ගන්නා තෙක් ශාරීරික අභ්‍යාසවල යෙදීම සහ අනිකුත් වැඩ රාජකාරී වල යෙදී සිටීම විය යුතුය.එය හමුදාවේ පිලිවෙත දැයි මම නොදන්නෙමි.මම දකින්නේ මෙහි දේශපාලන සංදර්භයයි.
                        අභිමානවත් සොල්දාදුවාගේ සිට පාලකයාගේ ඕනෑම වැඩක් කරගත හැකි සොල්දාදුවා නැමති තැනට ඔවුන් පත්කලේ යම්කිසි අරමුණක් සහිතවය.සොල්දාදුවා නිකම්ම නිකම් පොලිස් කාරයකුගේ තත්වයට ඇද දැමීය.(පොලිසියට අගෞරවයක් නොවේ.)ඊයේ රතුපස්වල දැක්කේ ඔය ටිකය.හෙට වෙනත් පස්වලත් ඔය ටිකම අනිවාර්යයෙන් බලාගත හැකිය.වෙඩි තැබුවේ සොල්දාදුවා නොව උගේ මහ එකාටත් උඩින් උඩින් ඉන්න මහයකාය.මේ නව හමුදාපති තුමාගේ අලුත්ම නොවන ප්‍රථම අවවාදයයි.පරස්සම් වෙයව්.පුක හෝදන්න වතුර අපි දෙනකම් හිටපියව්.
                         මේ වනවිට රැඟුම්හල් පාලනය,අවන්හල් පාලනය,ඇතුලු එකි,මෙකි නොකී සියලුම පාලන සහ පරිපාලන කටයුතු හමුදාව අතට පත් කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ මහජනයා මීජනයා බවට පත් කර තබා ගැනීම හැර අන් කවරෙක්ද?හමුදා අවන් හලකට ගොස් ලුනු වැඩි කෑමකට ලුනු වැඩියි කිව්වොත් හෝ හොද්දේ මැස්සෙක් යයි කීවොත් පුකට පිස්තෝලය තැබීමට පවා බැරි නැත.මහ සමයම බලා නෙලුම් පොකුනේ පුටුවක හුජ්ජ ගියොත් වෙඩි කන්නට බැරි නැත.වතුර ඉල්ලපු එකාට මෙහෙම නම් හුජ්ජ කරන එකාට කොහොම වෙන්න බැරිද?මේ රට ඒ තරමින්ම හමුදාකරණයකට ලක් කරමින් සිටී.ඒ තුල අප කරන සියලුම දේ වැරදිය.උන් කරන සියලුම දේ නිවැරදිය.
                     එදා යුද්ධයේ අවසන මහා ජනී ජනයා කිරිබත් කැව්වේ ඒ වීර සෙබලාටය. නමුත් පාලකයින් කිරිබත් කවා ඉඟුරු තේ පෙව්වේ සොල්දාදුවාට නොව හමුදා පාලනයකට උචිත ක්‍රම වේදයන්ටය.ඒ දවස් වල මේ සම්බන්ධව අදහස් පල කරනවිට සමහරුන් ඇසුවේ,ඇයි මොකද හමුදාවට කියලා අහවල් මාර්ගයේ ඇරගන්න ඕනද කියලාය.රෙන්න තියෙන පුක නන්න කරගන්නේ මොකටද කිය අයින් වුනෙමි.
                                     නිහඬව සිතන්න!හඬ නගා නොකියන්න!ඔබ අතුරුදන් විය හැකිය!!!!!!!!

14 සහ JVP

                ප්‍රශ්ණ ඇතිවන්නේ සහ ඒ ප්‍රශ්ණවලින් විඳවන්නේ අහිංසක ජනතාවය.විරුද්ධ පක්ෂවලට සහ එහි නායකයින්ටනම් මේවා පුහු විරෝධ හෝ සටන් පාඨ පමනක් විය හැක.නැත්නම් මැතිවරණ ඉලක්කයන් විය හැක.වැලිවේරියේ මිනිස් ඝාතනයන් හා අන් සියලුම සිදුවීම් එක් තැන්කර ගත්තත් අද ආන්ඩුව සිද්ධ කරමින් යන්නේ තමන්ගේ මතයට එහායින් තවත් කිසිම දෙයක් සිදුවිය නොහැකිය යන ස්ථාවරයේ සිටය.මෙයට මුහුණ දීමට සහ විරෝධය පෑමට එක් පෙරමුණකට ගොනුවනවා හැර වෙනත් විකල්පයක් නැති බව ජනතා මතයයි.
              ප්‍රධාණ විපක්ෂය වශයෙන් UNP සමහර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලින් කර හැරියා සේම JVP අද පවතින මර්ධනයට විරෝධය පෑම සඳහා 14 වැනිදා පැවති කටයුතු වලින්ද කර හැරියා යැයි මගේ මතයයි.දැන් අවශ්‍යව ඇත්තේ පාට හෝ පක්ෂ නොව එක්වී සටන් කිරීම කෙසේ වෙතත් එක්වී මුහුණ දීමය.ඔසවාගෙන යන කොඩියේ පාට හෝ ලකුණ ජනතාවට වැදගත් නැත.JVPතේරුම් ගත යුත්තේ ඒ සත්‍යයය.සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට එක වේදිකාවේ සිට එකට මොරදුන් JVP නායකයින්ට අද පවතින්නේ ඊට වඩා දරුණු දේශපාලණ වටපිටාවක් යන්න වටහා ගැනීමට බැරිනම් එය විහිලුවකි.
                                   14 වැනිදා විරෝධතා ව්‍යාපාරය තුල  JVP නොසිටියේ හැමෝටම පෙර තමන් යන න්‍යාය ඉස්මතු කරගෙන නම්  JVP නිතරම කරගන්නා පරිදිම මෙතනත් කෙලවගත්තේය.මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවූ JVP අන්තිමට පක්ෂයත් පාක්ෂිකයාත් අතරමං කර දැමීය.ඒ සඳහා වෙනම තර්කයක් JVP සතුය.එය මෙතනට අදාල නොවේ.තව දුරටත් තම පාක්ෂිකයන් ගොනාට නොඅන්දවා හරි තැන හරි වැඩේ කිරීමට ඔවුන් යොමු කල යුතුය.මේවාට කෙස් පැලෙන තර්ක වැඩක් නැත.
                          රූපවාහිනි චැනල්වල වාද විවාද කරගන්නා තරමටම ප්‍රායෝගික තලයේද වැඩ සිද්ධවිය යුතුය.ආයතනවලට පත්වෙන ඔලුගෙඩි ගැන විශ්වාසයක් තබන්නේ නැතැයි කියන JVPය කලයුත්තේ සටන් ක්‍රියාමාර්ගවලට එක්වීම හැර අන් කවරක්ද?මේවා නිවැරදි කරගෙන ජනතාවට සාධරණයක් ඉටුකරගන්නට සුදානම් නැත්නම් ඒ පක්ෂවලින්,පාටවලින්,කොඩිවලින් සිදුකර ගන්නට හැකිවන්නේ අහිංසක මිනිස්සුන්ගේ මලගෙවල් වල ශෝකය ප්‍රකාශකරන්නන් පමනක් වන්නටය.
                   මහින්ද රාජපක්ෂගේ ඉඩි අමින් ස්වරූපය හඳුනාගත්තාට පමනක් සෑහෙන්නේ නැති බව ඔය ලොක්කෝ දැනගත යුතුය.14 වැනිදා සටනට විපක්ෂයේ අනිකුත් පක්ෂ සමග ඒකාබද්ධ වීමට ජවිපෙට හීනමානයක් තිබුනා නම් කලයුතුව තිබුනේ කොලඹින් පිට හෝ ආන්ඩුවටත්,හෙංචයින්ටත් ඇඟට දැනෙන විරෝධයක් සංවිධාණය කිරීමය.ඉතාලියේ පෝස්ටර් ගහපු බවනම් ආරංචිය.අපිට හැර අන් අයට සටන් බැරිය,අපි පමනක්ම සටන් කරන්නෝය යන යල් පැනගිය මනස්ගාත වලින් ජනතාවට වැඩක් නැත.
                    මේ සියලු ක්‍රියාමර්ග පලාත්සභා ඡන්දයෙන් පසු නැවත දියවී වාශ්පවී යන බවනම් මිනිස්සු අත්දැකීමෙන්ම දනී.කොල,රතු නොව කලු පාටින් හෝ සටන් එක්තැන් කලයුතු බව මගේ අදහසයි.අශ්වයා ගිය පසු වහලා වැඩක් නැත්තේ ඉස්තාලය බව ඔය කොයි අයියාත් දනී.ජවිපේ නායකයින් මොන න්‍යාය ඉදිරියට දැම්මත් ජවිපෙ පාක්ෂිකයන් මෙය තේරුම් ගත යුතුව ඇත.