Sunday, October 16, 2011

MARTHA BARRIOS

මාර්තාගේ ප්‍රාර්ථනාව
(චිලියේ මහා ගැලවුම මැද අතරමංවු මාර්තාට}
යොනි……ගෙදර වහල කඩා වැටුන දවස් වලත්,උඹ මං ලඟ හිටියා නේද?ඔව්……ඔව්….ඔව්….මේ ….අහිංසක මාර්තා ලඟ.
ඇයි යොනි……..පතල කඩා වැටුනු ගමන් උඹේ මාර්තාට ඉස්සෙල්ලා සුසන්ව මතක් උනේ?
අපේ ගෙයි වහල,පතලේ වහලට වඩා,බර වැඩියිද යොනි?
කමක් නැහැ ඔයා යට ඉදන් උඩට ආවානේ.මම ප්‍රාර්ථනා කලේත් ඒ  ටිකම තමයි.හිනාවෙලා හිටපන් යොනි… හිනාවනම් ඉස්සර වගේමයි…
මට කඳුළු කොහොමත් එකයි……..මඟේ කඳුළු කොහොමත් දුකයි…
මේ තාම උඹට ආදරේ…….කොන්ඩේ සුදු මාර්තා බැරියෝස්.
(WITH HIGH RESPECT TO MARTHA BARRIOS—RESCUED CHILEAN MINER YONI BARRIOS’S WIFE)

Tuesday, October 4, 2011

හේනට ගොස් එන අම්මා ජල පහරින් මරුට(පුවතක්)

කඳුළු නොවේ හේනට ආවඩන්     නේ
හයිය පමනි හේනේ පැල් රකින්    නේ
අලි ඇත්තුත් පන දුන් මවු රජුන්    නේ
කිමද හනික වතුරට හිස  නමන්    නේ ………..
.
හැඬුනා වුනත් හිත හඬනට නොදෙන්  නේ
බඩගිනි උනත් නැහැ  කුස එය කියන්  නේ
මා පොඩි තමයි මගෙ පෙම්බර මවුන්    නේ
හිටින් අවට  මා තනිකර නොයන්       නේ…….
.
කෲර අලි වලස් හේවා සටන්         මැද
කලට නොවසිනා වැහි හෝ අකුනු    මැද
ළපටි කුරක්කන් හා ඒ බඩ ඉරිඟු     මැද
අම්මේ වෙයන් මගේ ලෝකයේ සුපුන්  සඳ………
Aru

Monday, October 3, 2011

එළකිරි–කිරි වස්සා

කිරි වස්සා ඊයේ පෙරේදා එළකිරි ටෝක් එකක් දුන්නේ,උතුරුමැද පලාතේ පිටිකිරි බොන අයටය.කිරිවස්සා පෝස්ටර් අලවන කාලේවත් ලක්ස්ප්‍රේ,නෙස්ප්‍රේ බීවේ නැතිබව කියන්නේ ඕකාව පුෂ්ටිමත් කල සගයන්මය.බීවේ එළකිරිය.එළකිරි නැත්නම් ප්ලේන්ටීය.
කිරිවස්සා යැයි ඇමතීම,වසු පරම්පරාවටම අවමානයක් නිසා කිරිවංශයා යැයි කීම අනිත් වංශලාට අපහාසයක් යැයි නොසිතමි.දැන් දැන් කිරිවංශ කැබිනට් සාමුහිකථ්වයට ඉහල අගයක් දෙමින් අනිත් මැත්තැන්ගේ විෂයපථයන්ටද කකුල උස්සා චු පාරක් දමයි.
කිර ඇමතියා තාම ඉන්නේ වෝල්ඩෝෆ් හෝටලයේද නැත්නම් ලංකාවේද කිය දන්නේ දේවානන්ද හෝ වීරකුමර දිසානායක පමනි.ඒ මොනවා උනත් කිව්ව පලියට එළකිරි බොන්න නැති උනත්,තාමත් වැඩිපුරම පාරිභෝජණය පිටිකිරි බවත් කිරිවංශයා දන්නේ නැත.කිරාගේ අදහස පැහැදිලි නැත.පැහැදිලි අදහසක් ඒලියට එන්නේ නිරවුල් මනසක් තුලින් පමනි.කිරි නිෂ්පාදනය වැඩි කිරීමට,කිරිවංශයා හිටපු පට්ටියේ,හිටපු කෘශිකර්ම ඇමතිතුමා එවකට ඉදිරිපත් කල අදහස් සහ ප්‍රථිපත්ති තරමක් හෝ දුරට යථාර්ථවාදිවිය.මුහුනට මුහුන බලා කතා කරන්නේ නැත්නම්, කිරිවංශට ඒ ගැන හිටපු ඇමතිගේ දුරකථනයට ඇමතීමෙන් දැනගත හැක.
පාන්පිටි සහ පිටිකිරිවලට මේ කපේට බදු සහණ දෙන්නේ නැත්තේ ඒවා බහුජාතික සමාගම් නිසා යැයි කිරිවස්සා දෙසයි.මුට කකුල් දෙකක් මදිවාට වලිගයකුත් තියෙන්නේ ඒ නිසාමය.වලිගය තියෙන්නේ මැස්සන්ට බැට දීමට උනත්,මේ කිරිවස්සා බැටදෙන්නේ, බොන කහට කෝප්ප්යට පිටි හැන්දක් මිශ්‍රකරගන්නා අහින්සකයන්ටය.පාන් කාලක්,පරිප්පුවේ ඔබාගන්නා අසරණයන්ටය.ගංජා ගහලා ඉන්න අයට නම් මේවා ඥාණකතාය.
කිරිවස්සා බදු ප්‍රථිපත්තියත් කතා කරයි.බදු ප්‍රථිපත්ති හදන්නේ කිරිවස්සාද,මහවස්සාද යන්න අපිට ප්‍රශ්නයක් නොවේ.බහුජාතික සමාගම්වලට රිද්දන්න උවමනානම්,ඒ සදහා වු දේශීය ආර්ථික ප්‍රථිපත්ති ශක්තිමත් විය යුතුය.රටේ ශ්‍රමිකයා ගෙදරට වී ඉන්නා විට චීන්නු බදාම අනිනනවා දකිනවිට කිරිවංශයාගේ හොම්බට දෙකක් අනින්නට සිතේ.අනින්නට පෙර හොම්බ උලා ගන්නා බවනම් පෙනේ.උලා කෑමත්,උලා ගැනීමත් වස්සන්ට මහ ලොකු දේවල් නොවේ.
අර ලාල්කාන්ත කිව්වා වගේ,ලිංගෙම්බෙක් වෙනවාට වඩා,ගස් ගෙම්බෙක් වීම වඩාවටී,අඩුම ගානේ ගස්ගෙම්බාට අවට පරිසරයවත් දැකබලා ගතහැකිය.
Aru