Saturday, July 30, 2011

අමු කුරහන්????

                 ඉරිදා දිවයිනේ කැමැත්තෙන් කියවන එකම කොළමවන මඤ්ඤං කොළමේ,බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන අරක්කු බොන මොඩ් ගොවියෙක් ගැන සඳහන් විය.මොඩ් ගොවියා කවුද යන්න පසෙක දමා සිද්ධිය ගැන කල්පනාවක් ගැහුවෙමි.කරුනු තුනක් ඔලුවට ටොකු අනින්න පටන් ගත්තේය.
1)බුද්ධ රූපයක් බෙල්ලේ එල්ල ගැනීම
2)ඩෝප් එක දැමීම
3)බෙල්ලේ එල්ල ගෙන ඩෝප් එක දැමීම
                       සම්ප්‍රදායික කතෝලිකයින්,ක්‍රිස්තියානුවන් කුරුසිය හෝ යේසුන් බෙල්ලේ එල්ලගත්තේ අනාදිමත් කාලයක සිටය.එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂනයක් විය.අපේ ආච්චි උපතින් කතෝලික බැවින් අතේ කුරිසියක් පච්ච කොටා තිබුනි.පසුව ඇය බෞද්ධාගමික විය.ජීවත්ව සිටියානම් දැන් සියක් වසරට ආසන්නය.
                 බෞද්ධයින් ආගමික සංඛේත ආභරණ ලෙස පැළඳීමක් සිදුවුවායැයි මම නොදනිමි.නමුත් දශකයක දෙකක සිට ධර්ම චක්‍රය බෙල්ලේ එල්ලගැනීම නම් දක්නට ලැබුනි.එයද ආගමික ගැම්මකට වඩා ප්‍රදර්ශනාත්මක ගැම්මක් යැයි සිතුනේ කමිසෙටත් උඩින් එය එල්ලි එල්ලී තිබුන නිසාය.බුද්ධ රූප බෙල්ලේ එල්ල ගත්ත කොල්ලෙක් නම් මම තාම දැක නැත.අර කොළමේ හැටියටනම් එහෙම අයත් ඉන්නවාය.
ඩෝප් වෙලා පොලිසිවල ලගින හාමුදුරුවරු ඉන්න රටේ බුද්ධ රූපයක් පච්ච කොටා ගත්ත එකාට රටට ඇතුල්වීම තහනම් කතාව වෙනම දෙයකි.සැබෑ බෞද්ධයාට එම දර්ශනය අධ්‍යාත්මික සැනසිල්ලක් සහ මාර්ගෝපදේශයක් පමනක් මිස ප්‍රදර්ශන භාන්ඩයක් නොවන බව මගේ පෞද්ගලික වැටහීමයි.
             දෙවනුව, ඩෝප් වීම හෙවත් අරක්කු බීම ගැන නම් යමක් ලිවීමට අකමැත්තක් හිතෙන්නේ මමත් කැමති කැමති වේලාවට තිතට මත නිසාය.කාටවත් වනයක් නොවී,බිබිලක් නොවී අරක්කු ටිකක් බොන එක අවුලක් කියා මටනම් හිතෙන්නේ නැත.(සෞඛ්‍ය සහ ආගමික අමාත්‍යාංශ කලබල විය යුතු නැත.)
                   තෙවනුව.අර කොළමෙන් මතුවෙන්නේ හෝ මතු කරන්නට උත්සාහ කරන්නේ බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන,අරක්කු වීදුරුවක් අතේ තියාගෙන සිටීම සම්බන්ධවය.මෙවන් මාතෘකා එලියට එන්නේ මේ ප්‍රදර්ශනාත්මක මැටි බෞද්ධයින් නිසාය.මුන්ට බොන්නත් ඕනය,ආස දෙයක් කන්නත් ඕනය,ගම් කබර පචත් කෙලිනවාය,ගෙදරට හොරෙන් කොටුත් පනිනවාය ඒ මදිවට මම තරම් බෞද්ධයෙක් නැතැයි පෙන්නීමට බුද්ධ රූපත් බෙල්ලේ එල්ලගෙනය.තුන හතරක් එක පාර කරන්නට බැරිය.ආතල් එකක් ගන්න ඕනනම් එල්ලගෙන ඉන්න බුද්ධරූපේ වැහෙන්න බොත්තම් ටිකවත් දාගන්න මතක තබා ගත යුතුය.නැත්තම් හෙට අනිද්දා සාරඥාණ උන්නැහේ මිසයිල් ගහන්න පටන් ගන්නවාය.එතකොට අහක ඉන්න අපිටවත් අහිංසක ආතල් එකක් ගන්න බාධාය.මේවා අමු කුරහන් වැඩය!!!
            මොඩ් ගොවි කතා මැද තව වැඩක් සිදුවිනි.පහුගියදාක යාලුවෙකුට කෝල් කරනවිට ඌ ශූර ගොවියා ෆයිනල් බලනවාය.අදහස හොඳ වුනත් පැහැදිලි මදි නිසා මම ඕක බලන්නේ නැත.සී.අයි.සී. පොහොර තියා සහණ පොහොර ටිකවත් නැති ගොවියාට මේවා මාකටින් මීහරක් වලවල්ය.නිකමට මෙන් කවුද ශූර ගොවියා යැයි ඇහුවෙමි.ශූර ගොවියා ගයාන් වික්‍රමතිලක බවත් දෙවැනියා නිල්මිනි තෙන්නකෝන් බවත් පැවසිය.මම දන්න ගයාන් කෙනෙක් නැති වුනත් නිල්මිනි නම් නිලියක් බව දනිමි.කතන්දරේ තේරුනේ පසුවය.තේරෙයි හැබැයි කල්යයි කියන්නේ මේවටය.
           ඇත්තටම ශූර ගොවියා ප්‍රසන්න තිලකරත්න නම් දක්ෂ ගොවි මහතෙකි.අපි ඔහුව අගයමු.ගොවියා මාකට් විය යුතු තැන මාකට් වෙන්නෙත් වෙන එවුන්ය.
                         නිකමට හිතන්න.මේවා නම් අමුම අමු කුරහන්ය.!!!!!!!!!!

Tuesday, July 26, 2011

ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල………..

                        ජැක්සන් ඇන්තනීට පනාපුත්‍ර යැයි කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යැයි දනිමි.නදීක ගුරුගේ ජැක්සන් අමතන්නේ පනා සහෝදරයා යයි කියාද අසා ඇත.කලකදී ඉඳන්,ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් අහගෙන ඉන්න අප්පිරිය නම් වලින් මොහු අමතන බවත් දන්නෙමි.සමහර නම් මර්වින් සිල්වාටවත් අහගෙන ඉන්න තරම් කැතය.
                               පනාපුත්‍ර කියන එක ටිකක් සාරිපුත්‍ර,මේඝපුත්‍ර,දේවපුත්‍ර වගේ වැදගත් කොටසට වැටෙන නිසා මමනම් කියන්න කැමති කොස්පුතා කියලාය.අර්ථයටත් හානියක් නැත.මොනවා උනත් අර්ථගරුක විය යුතුය.අපේ ගෙවල් ගාව ඉන්න කිත්සිරිට “ත”යන්න වෙනුවට කියවෙන්නේ “ක”යන්නය.උගෙ නම ඇහුවාමත් කියන්නේ කික්සිරි කියලාය.ඌ කොස්පුතාට කියන්නේ කොස්පුකා කියලාය.ඒ කලකට පෙරය.දැන් කොස් වැල වෙලා නිසා වැලපුකාය.මොකෙන් ඇමතුවත් ඒ ජැක්සන් ඇන්තනීය.
                             ජැක්සන් දක්ෂය.ඒ ගැන වාද විවාද නැත.ඇත්තට ඇත්ත කීමත් බොරුවට බොරුව කීමත් හරි මිනිස්සුන්ගේ හැටිය.දැන්නම් බොරුවට කියන්නේත් ඇත්ත කියලාය.ඒ හරි මිනිසුන් නැති නිසාය.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමෙන් පසු,ඔහු නොයෙලින් හොන්ටර් සමග දක්ෂ ලෙස මෙහයවමින් සිටි ආයුබෝවන් රූපවාහිනි වැඩසටහන මෙහෙයවීම ජැක්සන්ට බාරවිය.ඔහු එවිට යම් තරමක් දුරට ජනප්‍රියය.ඔහු එය මැනවින් ඉටු කරන ලදි.ප්‍රේමකීර්තිගේ දේහය කලාභවන තුල තැන්පත් කර තිබු දිනයක,නොමෑඩ්ස් ක්‍රීඩාංගනය තුල තිබූ බියර් බොන තැනකදී එයට වඩාත් සුදුසු ජැක්සන් බව කීප දෙනක් කථිකා කරමින් සිටි බව මතකය.ජැක්සන්ද එතැන සිටියේය.සුගතපාල ද සිල්වා,අමරබන්දු රූපසිංහ,ලූෂන් බුලත්සිංහල,සමන් ආතවුද ආදීන් කථිකා කරුවෝ බවත් යාන්තමට මතකය.මෙය කිසි සේත්ම නිල කථිකාවක් නොවීය.{අමරබන්ධු රූපසිංහ අති දක්ෂ උතුම් මිනිසා ගැන වෙනමම ලිවිය යුතුය.}එම යෝජනාව ජැක්සන්ට මහත් ගෞරවයක් විය.ඔහුට ඒ මොහොතේ ඇතිවු ආඩම්බරය ,නිර්ව්‍යාජ සිනහාවකින් වසාගත් සැටි මට දැන් මෙන් මතකය.
                          දැන් ඒ ජැක්සන් මියගොස්ය.නැත්නම් මැරි මැරී උපදිනවා විය යුතුය.මැරි මැරී උපදිනවා යැයි කිව්වේ ,මේ දවස් වල වැලපුකා ජැක්සන් ඇන්තනීගේ මතක විත්ති පත්තරවලට ලියන නිසාය.ඔව්.එවා මිහිරිය,කටුකය.නමුත් දැන් ඉන්නේ ජැක්සන් නොවන නිසා කියවන අයට ඒවා අපුලය.වැලපුකා උපන්දිනයට වැඩිහිටි නිවසකට දානයක් දුන්නේ යැයි ඡායාරූප සහිතව මාධ්‍යතුල දුටිමි.ඒවා හොඳ වැඩය.ලැජ්ජා නැතිව ප්‍රසිද්ධ කර ගැනීම නොදොකින්ය.
                        මේ සියලු දේ කරන්නේ ජැක්සන් නමැති මිනිසා නැවත උපද්දවීමටය.වැලපුකා දැන් ප්‍රමාදය.එය නැවත ගොඩනැගීමට නොහැකිය.වැලපුකාගේ උපන්දිනයට ඇස්වහ කටවහ යන්නට දෙහි කැපු බවක් මාධ්‍යහි පලවිය.බෙලි කපන එවුන් සමග යහන් ගතවී දෙහි කැපුවාට පලක් නැත.කපා ගතයුතුව ඇත්තේ හොඳට වැඩුනු අං දෙකය!!!!!!!!!!!!!!!!.

Thursday, July 21, 2011

ස්වප්න මෝචනය

මේ ලියන්නේ තාත්තා දයා ගැන නොව කුරුණෑගල දයා ගැනය.දයාසිරි ජයසේකර ගියත් එකය,හිටියත් ඒ ටිකමය.දයාගේ ආගමන විගමන තුලින් වයඹුන්ට ඇතිවිය හැකි සමාජීය ප්‍රවර්ධනයක් ඇත්තේම නැත.ඔවුන්ගේ කෘෂි-ධීවර ගැටලු,කැසිකිලි-වැසිකිලි ගැටලු,විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ගැටලු,පාර ප්‍රශ්න සහ මාර ප්‍රශ්න තියා ඔවුන්ගේ ලිංගික-සමලිංගික ගැටලු වලටවත් විසඳුම් නොවන්නේ මේවා ප්‍රතිපත්තිමය අරුත් මත සිදුවන යාම් සහ ඊම් නොවන බැවින්ය.
දයා ගියා වුනොත් විය හැකි ප්‍රධාන සිදුවීම් තුනක් ඇත.
1)සජිත්ගේ පිල ප්‍රභල වීම
2)දයා තව කසාදයක් කරගැනීම(මනූශ වගේ)
3)ලොක්කාගේ චූ එක චූන්වී පඬුවස්නුවරට එයාර්පෝට් එකක් සහ කල්පිටියට හාබර් එකක් සෑදීම
දයාසිරි සම්බන්ධ මෙතරම් ප්‍රවෘත්ති පලවන්නේ,පත්තර කාරයින් සහ ටීවි කඩ කාරයින් වයඹ ජනතාවට වඩා දයාසිරිට ආදරය නිසාය.
එබැවින් මේවා කණට කොහොම වුනත් ඇඟිල්ලටවත් චූන් නැති ස්වපන මෝචන පමනි.