Monday, July 22, 2013

ප්‍රමිථි පුත්තු සහ ඇමති පුත්තු!


ඊයේ පෙරේදා මාතලේ දිස්ත්‍රික්ක්යේ මැතිවරන රැස්වීමක් ඇමතු අපේ ආචාර්ය තුමා ඇදගෙන නෑවා පමනක් නොව බාල්දියත් ඔලුවේ හිර කර ගත්තේය.හරිහමන් ඔලුවක් නැති නිසා බාල්දිය තුවාල නොකොට ගලවා ගෙන ඇත.වටින්නේ බාල්දිය නිසාය.
                      මාතලේ ඇමති පුතා ප්‍රමිත බංඩාර තෙන්නකෝන්ය.අපි ඔය හාදයා ගැන වැඩිපුර නරක කතා අසා නැත.කියවා නැත.නැතිවෙන්නත් බැරිය.මොනවා උනත් ප්‍රමිත ගැන කතා කරන්න ගිය ආචාර්ය තුමා කිව්වේ හැම දෙයකටම ප්‍රමිථියක් ඇති බවත්,තමාටත් ප්‍රමිථියක් ඇති පුතෙකුගේ උවමනාවක් ඇති බවය.ඉන්න එකාට ප්‍රමිතියක් නැද්දැයි ඇහුවේ අරූගේ ගෑණී අරකිය.ඉන්න එකාගේ ප්‍රමිථිය දන්නේ උගේ මහ එකා මිස,ආචාර්ය තුමා නොවේ කියා කියන්න හිතුනත්,නොකිය හිටියේ ටික්කෙටම දන්නැති නිසාය.ආචාර්ය තුමී හමුවු විට අසා දැනගත හැක.
                         අප්පා මොකා උනත්, ඉන්න එකා කරපු දේවල් ගැනනම් දුටුගැමුණුගේ ඉතිහාස පොතටත් වඩා දිගට ලිවිය හැකිමුත් අර ගුටි කාපු නොකාපු මේජරයා අප්සෙට් වන නිසා නොලියමි.ඉන්න එකා ප්‍රමිථියකට හදාගන්නැතුව අලුතෙන් ලමයි හදන්න කතාකරන්නේ පහනක් උනත් නිවෙන්න ලංවෙනකොට වැඩි ආලෝකයක් දී නිවී යන නිසා වියයුතුය.
                         අපිට ඉන්න ඇමති පුත්තු සෙට් එක දුටුවිටනම් ප්‍රමිථියකට ඉන්න එකෙක්වත් ඇද්දැයි අහන්න වෙන්නේ මාධ්‍ය ඇමතිගෙන්ම පමනය.එයා අපිට වඩා ආචාර ධර්ම දන්න නිසාය.මෙහෙම පුත්තු ඉන්න රටේ මුන් කථා කරන්නේ සරසවි සිසුන්ගේ විනය ගැනය.දුක ඒ ගැනය.
                  මොන කතා ලිව්වත් මේ ජන්දෙන් පසුවත් තව ඇමති පුත්තු බාන් බාන් පිටින් මේ පලාත් සභා හරක් මඩුවලට දක්කන එක නවත්වන්න බැරිය.ඉදිරි පරම්පරවේ අනාගත සැලසුම් කරුවන් වන්නේ මෙලෝ රහක් නැති මේ අපතයන් සෙට් එකය.
                      මුන්නේශ්වරම් පැත්තේත් ජන්ද වැඩ නිසා කෝවිල පැත්තෙත් ගිහින් එන්න.එලුවෝ,කුකුලෝ සෙට් එකක් හලෝ කියන්න බලන් ඉන්නවාලු.ජන්ද කරන්න ගියේ ප්‍රමිත පුතා වෙනුවෙනි.කතා කරේ ප්‍රමිථි පුතෙක් හදන්නය.ආචාර්ය තුමා රජගෙදර කවටයා බව රටම දනී.දැන් දැන් ලොවම දනී.
ප.ලි.–ප්‍රමිත කියන වචනයෙ තේරුම කුමක්ද?සිංහල දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්න ප්ලීස්.!!!!!!!!!!!!!!!!!

Friday, July 19, 2013

දයා සහ නයා

අපේ තාත්තා නම් අපූරු පුද්ගලයෙකි.සුන්දරවූ මිනිසුන් අතර සුන්දරතමයෙකි.හිත හොඳකම හිසටත් උඩින්ය.ප්‍රමානික උගතෙකි.සෙරෙප්පු හොරකමකටවත් පන්සලකට ගොස් ඇද්දැයි නොදනිමි.බත් පත, සරම පවා දන් දෙන්නේ කාටත් නොදැනමය.පෝය දවසටවත් අඩියක් නොගහා හිටිය බව නොදනිමි.මෙය ඔහුට අගෞරවයක් නොවේ.පාර තොටේ අතරමං බලු,බළල් පැටව් කුදලගෙන එන්නේ අම්මාගේද අපගේද නොමද ගෞරවයට පාත්‍ර වෙමිනි. ඒ බැනුම් ගැන නම් වගේ වගක් නැත.දැන් අවුරුදු අසූවකි.මීට අවුරුදු දහයකට පමන පෙර සිට අඩි ගැසීමෙන් හා  දුම් බීමෙන් වැලකී සිටින බව ඔහුට ගෞරවයක් ලෙස දන්වා සිටිමි.වැලකී සිටින්නේ අසනීප තත්වයක් නිසා  නොවේ.
අම්මාගේ නම දයාවතී ය.තාත්තා දයාරත්නය.තාත්තා අම්මාට ආදරයට කතා කරන්නේ දයා කියලාය.මල පැන්නවිට කියන්නේ”දයා මාව නයා”කරගන්න එපා කියාය.මල ඩබල් වූ විට,දයා සහ නයා මැදට උඹ වචනයද ආදේශවේ.
ආදරයට දයා වෙන්නෙත් කේන්තියට නයා වෙන්නෙත් හරි අපූරුවට නේද?වචන දෙකද එලිසමය.ලියාගන්න ඕන උනේ ඔය ටිකය.

Thursday, July 18, 2013

පෙරටුගාමි කුකුල් කොටුවට නරි පනී


කොහොල්ලැ ආතල් එක නියමෙටම ගන්න ගිය විමලගේ ඩිපාචර් එකෙන් පස්සෙ ජේවිපි එකට මුහුන දීමට සිදුවු සෙකන්ඩ් ඇටෑක් එක පෙරටුගාමි කුකුල් පැටවුන්ගේ ඩිපාචර් එකය.ෆයිට්,කිඩ්නැප්,ලව්,සෙක්ස් අනං මනං හැමදේකටම පස්සෙ දිමුතු මෙහෙ දමා මහ කුකුලා හෙවත් පොර කුකුලා, කුමාර් ඩිපාචර් විය.
මේ සියලුම භෞතික වෙනස්වීම් මැද, කුකුල් පැටවුන් තව දුරටත් භූ තලයෙ හෝ වා තලයෙ පහුරු ගාමින් සිටියද කිසියම් හෝ ඉදිරි දැක්මක්,සැලැස්මක් බලාසිටින අපට නම් දක්නට නොලැබේ.පහුරු ගෑවත් පනුවෙක්,ගැඩවිලෙක් තියා වී ඇටයක්වත් ඇති නැති ගානය.වා තලයේ පහුරු ගෑවාට කෑම ලැබෙන්නෙ නැත.භූ තලය පහුරු ගෑ යුතුය.සිසු සටන් තුල ඉස්මතුවීම් දක්නට ලැබුනද, දැන් දැන් සිසු කුකුල් නායකයා උසාවි බිම තුල පවා තනිවී ඇති සෙයක් පෙනේ.එය එසේ සිදු නොවිය යුතුය.ඔහු තනි නොකල යුතුය.කුකුල් පැටවුන් පමනක් නොව ,නරි හැර අනිත් සතුන්ද එය දැන ගත යුතුය.
අහන්න,දකින්න ලැබෙන විදියට නම් පෙරටුගාමි කුකුල් කොටුවට දැන් නරි පැනලාය.සමහර මහ කුකුලන් එංගලන්තයේය.අනිත් පැටව් ගැන දන්න අය ඉන්නවානම් මේකට එකතු කරන්න.ඉලෙක්ෂන් වලට වඩා ගොඩක් වැදගත් වැඩ මේ කස්ටියට තියෙන බව පත්තරේ තිබුනි.ඒකනම් ඇත්තටම ඇත්තය.හැබැයි මොනවාද කියා දැක්කෙනම් නැත.
මොනවා වුනත් තනි වුනෙ,නන්න වුනේ ඈස් යූෂුවල් යට තට්ටුව හෙවත් කුකුල් පැටවුන්වය.උඩින් උඩින් පෙත්තප්පුලා ටික කොහොම හරි කොහෙට හරි ඉගිල්ලෙයි.උන්ට නම් රිම් එකෙන් ගියත් ජීවිතේ ෆුල් ටෑන්ක්ය.

යහපාලනය

යහපාලනය
නොදෝකින් විතරක්
අහලා අහලා
එපා වෙලා……..
දැක්ක තැනකින්
ගෙනත් දියන්
මිරිස් එක්ක
උරච්චි කරල
කියන එවුන්ගේ
කටේ උලන්න….

Wednesday, July 17, 2013

අමුතු මිනිස්සු


මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශයවන අමුතු මිනිස්සු ටෙලිනාට්‍යය ගැන යමක් ලියන්නට හිතුනේ එය අමුතු නිර්මානයක් නිසාය.තවමත් මෙය ප්‍රචාරය වෙමින් පවතින නිසා මෙගාද බඩීද කියා නොදනිමි.කොටස් කිහිපයක් නැරඹීමෙන් පසු යමක් ලිවිය යුතුමයි සිතුනි.
බඩකඩිත්තු මෙගා උන්මාදයෙන් අන්දමන්දවී සිටින ප්‍රේක්ශකයින් එයින් ගලවාගන්නට මේ නිර්මානයට පමනක් හැකිදැයි නොදනිමි.පලමුවෙන්ම කිවයුත්තේ මෙය රූපවාහිනිය ඉදිරිපිටම සිටම නැරඹිය යුතු නාට්‍යයක් මිස කුස්සියේ සිට ඇසිය යුතු එකක් නොවන බවය.හුදෙකලාව රුචිකරන මානව නම් තරුනයා(රොශාන් රවින්ද්‍ර කේන්ද්‍රීය කොටගත් සමාජ වටපිටාව හරහ ගොඩනැගී ඇති කතා පුවතකි.
රොශාන් රවින්ද්‍ර මානවගේ චරිතයට ඉතා ප්‍රභල මැදිහත්වීමක් කර ඇති බව පෙනේ.ගංගු රොශානා,හේමසිරි ලියනගෙ.බුද්ධික ජයරත්න දක්ෂ රංගනයක නිරත වේ.විමල් කුමාර ද කොස්තා නැවතත් ඔහුගේ අති විශිෂ්ඨ රංග කාර්ය්‍යට පිවිස ඇත.සංගීතයේ සියුම් නාද රටා නිර්මානයට අත්වැලක්ය.
රන්මිනිතැන්න හී ආකෘතියන් වල කෘතීම ගතිය දැනේ.සතිඅන්තයේ පමනක් ප්‍රචාරය වනවානම් තව දුරටත් ගෝචරය කලගත හැක.කෙසේ වුවත් තවමත් කොටස් කීපයක් පමනක් ප්‍රචාරය වී ඇති බැවින් වෙනත් යමක් ලිවිය යුතු නැත.ලිව්වේ ලියන්නට සිතුනුම නිසාය.හැකිනම් මුල සිටම බලන්න.
අවුරුදු තුනකට පස්සේ ලියපු පලවෙනි පෝස්ට් එක.දිරිමත්කල මාතලන් ඇතුලු සියලු බ්ලොග් සත්වයින්ට ස්තුතියි.

Monday, July 15, 2013

ෆැන්සි පන්සල්?????


අම්පාර පැත්තේ තවත් අසපුවකට මුල්ගල් තැබු බවත්,අවට පන්සල් වලින් විරෝධතා පැවැත්වු බවත්,මුල්ගල් තැබුවේ මහතැන් වල ලොකු ලොකු අය බවත් ආරංචිය.විරෝධතා පැවත්වුයේ කුමන සේනාවකට අයත් හේවායන් දැයි නොදන්නා මුත් අවට පන්සල්වල මූලිකත්වයෙන් බව දුටිමි.
                          කුමක් වුවත් මේ අසපු නිකායවල උදවියනම් කරන්නේ බුද්ධ දර්ශණය විකා දැමීමකි,නැත්නම් විකුනා දැමීමකි.බුදුන් වැඳීමට ෆැන්සි පන්සල්වත්,කෝටියක් මල් වට්ටිවත්,බේබි වොයිස් සාධුලාවත් ඕන නැත.මේ නම් එකිනෙකා පරයන ආශාව,තන්හාව වැඩි කරගන්නට පාර කපා ගැනීම හැර අන් කවරක්ද?බෞද්ධ දර්ශනය වෙතට යොමු කරවිය යුතු දෙනෙත් කෝටියක් මල් වට්ටි දෙසට යොමුකරවීම ආනන්තරීය පාප කර්මයකි.මේ බුදුන් ගිය මග නොව රුදුන් ගිය මගය.අවශ්‍යනම් දහම් දැනුමක් ලැබෙන පොතක් පතක් පරිශීලනය කරනවාට වඩා හැන්දෑවට මල් කඩන එක ලේසිය.චූන්ය.
                                 දිගාමඩුල්ලේත් රටේ අනිකුත් පලාත් වලත් දානයක් නොලැබෙන,බුදුගෙට වහලක් නැති පන්සල් ඕන තරම් ඇත.කල යුතුව ඇත්තේ ඒවාට ඇවැසි අවම පහසුකම් ටිකවත් ලබා දීම මිස කෝටි ගනන් වියදම් කර අසපු සෑදීම වත්,හැන්දෑවට හැන්දෑවට කෝටි ගනන් මල් කැඩීමවත් නොවේ.
                     හන්දියක සුපර් මාකට් එකක් ඇරියොත්,පුංචි පුංචි සිල්ලර කඩ ටික අනාථය.ඒ කාටත් පොදු වෙළඳ න්‍යායය.මේ ඇරිලි වලින් වෙන්නේත් ඒ ටිකමය.අවට ඇති සාම්ප්‍රදායික පන්සල් ගොන්න තව තව කොන්වී යාමත් ඉන්න පැවිදියන් උපැවිදි වීමත්ය.අවට සංඝයා වහන්සේලා විරෝධතා පවත්වන්නේ මේ නිසා විය යුතුය.අරයාගේ භාශාවෙන් නම් මේවා අධිරාජ්‍යවාධි කුමන්ත්‍රන විය යුතුය.
                       ඇස් දෙක හැර බැලුවොත් ඔය සමහරක් ෆැන්සි පන්සල්වල ඉන්නේ පොන්සි සාධුලාය.වැඩත් ඒ වගේය.පෙනුමත් ඒ වගේමය.හැම දේකටම ඕකේ කියන රටේ අම්පාරටත් ෆැන්සි පන්සලක් ඕකේ වෙන එක වලක්වන්නට බැරිය.පල්ලි කඩන,කෝවිල් කඩන අයට අසපු හදන එක ගැන හඬන්න වෙන්නේ අද නෙමේ හෙටය.
                                                     දිගාමඩුල්ලට අවශ්‍ය වන්නේ ෆැන්සි පන්සල් නොව,තියෙන පන්සල් ටික රැකගැනීමය.ගොවියාට ගොවිබිම්ය.පොඩි උන්ට කිරිපිටිය!!!!!!!!!!!!!!!!!!.