Thursday, August 8, 2013

අහිංසකාවියේ…

වැව් ඉස්මත්තේ නැගණිය දීග ගිහින්ය.මම ඇයට සුභාසිරි පතමි.මගේනැගණියගේ කථා වස්තුව ඊට හාත්පසින්ම වෙනස්ය.මට කවි ලියන්නට බැරිය.ඒත් මීට අවුරුදු තුනකට පෙර ලියු අඹ ගහයටද එල්ලා තිබූ මේ මා හඬවන ඇගේ ගීතය නැවත පලකිරීමට හිතුනේ වැව් ඉස්මත්තේ “අම්මා කෙනෙකු මෙන්”කියවීමෙන් පසුවය.
Originally posted on Aru-ge adaviya:
දකින්නේ අවට
අතිනත් බැඳ
තුරුල් වු
පෙම්වතුන්ගේ
පෙම් රැඟුම් නම්…..
පෙනෙන්නේ දසත
පොඩිවුන් හොවාගත්
ලබැඳි
පියවරුන්
මව්වරුන් නම්…..
පතන්නේ නුඹත්
ඇහැකි නම්
එවන් වු
පෙම් කවක් හෝ
ඉන් ඇබිත්තක්…..
හඬන්නේ මසිත
කෙලෙසදැයි
නුඹ නොදන්නේ
නංගියේ ….පොඩි වැඩිය
ඔබ එය නොදත්තත්……..
(ජීවිතයේ 41 වැනි කලට ලංවෙන මන්දමානසික නංගීගෙන් ලොකු අයියා අයදින සමාව.)
Aru

Monday, August 5, 2013

බ්‍රිගේඩියර් ඥාණසාර!!!


                     මේ වනවිටත් අහිංසක ජීවිත තුනක් බිලිගත් සහ තවත් අතුරුදහන් වූවන් සිටින වැලිවේරිය ජන නැගිටීමට එරෙහිව මිනීමරු හමුදා භට පිරිස් යැව්වේ තමාගේ ඉල්ලීම පරිදි බැව් ගලබොඩ අත්තේ ඥාණසාර නම් සංඝ මැරයා නොහොත් සංඝ බ්‍රිගේඩියර්වරයා, කටගැස්මට කඩල කනවාසේ උජාරුවෙන් සිලෝන් ටුඩේ පුවත් පතට පවසා ඇත.එය අද වාර්තා විය.
                           එම පුවත්පත වාර්තාකරන පරිදි මේ මේ මැරයා එසේ හමුදාව යවන ලෙස ඉල්ලා ඇත්තේ රජයේ ඉහලින්ම විය යුතුය.වෙනත් දේශපාලන කංඩායම් මෙයින් වාසි ලබාගන්නට උත්සාහ කරන බව හැඟීගිය නිසා මෙසේ ඉල්ලා සිටි බවත් පවසයි.මුට නම් ඇමතිය යුත්තේ බ්‍රිගේඩියර් ඥාණසාර නමින්මය.ප්‍රින්සිපල් බ්‍රිගේඩියර්ලා මදිවට සංඝ බ්‍රිගේඩියර්ලා ඉන්න බව දැන ගත්තේ අදය.මුන්ව පත්කලේ මහනායක ජෙනරාල්ලා ද යැයි මිනිසුන් කථා වෙති.
                    එය එසේම නම්, බොදු බල සේනාවේ මීහරක්ට අවශ්‍ය විදිහට රට මඩ කරන්නට ඉඩදී රටේ පාලකයෝ නිදිවදිනවාද යන්න අහන්න තියෙන ප්‍රශ්නයයි.මෙයද,මතුවී තිබෙන අර්බුදය වෙන අතකට ගෙන යන සම්පඵ්‍රලාප බව මගේ මතයයි.මොන බේබද්දාගේ ඉල්ලීමට යටවී හමුදාව මිනිමැරුවත්,වගකිව යුත්තේ රටේ මහ තැනය.ආඩම්බර තාත්තාය.දරුවන් වඩාගන්නා ගමන් මුන් කරන්නේ දරුවන්ගේ පස්ස පැත්ත මිරිකීම දැයි අසන්න වෙන්නේ මේවෙන දේවල් දකින විටය.ඇහෙන විටය.
                බේබදු සඟ මැරයන්ගේ අවශ්‍යථාව අනුව රටක් පාලනය කරනවානම් ඔය පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන මීහරක් රැළ ගෙදර යවා බොදුබල අනුඛණ්ඩය එහේ යැව්වා නම් ඉවරය.ඥාණසාර නම් සංඝ මැරයා යහන්ගත වන්නේ හමුදා මිනීමරුවන් සහ කුප්‍රකට කුඩු ඒජන්තලා සමගය.මුන්ගේ එකම සහ අවසාන උවමනාව මිලිටරි පාලනයක් පවත්වාගෙන යෑමය.කට ඇරියොත් උණ්ඩය මුන්ගේ සටන් පාඨය වී හමාරය.
                                                     සඟ මැරයා ඩිලාන් පෙරේරාට වල් සතා,පරයා කියා ඇමතූවේ ප්‍රසිද්ධියේම මහියංගනයේදීය.වල්සතාට,වල්සතා නොකිය මල්සරා කියන්නදැයි කියාත් මිනිසුන් අසති.උන්ට නම් මොකා කියා ඇමතුවත් ජනතාවට ප්‍රශ්නයක් නැත.නමුත් බුද්ධ පුත්‍රයෙකුට ජනතා ඝාතනයන් සඳහා හමුදා යෙදවීමට ඉල්ලා සිටියා යැයි කීම පවා නිර්මල බෞද්ධ දර්ශණයට ගැසූ පා පහරක් වැනිය.මුන් වැනි සංඝ මැරයන් දළඳා මාළිගය ඉදිරිපිට නුවර වැවේ ගිල්වා මැරිය යුතුය.ගලබොඩ අත්තේ ඥාණසාර හැසිරෙන්නේ අපි පත්කර ගත් අපේ රටේ පාලකයා උගේ පුක්කොල්ලාහැටියටසලකාය.සමාවෙන්න.කනගාටුවෙන් වුවත් එය කීමට සිදුවිය.
                          අහෝ!මහානායක වරුනි…මෙවන් නිඝන්ඨයින් ශාසනයේ තබාගත යුත්තේ,ඔබගේ කුස පුරවන,පිපාසය සංසිඳුවන අහිංසක දායකයින් අමු අමුවේ මරා දැමීමට හමුදා ඉල්ලා සිටින සංඝ බ්‍රිගේඩියර් වරු ලෙසද??????
මෙම අවස්ථාවන් වලදී කතෝලික ආගමික නායකයින් ඒ අසරණයින්ගේ උවමනාවන්ට දායකත්වය දැක්වූ අයුරු ප්‍රශංසනීයයිය.බෞද්ධ නායකයින් විලිලැජ්ජා සහගතය.
                     සැ.යු.——පුවත් පත වාර්ථාකරන පරිදි, මෙය ඉල්ලා සිටීමක් නොව.ඥාණසාරගේ උපදෙස් මත සිදුවුවක් බව ඔහුම පවසයි.ඉල්ලා සිටීම මා වැරදි ලෙස භාවිතා කල යෙදුමකි.