ගලාගෙන යන ගඟකින් ඇතිවන පාරසරික සමතුලිතථාවයන් , එක තැන පල්වෙන මඩ ගොහොරුවකට වඩා බොහෝ වටිනාබව මම අත්දැකීමෙන් දණිමි. ඒ මිනිසාටත්, සතාටත්, එහිම වෙසෙනා මසුන්ටත් වඩ වඩාත් වාසි ලබාදේ. මා දකිනා ජීවිත යථාර්තයද එයම වේ. දැළක්, පිත්තක්, වළක් ගොඩ දමා මසුන් මරන්නන්ට වඩාත් වැදගත් වන්නේ ලොකු මසුන් හෝ ඇම ගිලිනවුන්ය. මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. තවත් වටයකින් මේ කථාව පටන් ගත යුතුය. මේ ලියන්නේ ඒ කතාව නැවත ලියන්නට පෙර අවශ්‍ය කුඩා විවේකයකට ඉඩක් ලබාගැනීමටය. මොහොතකට සමුගනිමි.
මට වරක් හමුවූ ගාමිණි ෆොන්සේකා නම් ඒ මහා මිනිසා , දේශපාලනය සහ සිනමාව තුල ඇති නොවිය යුතුවූ ගැටුම් විග්‍රහය කලේ මෙසේය. මම ගාමිණි ෆොන්සේකා නම් රංගධරයාට තදින් ඇළුම් කලත්. ඒ තුලින් බිහිවූ දේශපාලකයාට එසේ ලොල් නොවීය. එදා ගාමිණි සමග , අගය නිම කල නොහැකි මැණිකක්වූ සුමණා නෙල්ලම්පිටිය කල අගනා සාකාච්ඡාවක් මෙලෙස දිග අරින්නෙමි. එදා පැවැත්වූ මේ සාකච්ඡාව අදට හෙටට එදාට ගලපාගන්න. මම නැවත ලබන සතියේ ලියන්නෙමි. අදහස් පලකරන්න.
ප.ලි......අද නම් අකුරු වැරදි බොහෝය. මා නිවැරදි කරනා සුබස අද හොඳටම ඩෝප්ය. නැගිටවාගන්නට නොහැකිය. මමද ඩෝප් වන්නට තීරනය කලෙමි.