අපේ තාත්තා නම් අපූරු පුද්ගලයෙකි.සුන්දරවූ මිනිසුන් අතර සුන්දරතමයෙකි.හිත හොඳකම හිසටත් උඩින්ය.ප්‍රමානික උගතෙකි.සෙරෙප්පු හොරකමකටවත් පන්සලකට ගොස් ඇද්දැයි නොදනිමි.බත් පත, සරම පවා දන් දෙන්නේ කාටත් නොදැනමය.පෝය දවසටවත් අඩියක් නොගහා හිටිය බව නොදනිමි.මෙය ඔහුට අගෞරවයක් නොවේ.පාර තොටේ අතරමං බලු,බළල් පැටව් කුදලගෙන එන්නේ අම්මාගේද අපගේද නොමද ගෞරවයට පාත්‍ර වෙමිනි. ඒ බැනුම් ගැන නම් වගේ වගක් නැත.දැන් අවුරුදු අසූවකි.මීට අවුරුදු දහයකට පමන පෙර සිට අඩි ගැසීමෙන් හා දුම් බීමෙන් වැලකී සිටින බව ඔහුට ගෞරවයක් ලෙස දන්වා සිටිමි.වැලකී සිටින්නේ අසනීප තත්වයක් නිසා නොවේ.
අම්මාගේ නම දයාවතී ය.තාත්තා දයාරත්නය.තාත්තා අම්මාට ආදරයට කතා කරන්නේ දයා කියලාය.මල පැන්නවිට කියන්නේ”දයා මාව නයා”කරගන්න එපා කියාය.මල ඩබල් වූ විට,දයා සහ නයා මැදට උඹ වචනයද ආදේශවේ.
ආදරයට දයා වෙන්නෙත් කේන්තියට නයා වෙන්නෙත් හරි අපූරුවට නේද?වචන දෙකද එලිසමය.ලියාගන්න ඕන උනේ ඔය ටිකය.

No comments:
Post a Comment