දෙහිවල හන්දියේ සිට ගල්කිස්ස දෙසට පැමිණෙන විට ඇති අප්‍රමාණවූ අතුරු පාරවල් ඔස්සේ ගල්කිස්සේ මුහුදු තීරයට ඇවිද යා හැක. දකුණු වෙරළ තීරයේ උණවටුන, කිරින්ද,හික්කඩුව, බෙන්තොට ,වැල්ලවත්තටත් වඩා ගල්කිස්ස ජනප්‍රියව පැවතිණි. සංචාරක අත්පොත්හී, දෙහිවල-ගල්කිස්ස අතර මුහුදු තීරය හැඳින්වූයේ Golden Mile ලෙසිනි. බේරුවල- බෙන්තොටත් මුහුදුතීරයත් මෙසේ හැඳින්වූ බව මතකය. විදේශීය සංචාරකයින් විසින් මගනොහරිනා ගල්කිස්ස වෙරළ, කොළඹට ආසන්න නිසාම දේශීය සංචාරකයින්ගෙන්ද අඩුවක් නොවීය. ගල්කිස්ස සංචාරකයින්ගේ පාරාදීසයක් විය. එහි තිබු සෑම අතුරු පාරක්ම මුහුදු වෙරළට ආසන්න බොහෝ නිවාස සංචාරක නවාතැන් ලෙස පවත්වා ගෙන ගියෝය. ප්‍රසිද්ධම සහ විශාලතම හෝටලය වුණේ මවුන්ට්-ලැවිනියා බීච් හෝටලයයි. අනිත් කුඩා හෝටල් බොහොමයක් කාමර 20-50 සමන්විත කුඩා හෝටල සහ නවාතැන් පොළවල් විය. මේ වෙරළ තීරය තුළ දහස් ගණනින් විදේශීය සංචාරකයින් ගැවසුණා පමණක් නොව, ඉරිදාට දේශීය අමුත්තන්ගෙන්ද අඩුවක් නැත. ‘ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදාට ගිහිල්ලා බලන්න’ යැයි, ඇන්ටන් ජෝන්ස්-ෆ්‍රෙඩි සිල්වා ගී ගැයුවේත් ඒ නිසාවෙන්ම විය යුතු යැයි මම සිතමි.
ලංකාවේ සංචාරක කර්මාන්තයට වඩාත් ගැලපෙන්නේ, සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත තරු හෝටල් කිහිපයක් සහ ඒ ආශ්රිත පෙදෙස්වල පවත්වාගෙන යන කුඩා Bed And Breakfast(B And B) නවාතැන් පොළවල් වැඩි ප්‍රමාණයකින් සමන්විත ක්‍රමයක් බව මගේ පෞද්ගලික අදහසයි. B and B සංකල්පය ක්‍රමවත්ව නියාමනය කිරීම සහ නීතිරීති පද්ධතියක් තුළ විධිමත් කල යුතුබව කිවයුතු නොවේ. එවැනි ක්‍රමයක් තුළ සංචාරකයා රට තුළට ගෙන එන මුදල, ඔවුන් ගැවසෙනා ග්‍රාමිය ප්‍රදේශයන්හී ආර්ථිකය තුළ සංසරණය වීම තුළින් ඒ ප්‍රදේශය පෝෂණයවීම අනිවාර්යවේ. රාත්‍රිය තම නවාතැනේ ගතකරන අමුත්තන්, උදේ ආහාරයෙන් පසු ඒ අවට සැරිසැරීමත්, තමන් කැමැති අවන්හල් සොයා යෑමත් තුළ ග්‍රාමීය සංස්කෘතිය, චර්යාවන් සහ ජනතාව සමග මානුෂීය හුවමාරුවන් ඉබේම සිදුවීම යහපත් ලක්ෂණයක් විය හැකිය. හෝටල් සමාගම් සහ හෝටල් හිමියන් බොහෝ දුරට බලාපොරොත්තුවන්නේ තම හෝටලයට පැමිණෙන සංචාරකයාගේ සියලුම අවශ්‍යතාවයන් සපුරා ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් එකම බිලක් යටතට එකතු කර ගැනීමය. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය හා ඒ මුදල් මුසුවීම අවමවේ.B And B නවාතැන්හී අවන්හල් පවත්වා ගෙන යෑමට ඉඩ නොදී, අවන්හල් සඳහා වෙනම බලපත්‍රයක් තිබීම අනිවාර්ය කළයුතු වේ. මෙවැනි ලිපියකින් මෙය සාකච්ඡා කිරීමට ඇති ඉඩ අවමය. මා කිවු ක්‍රමවේදය යෝජනා කර ලංකාවට පැමිණ නිවාඩුවක් ගතකර ආපසු පැමිණි බොහෝ සුද්දන් ,අපේ ජනජීවිතයත්, සෞන්දර්යයත්, මානුෂික සම්බන්ධතාත්, ආගන්තුක සත්කාරයත් ගැන කියන්නේ ඉතාමත්ම සතුටිනි. ඒය අපගේද නෙතට සතුටු කඳුළු එකතු කරයි. රටට පැමිණ හෝටලයක සිට සියල්ලෙන් සන්තර්පනයවී නැවත පිටවන්නා රටට ඉතිරිකර යන්නේ මුදල් පමණි. මා දකිනා සංචාරක කර්මාන්තය ඉන් ඔබ්බට ගිය සංග්‍රහශීලී පැවැත්මක්ය.ඒ හරහා සංචාරක කර්මාන්තයේ මෙන්ම සමාජය, රට ගැනද සුබදායී පණිවිඩයක් ලෝකයට සන්නිවේදනය කරගත හැකිය. මේ සඳහා ඒ ඒ කොටස් නිවැරදිව දැනුවත් කල යුතුවේ. මේ මගේ පෞද්ගලික අදහස්වේ.
ගල්කිස්ස මහා හෝටලය ලෙස ගම්වැසියන් හැඳින්වූ Mount-Lavinia Beach Hotelයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ආරම්භ කර ඇත්තේ 1800 මුල් යුගයේ යැයි කියවේ. ඒ හා සම්බන්ධ රසවත් ප්‍රේම වෘතාන්තයක් ලියැවී තිබේ. ඒය කියවා බැලීම වටී. මේ හෝටලයේ අතීතයේ සිට පාවිච්චියට ගත් දර ලිප්, අතින් රෙදි සේදීමේ කාමර වැනි දේ 1980 කාලයේත් තිබුණ බව මම දැක ඇත්තෙමි. නුවර Queens සහ ගෝල්ෆේස් හෝටලේයේද එවැනිම තැන් තිබූ බව වරක් දුටුවෙමි. ගල්කිස්ස මහා හෝටලයේ ලිට්ල් හට් රාත්‍රී සමාජ ශාලාව, කොළඹ තරු හෝටල්වල තිබු රාත්‍රී සමාජ ශාලාවන්ටත් වඩා ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔබ මේ හෝටලයට ගොඩවී ඇත්නම් එහි ඇති පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් දැක ඇතැයි මම සිතමි. Little Hut සමාජ ශාලාව තුළ නොයෙලින් හොන්ටර්, ඩෙස්මන්ඩ් ඩි සිල්වා වැනි අය ගී ගැයූහ. ඔබරෝයි හෝටලයේ Supper Club, ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ Cat’s Eye, හොලිඩේ ඉන් හෝටලයේ Al Hambra සහ ගෝල්ෆේස් හෝටලයේ Mascarilla වැනි රාත්‍රී සමාජශාලා හා එක පෙළට ලිට්ල්හට් ඉදිරියෙන් සිටිය බව හොඳින් මතකය. මහා හෝටලයේ පබිලිස් අයියා එකල තරමක් ප්‍රසිද්ධය. ඔහු සතු ප්‍රායෝගික දැනුම පොත පතින් උගත් සූපවේදියෙක් තරමටත් වඩා වටී. මේ සියල්ල ගැන ලියා තබන්නට මතකයක් ඇතත්, දැනට ඒ දේවල් අතපසු කිරීමට සිදුවේ.
ගල්කිස්ස වෙරළ තීරය පුරාම පොල් අතු මඩු පේළියක් එක දිගට ඉදිකර තිබුණි. මේවායේ විදේශිකයිනට හිරු එළිය තැපීමේදි අවශ්‍ය දිගෑදෙන පුටු, රිජිෆෝම් පෙට්ටිවල අඩුක්කර ගත් සිසිල්බීම බෝතල් වැනි අඩුම කුඩුම සැපයීමට සුදානම්ව තිබේ. මේවා පවත්වාගෙන ගියේ අවට ගම්වැසියන් විසින්මය. රේල් පාරට නුදුරින් තැඹිලි කරත්තද, වෙරළේ අන්නාසි බේසම්ද, සිප්පි කටු ආභරණ, සැහැල්ලු බතික් ඇඳුම් වෙළෙන්දන්ද අඩුවක් නොවීය. වෙරළ සුදු ගැහැනුන්, මිනිසුන්ගෙන් ඉර බසිනා තෙක් පිරී ඉතිරි පැවතුණෝය.
මා කලින් කීවා සේම මේ වනවිට මම ක්ෂේත්රයට ආධුනිකයෙක්මි. La Langousterie කළමනාකරුවූ ජයමාන්න, පීටර් පෙරේරා යන මහත්වරුන්ට අමතරව මෙහි පැරණිම සේවකයෙක් වූයේ නානායක්කාර අංකල්ය. පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ පදිංචිව සිටි මොහුගේ පුත්‍රයා ජූලියන්ද බාර්මන් කෙනෙක් ලෙස මෙහි සේවයේ යෙදුණේය. මම අංකල් යටතේ සේවය උගත්තෙමි. ගුණවර්ධන, පාලිත පෙරේරා, සාලිය වැනි අය මට තවමත් මතකය. නානා අංකල් ඉතාම ක්‍රමවත් සහ නීතිගරුක සේවකයෙක් විය. ඔහු ඉගැන්වූ දෑ මම තදින් සිතට ගත්තෙමි. වැඩිපුර කතා බහක් නැති මොහු මට තමන්ගේ දරුවෙකුට මෙන්ම සැලකීය. අනිකුත් උදවිය මොහුගේ කීමට එතරම් අවනත නොවුයේ, මොහු තුළ තිබූ පැරණි සම්ප්‍රදායික ගති පැවතුම් නිසා විය යුතුය. ඔහුගේ පුත්‍රයා ජූලියන් පවා පියාට ගෞරව කළත් වැඩියෙන් අවනත වූයේ නැත. මම සති දෙක තුනක් තුළ මේ කර්මාන්තය තුළ සේවකයෙකු සතුව තිබිය යුතු මූලික අවශ්‍යතා මැනවින් වටහා ගත්තෙමි. හැන්දක්, ගෑරුප්පුවක් නිවැරදිව පාවිච්චි කිරීම මුල්වරට ඉගෙනගත්තේ ඔතනින්ය. ටික කලකින් මමත් අන් අය හා කරට කර වැඩ කිරීමට සමත් වුණෙමි.
අප අවන්හල් සේවකයින් වූයෙමු. හෝටලයක් හෝ විශේෂයෙන් අවන්හලක් පවත්වාගෙන යෑමේදි පාරිභෝගිකයින් පිනවීමේ වැදගත්ම සහ ඒත් නොපෙනෙනා වැඩ කොටස සිදුකරන්නේ මුළුතැන්ගෙය හෙවත් kitchen staff එකය. රැකියාවක් හා කර්මාන්තයක් ලෙස ගත්කල මෙය තනිකරම, සාමුහික කංඩායම් ක්‍රියාවලියකි. බඩ පිරුණු සැණින් අප කාටත් කුස්සිය අමතකය. පාරිභෝගිකයින් මල් පුදන්නේ කෑම බීම ගෙනවිත් මේසයට පුදනා අප වැන්නන්ටය. අප මල්මාලා පැළඳ ගන්නෙමු. නමුත් ගල් වරුසාවන්ට මුවා වෙන්නෙමු. මල් වෙනුවට ගල් ලැබුණොත්, ඒ ගල් වදින්නේ කුස්සියේ සේවකයන්ටය. එහි වරදක් නැත. මනුෂ්‍ය වර්ගයා අන් සියල්ලටම වඩා ඉක්මනින් පැමිණිලි කරන්නට පෙළඹෙන්නේ, මිලදී ගන්නා හෝ නොමිලයේ ලැබෙනා අහාර ගැනය. මම කොතැනක කෑමකට ගියත් පළමුවෙන්ම ස්තූති කරන්නේ ඒ භෝජනය පිසු දෑත්වලටය. වේටර්වරයාට සංතෝසමක් පිරිනැමුවත්, අහාර පිසින්නන් වෙනුවෙන්ද යමක් පිරිනැමීමට කිසිදිනෙක අමතක නොකරන්නෙමි. මේ ගැන වෙනම කතා කල යුතුය. මෙවැනි චාරිත්‍රයක් මා අතින් සිදුවන්නේ, හෝටලයක අභ්‍යන්තර ක්‍රියාවලිය මැනවින් දන්නා කෙනෙක් නිසා මිස, අන් හේතුවක් නිසා නොවේ. ඔබ ඒ ගැන සිතිය යුතු නැත.
මේ අවන්හලේ ප්‍රධාන සූපවේදිව සිටි විජේවර්ධන හැරෙන්නට අන් අය විෂය සම්බන්ධව ලිඛිත දැනුමක් තිබු අය නොවේ. විධායක සූපවේදියා හෙවත් Executive Chef සිදුකරන්නේ පරිපාලනමය රාජකාරියක් සහ අධීක්ෂණයක් පමණි. මෙය මනාව පවත්වාගෙන යා හැක්කේ ඔහු සතු මිනිස් සම්පත නිසාමය. නමුත් සමහර අයට මේ ගැන වගේ වගක් නැත. අධික උණුසුම සහ කාලය සමග කරනා මේ සටන ලේසි පහසු කටයුත්තක් නොවේ. ලිඛිත දැනුමක් නොතිබුණත් දන්නා දේ පිළිවෙළට සහ වෙලාවට කිරීමට අර මිනිසුන් කඩිසර සහ කාර්යශීලී වූහ. මේ ක්‍රියාපටිපාටියන් ගැන පසුවට හෝ ලියා තබමි. ප්‍රෙමරත්න, තිලකරතන, වේලු, සුගතදාස, මොහොදීන් ඇතුළු ඒ සගයින් අමතක නොවන රසවතුන්ය. මම ඔවුන් හා ඇති පදමට කෑවෙමි. බිව්වෙමි. නැටුවෙමි. මගේ අන් සගයන්ද එසේම විය. අප අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කෙරුවෙමු. ඒ අතරතුර හැකි සෑම විටකදීම, මගේ ප්‍රියතම විෂයවූ අහාර පිසීම ගැන ඔවුන්ගෙන් උගත්තෙමි. අපට ලැබෙන දිනපතා ටිප්ස් මුදල්, ඔවුන්ගේද බීම සහ සිගරට් වෙනුවෙන් වියදම් කෙරුවෙමු. ඔවුන් ලොක්කන්ට හොරෙන් අපට අවශ්‍ය ඉස්තරම් කටගැස්ම සපයන්නේ ඒ ගනුදෙනුවේම කොටසක් ලෙසය. නානා අන්කල් නම් කිව්වේ, අරූ අලුත් සංස්කෘතියක් අරඹා ඇති බවත්, මුදල් පරිස්සම් කරගන්නා ලෙසත්ය. එහෙම දේවල් සිදුවෙනවා අඩුවුවත්, මම ඉන් සතුටක් ලැබුවෙමි.
බෙදා හදාගෙන කෑමේ අගය වැටහෙන්නේ, ඔබට තවකෙකු බෙදන විට මිසක, තමන් බෙදාගෙන තමන් බදාගෙන බුදින විට නොවේ. ලැබෙන දෙයක් බෙදාගන්නා හැටි ඉගැන්නුවේ මගේ දෙමාපියන්ය. එය ප්‍රගුණ කළේ මගේ බිරිඳගේ දෙමව්පියන් පෙන්වූ ආදර්ශයන්ගෙනි. අපද අපේ දරුවාට මේ කියා දුන්නෙමු. ඇයද බෙදා හදා ගන්නියක්වීම ආඩම්බරයකි. ඇයද මවක්වූ දිනෙක, ඔවුන්ගේ දරුවන්ද එසේ වේවී යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
පාලිත, ජූලියන්, ගුණේ අප කංඩායමේ ප්‍රමුඛයන් විය. පාලිත එවකට ප්‍රසිද්ධම හෝටලයක්වූ Pegasus Reef Hotel එකෙන් ආපු කෙනෙක්ය. ඔහුගේ අයියා තිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූප වේදියෙක් විය. මල්ලි උදය ගුවන් විදුලියේ ඉංග්‍රීසි නිවේදකයෙක්ව සිටි බවත් මතකය. පාලිත උපතින්ම විනෝදකාමියෙක් යැයි කීවොත් නිවැරදිය. ජූලියන්ද ඊට නොදෙවෙනිය. කොට ගුණේ බොනවාද නානවාදැයි කියා දන්නේ ඌ පමණය. පාලිත පසු කලෙක ඕමානයේ ගල්ෆ් හෝටලයේ ආහාර සහ බීම කළමනාකරු (Food and Beverage Manager) ලෙස සේවය කල අතර දැන් එම රටේම සොහාර් හෝටලයේ Sales and Marketing Director ලෙස කටයුතු කරනා බව දැනගත්තෙමි. ඔහුගේ ඉස්සරහ එක් දතක කොටසක් අඩුවූයේ කොට ගුණේට පින්සිදු වන්නටය.
සේවා මුරය අවසන් වන්නේ රාත්‍රී 12 පසුවීය. මුදල් හදල් ගනුදෙනු අවසන්වූ පසු කැෂියර්ස්ලාද, මැනේජර තුමාද, සුපර්වයිසර් තුමාලාද ගෙවල් බලා පිටත්වෙති. ඉතිරිවන්නේ අප කිහිපදෙනා සහ කුස්සියේ සේවකයින්ය. රජ මගුල්ය. බාර් එකෙන් ඇති පදමටම සප්පායම් විය නොහැක. ඒවා යම්තාක් දුරට ලේඛනගත විය යුතුය. ගල්කිස්ස හංදියේ එළිවෙනකම් වුවත්, හෝටල් සේවකයින් වෙනුවෙන් හොර ස්පොට් විය. හන්දියේම නයිට් කඩයක්ද විය. අමතක කල නොහැකි එක් චරිතයක් වූයේ, ගල්කිස්ස හන්දියේ මහජන පුස්තකාලය ඉදිරිපිට තිබු පුංචි රෑ කඩේ හිමිකරු පබිලිස් අයියාය. වියපත් පුද්ගලයෙක්වූ පබිලිස් අන්කල් හොඳ බොන්නෙකි. කඩේ ආප්ප හදන කොලුවාත්, කෑම බෙදන එකාටත් අමතරව ඉන්නේ පබිලිස් පමණය. පබිලිස් අන්කල් ලබ්බෙකි. අපි බෝතලයක් දෙකක් බොනකම් මේ මනුස්සයාද අපිත් සමගම බොයි. කියන්නේ අමු කුණුහරුපය. ආප්ප කොල්ලාත්, පබිලිස් අයියාට හොරෙන් ඩෝප්ය. පබිලිස් අයියා ඊට කලින් ඩෝප්වී පුටුවේම ගොරවයි. බෝතල් තියෙන ලෑලි කබඩ් එකේ යතුර පබිලිස්ගේ ඉනේය. පාන්දර බස් එනකම් බොන අපි මදි පාඩු කබඩ් හැර සප්පායම් වෙමු. පබිලිස්ට පොල්ලෙන් ගැහුවත් නැගිටින පාටක් නැත. පාලිතලා සහ කට්ටිය පාන්දර බසයේම ගෙවල් බලා යන නිසා මම ඒ කෙටි දුර පොරෝලිස් මාමාගේ ගෙදරට ඇවිදින්නෙමි. කඩයේ අන්තිම ලෑල්ල වසා දමන්නේත් අපිමය. පහුවදා රෑට මුදල් පියවන්නෙමු. ඒ වේලාවට ගෙදර අයව කූද්දන්නට නොහැකිය. පොරෝලිස් මාමා අවධිවුවහොත් අම්බානකට ගුටි කෑමට සිදුවේ. මමත් ටේච්චීත් අතර රහස් ගිවිසුමක් විය. මුදල් වටිනාකමක් නොහඳුනනා ටේච්චීට මම මුදල් පොරොන්දුව මත පිටිපස්සා දොර හෙමින් ඇර ගන්නට යොදා ගත්තෙමි. ඔය කාලය ගැන ලිවිය යුතුදේ තව බොහෝය.
ලංකාවේ බොහෝ නගර හෝ ගම්වටා ගීත සාහිත්‍යයට එකතුවූ ගී බොහෝය. ඒවා බොහොමයක් ශාස්ත්‍රීය හෝ අරුත් පිරි ගීත බැව් මම දනිමි. නමුත් ගල්කිස්ස, මොරටුව ගැන ඇත්තේ වේග රිද්ම ගීත පමණක්ද යැයි සිතේ. එය එසේනම් එයට හේතුව වන්නට ඇත්තේ ගල්කිස්ස හා ආශ්රිතවූ ජීවන රටාව විය යුතුය. අපි ඒවාට බයිලා යැයි කියමු. ඉන් කාටවත් අමතක නොවන ගීයක් වන්නේ ඇන්ටන් ජෝන්ස්/ෆ්‍රෙඩි සිල්වා ගැයූ’ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදට ගිහිල්ලා බලන්න’ ගීතයයි. ඒ හා අවට ගැන සහ චරිතයන් ගැන බයිලා සක්විති එම්.එස්.ප්‍රනාන්දු මහතා නොහොත් ඇම්. ඇස්.අයියා බයිලා ගැයුවේය. ‘ගල්කිස්සේ හෝටලේ ළඟ ආතර් අයියා’, ‘ප්‍රේමක්කගේ බතික් කඩේ’ ඉන් සමහරක්ය. මේ එදා ජීවත්ව හුන් චරිතයන්ය. ඒවා පසුවට ලියමි.
https://www.youtube.com/watch?v=pNxvzSugkkc
https://www.youtube.com/watch?v=pNxvzSugkkc
අරූ බ්ලොගර් වෙලාද ? එල කිරි .... දැන් ඔය බ්ලොග්රෝලේ මගේ බ්ලොග් එක දාගන්නේ නැද්ද?, ඔය ඉතිං කන්න තමයි හදන්නේ අරිද අරූ
ReplyDeleteමේකාගේ කතා ගණන් ගන්න එපා බන්.. ඔය මාරු විකල්ලෙන් කියවන්නේ...
Deleteඅඩා පත්තරේ... මෙන් බලහන් මේකාව..!
පත්තර - ඉවාන් මහා සංග්‍රාමය.
Deleteපිදුරු පෙට්‍රල් අපේ ගානේ.
හා ඉතින් දැන් පටන්ගනිල්ලා.
මේ යකා ඇවිල්ල එක වෙලානෙ .. කරුනාකරල පල්ලෙහාට ගිහිං මට ඔතන දීපං.. ආව මෙතන එක වෙන්න !!!
Deleteහුහ් උඹ කොහෙද යකෝ එක වෙන්නේ මම ඉන්නකං. අරූගේ අලුත්ම බ්ලොගේ පලවෙනි කොමෙන්ටුව මගෙන් ...ආයේ ඉතින් ඔය රැකෝඩ් එක කඩනවා බොරු, දැන් පත්තරයා ඉරිසියාවේ පැලෙයි
Deleteනොදෝමකිං චැක්. අලුත් බ්ලොගේ කෑව උඹ ඇවිත්.. කමක් නෑ මගෙ කමෙන්ට් එකත් යටිං තියන හින්දා ඒක කැපිලා යනවා.. ආං දැක්කද අපේ වටිනකම.. ඕ යේස් !!
Deleteමම එක්කො ඉවාන්ගෙ පැත්තෙ බං. ඔව්. :)
Delete@ඉවාන්....බ්ලොගර් වුනා. ඇත්තටම කිව්වොත් බ්ලොගර් කරලා. මට මේක මැජික් වගේ තාම ඩෝප් මරගාතේ ඇවිදිනවා වගේ අතපත ගානවා. ෆුල් මඤ්ඤං ඕයි. බ්ලොග් රෝලක් මගේ වර්ඩ්ප්‍රෙස් එකෙත් හරියට මේන්ටේන් වුනේ නැහැ. දැන්වත් බලමු.
Deleteආ අරූ අයියා, කොහොමද ජීවිතේ?
Deleteඅපි ටික මේ පාටියක් දානවා. ඔයාගෙ සුබ වෙනස ගැන. :)
උඩ බලං ඉන්නේ මොනවද කාපු රිලව් වගේ .. ගහපියව් යකෝ අත්පුඩියක් අපේ අරූ අයියට.. හුරේ !!
Deleteආවා ආවා. අද අදිනවා ශනිදා වසනාව අද අදිනවා.!!!
හුරේ…… යා… යා… මෙන්න මගේ අත් පුඩිය. _/\_
Deleteආ.... ජය වේවා...! මෙන්න මගෙනුත්
Delete_/\_ _/\_ ජය වේවා …… ජය වේවා !!!
Deleteඅඩෝ ගෙබි ලුසා පලනව %$
Deleteඉවාන් උඹගේ වගේ කඩමාලු එල්ලන් නැ අපේ ඒවා දැම්මට
Deleteනිමෝ උඹලත් බලන්නේ කාවහරි පටලවල සතුටු වෙන්ඩ නේද
Delete@Manosh Sandaruwan
Deleteපත්තර - ඉවාන් මහා ගු සංග්‍රාමය.
පත්තරයෝ මට අපරාදේ එක වෙන්ඩ තිබ්බේ
Deleteලුසා මම දන්නව උඹ සිගිති ආතල් බුවා කියල ඒකයි ඉඩ දුන්නේ වැඩිය දගලන්ඩ එකා අරුට කියල මකවනව
Deleteඋඹල දෙන්නවම කැපිලා යනව බලන්ඩ ආසයි මට නැත්තා දෙන්නා කපාගන්නව වත්
Deleteචතුරංග කොයි පැත්ත ගත්තත් කමක් නැ , වැරදි විදිහට බැල්මක්වත් දාලා අහු වෙන්ඩ එපා රත්තරනේ
DeleteAru-ගේ අඩවිය
Delete// ඇත්තටම කියුවොත් කරල //
ඔය විදිහට මොන මොනව කොරයිද දන්නැ
ඒකනෙ බං අටමො.. චැහ් !!
Delete//ගහපියව් යකෝ අත්පුඩියක් අපේ අරූ අයියට.. හුරේ !!//
Deleteආයෙත් අහල මට නිකං පඩි ගත්තා වගේ ඇයි බං මට පට්ට කමෙන්ට් ඇරියස් එකක් තියනව
අද අටමගෙ චන්ඩිය බඩේ :D අම්මෝ සැර !!!!!!!!!!
Deleteපිස්සුද බං අරක්කු ජුංඩක් දැක්ක කාලයක් මතක නැ
Deleteඇයි දැන් දේශිය එවා ද පාවිච්චි කරන්නෙ ;)))
Deleteඊයෙ රෑ දැක්කට පස්සෙ වෙන්ඩෑ !!!
Deleteමාරු වෙන්නද යන්නේ?
ReplyDeleteඔව් කකා. ගොඩාක් අය කිව්වා මාරුවෙන්න කියලා. මගේ හිතවතෙක් මේක මාරු කරා. මම තාම බ්ලොගර් ඉගෙනගන්නවා.
Deleteමේක හරි සිම්පල් පැලෑන් එකක්..
Deleteඔව් විදානේ ටික දවසක් යනකොට හරියයි වගේ.
Deleteමාරු උනාට කමක් නැ අරු අරක අත අරින්න එපා
Deleteදන්නවනේ බැන්දට අත අමතක කරන්න නරකයි
//බැන්දට අත අමතක කරන්න නරකයි// මේවා වටින කියන උපදෙස් බොලව්. ඇත්තමයි. ;)
Deleteඒ උනාට බලාගන පවුල එලියට දායි
Deleteහිතේ හයිය අතට අරං - ……………………………… !!!
Deleteඅරූ අයියා සිම්පල් ප්ලෑන් එකකට මාරු වෙලා වගේ. :D
ReplyDeleteසුබ පැතුම්.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. අරූ බ්ලොගර් වලට මාරු උනා. ගූගල් දෙයියා දන්නවනම් දානව එහෙම ඇඩ් එකක්.
Deleteගන්න අපේ දේ කියලා. :D
Deleteඅපි සිංහ වංහයෙ . ඔබ ?? :D
Deleteසිංහයෝ කවදද බොල කානුපල්ලේ ලැග්ගේ
Deleteමම… සිංහයාට බයයි මස්සිනේ… :D
Deleteසිංහයො දෙකක් ඇණගත්තම කාණු පල්ල නිකං හිල්ටන් එක වගේ බොල.. පුහ් !! එතන තියන සැප.
Deleteමහ පාරෙ කාණු වල… සිංහ පැටවු…
Deleteනැත උන්ගේ… කරටි කෙලින්…
සිංහ නාද.., බලු කෙදිරිය...! හැක්......
Delete@ප්‍රියා......මාරුවෙලා තියෙන්නේ. ශේප් එකේ හුරුවෙන්න ඕන. එතකම් අතපසුවීම්,වැරදීම් වෙයි.
Delete//අපි සිංහ වංහයෙ . ඔබ//
Deleteඋමාරයි උමාරියයි පත්තරයගේ නැදැයොද
//ගූගල් දෙයියා දන්නවනම් දානව එහෙම ඇඩ් එකක්.//
Deleteඑහෙම වෙයිද නැත්තං වයස් සීමාවක් දායිද කවුද දන්නේ
අටමො.. කොහෙදෑ බං ඊට කලින් මං බැන්දනේ :D
Delete//සිංහයෝ කවදද බොල කානුපල්ලේ ලැග්ගේ//
Deleteඋඹ මෙහෙම ලොරි ටෝක් දෙනකොට මට මතක් වෙන්නේ අර උඹ කරපු ගොං වැඩේ අනේ අම්මාාපල්ල ඉවාන් උඹ වාගේ රට හරකෙක්
//මහ පාරෙ කාණු වල… සිංහ පැටවු…
Deleteනැත උන්ගේ… කරටි කෙලින්…//
හේහ් මලය ඒ උනාට සිංහයෝ තණ කන්නේ නැ තන කැවට
//සිංහ නාද.., බලු කෙදිරිය...! හැක්......//
Deleteකාගෙද මල්ලි
//අටමො.. කොහෙදෑ බං ඊට කලින් මං බැන්දනේ :D//
Deleteහොදයි මචං කොලු සබ්ජට් නවත්තන එක, ඔය ඉවානයට ඉන්ඩ දියං
හරි.. හරි... අද නම් අටං අයියගේ චන්ඩියා බඩේ සුවර්..
Deleteරෙද්ද තමා
Deleteබ්ලොග් වලට ආපු එක හොඳයි බං අරූයියේ.
ReplyDeleteමනෝ මට මේකේ තියෙන පහසු අපහසු තේරෙන්නේ නැහැ. හැබැයි කියවන අයට බ්ලොගර් පහසුබව මීට කලින් හුඟක් අය කිව්වා. මට ඒක කරගන්න බැරිව නිකන් අල්ලලා දාලා හිටියේ.
Deleteමෙහෙමයි අයියෝ ඔය වදං තදේ බොරු පඩ විතරයි , බ්ලොගර් ආතල්
DeleteWhether it's WordPress or Blogger, we are always your readers.
ReplyDeleteCongratulations!
Thanks Dude!!
Deleteමොකක්ද ඩූඩ් අයියේ කියුවේ
Deleteඅප්පෝ ඇති යන්තං දැන් කමෙන්ට් එකක් කොටා ගත්තහැකි.මට අරක ගිනිතියන්ඩ හිතිලා හිටියේ
ReplyDeleteඅම්ම්පල් කියාගන්න බැරුව හිටියෙ ඔය ටික.
Deleteසිරාවට මාත් අකුරු තදේ කමෙන්ට් කලේ පුදුම කට්ටක් කාලා.
Deleteඅඩේ අටම් තව ලමයි දෙතුන් දෙනක් හදාගන්න තියන එක ගිනිතියා ගන්න එපා...
Delete@ අටමෝ....කියවන අයට කමෙන්ට් කරන්න තියෙන අපහසුව ,උඹ ඇතුළු බොහෝ දෙනෙකුට බලපෑව බව මම දන්නවා. දැන් වැඩේ හරිනේ. වැරදීමක් වුනොත් කියලා දීපන්. ස්තූතියි!!!!!
Deleteවදං තදේ මල වාතේ
Deleteඒකට ගිනි තියාගන්ඩ පිස්සුද බං . කී දෙනෙකුට පාඩුද
Deleteහුරේ !!!
ReplyDeleteජය වේවා !!!!!
ඔය තියෙන්නේ දිලිසි දිලිසි !!!!
දිලි දිලි දිලිසේවි මා දෑසේ ආලෝකේ…
Deleteකවුදෝ මාන බලන්නෙ ඔබ ළග මා ඉන්නේ…
සොමියට වරෙන් පුතාඅගුල් දාලා නෑ දොරේ
Deleteඅහපන් රියල් කතා අරූ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේවාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දිතියෙනවා මගෙ කාමරේ
මේක අරූ අයියගෙ බජව් දාන කාමරේ
පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළු මන්ට් ලා නිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල්ස් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා
ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත…
වරේවා !!!!!!!!!!!!
අඩෝ පට්ට පට පට…
Deleteකාටත් කියන්න එපා මම බයිලා දන්නෙ නෑ කියලා. ;)
පොඩි කාලේ මරද වැල්ලේ…
වැළි බාත් උයාපු කෙල්ලේ…
වැලලී ගියා අතීතේ…
කෝ බැන්ද ඕළු මාලේ…
පත්තරේ එල ඈ...!
Deleteඅපෙන් ෂින්දු - අරූ අයියගෙන් විෂ්කි !!!!!!!
Deleteමං දැන් දහ දොලොස් පොලකම කිව්වා. පත්තරය තනිකරම ප්රබුද්ධ වෙලා. විදග්ධ වෙලා. තව මෙව්වා වෙලා.
Deleteමනෝ, ඔය ඔක්කොම වෙලා හෙට ගෙට වෙයිද දන්නෑ. ;)
Deleteපත්තරේ,
අදරේ මහා සුන්දරයි කියා…
පේළී පේළී ගෑණු ළමයි මා දිහා බලා…
මෙව්වා වෙලා නෑ බං අරෙහෙම වෙලා :D හැක්
Deleteතොපි දිහා බලන ගෑනුන්ට ඇස් පෙන්නේ නෑ,,, සුවර්...!
Deleteනිමෝ දිහා බලනකොට නම් ගෑනුන්ට ඇස පේනවා , එකනේ තාම කෙල්ලෙක් නැත්තේ
Deleteපත්තරේ, කොරමද වෙලා තීනවා?? :)
Deleteනිමෝ, මටත් ඕක ගෑළ්ලමයි තුන් හතර දෙනෙක්ම කිව්වා "අයියා ඔයාව දැක්කාම මට මගේ ඇස් අදහා ගන්න බෑ, මම අන්ධ වෙනවා ඔයාගෙ ලස්සනට" කියලා. ;)
ඉවාන්, මොකද කියන්නෙ මූටත් සෙට් කරමුද හොද ලස්සන නංගියෙක්. අර වනිතා වගේ. :)
උන්ට ඇහැත් පේනවා මොලෙත් තියනවා :D
Delete@ඉවාන්..
Deleteමට කෙල්ලෙක් නැති එක හොදයි,,, කරගහගෙන බොලන්ලා වගේ විදවනවට වඩා.
ඒ අතින් අපි නිදහස්.
උන්ගේ ඇස් පේන නිසා තමා බොල මාත් එක්ක යාලුවෙන්නේ නැත්තේ...! :D
@ ප්‍රියා..
අනේ නිකා ඉදින්....
තෝව දැක්කම කෙල්ලෝ අන්ධවෙන්නේ තොගේ ලස්සනට නෙමෙයි බොලන්. තෝ දිහා බලන්න ගිහින් උඩ බලලා,
ඉර අව්වට ඇස් නිලංකාර වෙලා. අනේ බන් කියන තැනකට වදින්නම් තොපි වැටුණු වලේ නම් මාව දාන්න හදන්න එපා.
@පත්තරේ,
//උන්ට ඇහැත් පේනවා මොලෙත් තියනවා :D//
එක ඇහැක් පෙන නිසා වෙන්ඩැති තෝ පස්සෙන් එන්නේ...
මොලේ නම් ඇත්තේ සුවර් එකට වෙනතැනක. තියෙන්ඩ ඕන තැන නම් වෙන්නම බෑ.
අරූ අයියගෙ ඕපනින් එකේ කොල්ලො ෂැට් එක බැහැලම වැඩ .. ආව් මරුනේ :D
Deleteමේක ඇතුලේ ගුණේ අයියාගේ සිංදුව ගැන සන්නස්ගල කෙටි විචාරයක් කරනවා. ගීතයට කලින් සහ පසුව. බලපන්!!
Delete//////////////ඔය තියෙන්නේ දිලිසි දිලිසි !!!!////////////////////
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලත් කියනවානේ බන්!!
//මං දැන් දහ දොලොස් පොලකම කිව්වා. පත්තරය තනිකරම ප්රබුද්ධ වෙලා. විදග්ධ වෙලා. තව මෙව්වා වෙලා//
Deleteපවුල ලංකාවේ කොල්ල තනියම හන්දා වෙන්ඩ ඇති
//චතුරංග ප්‍රියශාද්//
Deleteඋඹ දන්නවද අළුත්ම ආරංචිය පත්තරය...... එක්කෝ ඕන නැ
//නිමෝ දිහා බලනකොට නම් ගෑනුන්ට ඇස පේනවා , එකනේ තාම කෙල්ලෙක් නැත්තේ//
Deleteපිස්සු පීකුදු මමනේ දන්නේ ඒ හරියත් අර හැපි ගෙස්ට් එකේ සෙනසුරාදට ඉරිදට මූට වෙනමම කාමරයක් වෙන් කරල තියෙන්නේ
//නිමෝ, මටත් ඕක ගෑළ්ලමයි තුන් හතර දෙනෙක්ම කිව්වා "අයියා ඔයාව දැක්කාම මට මගේ ඇස් අදහා ගන්න බෑ, මම අන්ධ වෙනවා ඔයාගෙ ලස්සනට" කියලා. //
Deleteඒ මල්ලි ඔයා ලස්සන හන්දා නෙමෙයි , ඔයා කලු හන්දා ආලෝකය පරාවර්තනය වෙන්නේ නැ , ඉතින් ඒ ගැනු දරුවන්ට ඔයාව පේන්නේ නැ , ඔයාගේ හිත රිදෙයි කියල කෙල්ලෝ අරහෙම කියනව
නිමෝ එළ එල
Deleteසන්නස්ගල ඇක්කා ...............අයියා
Deleteඔය ඕන්නෑ කියපුවත් කිවුවනම් තමා වටින්නෙ. හැක්. ;)
Deleteඅටමෝ......මේ සින්දුවට පොර දෙන කෙටි විචාරය බලපන්. ඒක හොඳ ටොක්කක්. පීචං කියලා ලේබල් ගහපු මිනිසුන්ට උපහාරයක්.
Deleteහා හා මගේ රෙදි ගලවන්න එපා අටං අයියා.....
Deleteනීමෝ
Deleteඅටම් උඹේ රෙදි ගලවන්න හදන්නෙ මොකටද ඈ ???
මං හිතන්නේ හන ගහන්ඩ වෙන්ඩ ඕනෑ.. !!!
Deleteයකෝ නිමෝව හන ගහන්න ද යන්නෙ?නීමෝ දවස් ගානකට හරි එහෙනම් ....හැක් මගේ කැත හිත
Deleteඔව් ඔව් .. හණ ගහන්ඩ යන්නෙ . මසට පටවයි කියලා ජා ඇලට :D
Deleteහන ගත්දි රිදෙනවද මචංලා. ;)
Deleteනීමෝට ගැහුවාම බලන්න වෙන්නෙ ...තව 9යි
Deleteඑහෙනම් ගහලම බලමු බං. නිකන් ඉන්න එකනෙ. ;)
Deleteඔන්න දැන්ම කිව්වා කොමන්ට් 200 න් 50 ක් මම බුක් කරා, :D
ReplyDeleteඉතුරු වෙන එකකින් අපිටත් සළකපන් හම්මේ… :)
Delete50 ක් මටත් ඕන...! හරී...!
Deleteහරි තව එක පිංවතෙක්ට ඉඩ තියෙනවා. අපි බලමු කවුද අද අවසන් ජයමල්ලේ ජයග්‍රාහකයා.…
Deleteඅඩේ මචං මටත් ණයට දහයක් දියන් ඈ...
Deleteහරි තව හතලිහක් ඉතුරුයි.…
Deleteමට හතරක් දියන්
Deleteඉල්ලපංකො මැලේ රවුං ගානක්.. උඹ දහයක් ගනිං කාම පැයේ කමෙන්ට් කරන්ඩ :D
Deleteමැලේ ඇයි හතරක්, ගනින්කෝ දහයක්ම...! :P
Deleteඈ බං… බෑ බෑ ගන්නව නම් 10ක් ගනින්. නැත්නම් බෑ.
Deleteදෙසීයෙන් පනහක් කිව්වේ මොකක්ද බන්.
Deleteපත්තරය ............එව්වා කොහෙද වැඩිම කමෙන්ට් දාන්නේ මම , ඔන්න බලහං රස්සාවක් නොකරන එකේ වාසිය
Delete//කාම පැයේ // මේකට දාන්ඩ එපා අරකට දාපන්
Delete/දෙසීයෙන් පනහක් කිව්වේ මොකක්ද බන්.//
Deleteනොදකින් තාම ඒකවත් තේරිලා නැ
ඉල්ලන්ඩ හිගන්ඩ රන්ඩු වෙන්ඩ දෙයක් නැ බොලව් , මං වාගේ බලෙන්ම ඔබපියව්
Deleteබලෙන් ඔබලා ගුටි කන්න වෙයිද මන්දා අටම් අයියා. පොඩි එකා නොදන්න කමට ඕන් ඇහැවුවෙ. ;)
Deleteපත්තරේ බොලාට 50ක් ඇති වෙයි ද ?
Deleteමොන පනහද බං මේ අටමා හාරපන්සීයක් දාලනෙ දැනටමත් .චැහ්
Deleteඋඹ අරින්න එපා ඉතුරු ටික දාහන් ;))) අටම්ට ටිකක් වැඩි උනාට මක් වෙනව ද ???
Deleteපොහ්.................මල් හතයි ඈ...................එහෙනං බ්ලොගර් එකට ට්‍රාන්සිස්ටර් උනාද? හරි හරි අරු, කොහොම වුනත් අන්තර්ගතය තමයි වැදගත්.
ReplyDeleteවිචාරක.....අන්තර්ගතය තමයි වැදගත්. ඒක හරියටම හරි. බ්ලොගර් එකට ට්‍රාන්සිටර් වෙන්න කාලයක් තිස්සේ මේක බලන අය කියපු දෙයක්. දැන් තමයි සිද්ධවුනේ. මට කරන්න දෙයක් තිබුනේ නැහැ. එකෙක් මේක කරලා මට කිව්වා මෙහෙම දෙයක් කලා කියලා. ඒක ආදරණීය අත දීමක්. අරූ, ඌටත් ,මූටත් ඒ වෙනුවෙන් ගරු කරනවා!!
Deleteහෙහ් ...හෙහ් අනිත් වදංතද මැන්ටලෙත් ඇවිත් , දැං හරි .
Deleteමේ මැන්ටල් හැර තවත් වදං තද මැන්ටල් සිටිද
අර මැන්ටල් කියන්නෙ එල්ලෙන තේ ගොඩ්ඩක් වගේ පැට්ටොල් ලම්පු වල තියෙන එවාට වෙන්ඩෑ ;))))))))))))
Deleteඑල්ලෙන සියල්ල මැන්ටල් නොවේ !!!
Deleteවැඩ අස්සේ කොමෙන්ටු ටිකක් කෙටුවේ...! පොස්ට් එක පස්සේ කියවන්නම්. එනිවේ ජය වේවා....!
ReplyDeleteවැඩ නම් කවදා කර ගන්න බැරිද බං. අපිව ආදර්ශෙට අරන් හැදිය. හැක්. ;) :D
Deleteආං හරි .. වැඩ නං හැමදාම කරනවනේ බං. අද ඕපනිං සෙරමනි .. නංගිලා කේකුත් අල්ලනවා :D
Deleteතොපි දිහා බලලා හැදෙන්න....අනේ පල යන්න
Deleteමල මගුලයි එහෙනම් දැන් හිරි විලංගුවේ වැටිලා සුවර්.....!
කේක් තෝම කාපන්, මට එපා... ;P
එහෙනං හැන්දෑවට වර.. විෂ්කි & බෙන්සන් !!!
Deleteඅන්න එහෙම වර....! :P
Deleteබයිට් මොනාද මචන්ලා. ;)
Deleteබයිටට ඉවානයා මස් කරලා .. පෝක් :D
Deleteඉවාන් ගෙ අහිංසක මුහුණ බලන් එහෙම කර හැක්ද බං මම අහන්නෙ. :)
Deleteඌරො නම් වල් ඌරා හොදයි. වනචර ඌරෙක් හරි කමක් නෑ. ;)
ආං ඒකයි ඉවානයව මස් කරේ :D
Deleteඉවානයා මස් කරලා,,
Deleteඒ..... ඒ..... මං හරක් මස් කන්නේ නෑ බන්...! :)
නිමෝ.....හෙමින් සැරේ පෝස්ට් ටික කියවන්න. තරුණයෝ හැටියට උඹලා නොදන්නා කාරනා ඔය ලිපි ඇතුලේ තියෙන්න පුළුවන්.
Deleteබාගෙට මේ පොස්ට් එක කියවනකොටත් හිකනලෙක් ඇවිත් වද දුන්නා. වෙලාව ලැබුන ගමන් අනිවා කියවනවා අරූ අයියා..... ජය...!
DeleteNimo (නිමෝ)
Deleteකියවපං මේකත් එක්ක මේකට තියන අනිත් කොටස් හතලිහත් , බියර් වලට වඩා රහයි බොල
//නංගිලා කේකුත් අල්ලනවා :D//
Deleteනාරං කැවුං නැතෙයි
//බයිටට ඉවානයා මස් කරලා .. පෝක් :D//
Deleteනැ බොල වල් ඌරු මස් , අනික සමාජවාදී ඌරෙක් , මස් ටික තදට තියෙයි , හැබැයි හොදට හෝදල උයපල්ලා නාන්නේ නැති හන්දා
//ඉවාන් ගෙ අහිංසක මුහුණ බලන් එහෙම කර හැක්ද බං මම අහන්නෙ. :)
Deleteඌරො නම් වල් ඌරා හොදයි. වනචර ඌරෙක් හරි කමක් නෑ. ;)//
හරියට හරි මල්ලි උපාසක බළල්ලු තමයි දෙක දෙක අල්ලන්නේ ඔය යකා හෙන බක තපසා
//නිමෝ.....හෙමින් සැරේ පෝස්ට් ටික කියවන්න. තරුණයෝ හැටියට උඹලා නොදන්නා කාරනා ඔය ලිපි ඇතුලේ තියෙන්න පුළුවන්.//
Deleteඔන්න ඉතින් අයියත් දන්න හරිය , පැය හත අටක් මූත් එක්ක හිටියා අයියෝ සංසාරේ අපේ රටේ අනාගතේ
//අයියෝ සංසාරේ අපේ රටේ අනාගතේ//
Deleteඅනාගතේ අපේ අතේ - අපි ඔක්කොම ………
ඌ එක්ක පැය හත අටක් හිටියානං ඉතිං උඹවත් බ්ලැක් ලිස්ට් කරන්ඩ වෙනවා .. :D
Deleteකාත් එක්ක ද මේ ඉන්ඩ හදන්නෙ ???
Deleteයකෝ නිමෝ ව ඔසාමා ගෙ ගානට දාලානෙ. හැක්. :D
Deleteකෝ මේ නීමෝ :))))
Deleteඅම්මට සිරි..ඇතියන්තම්.. දැන් නම් සුපිරි. මට මේක අරූ අයියට කියාගන්න බැරුව හිටියෙ. වෙල්කම් ෆෝ බ්ලොගර්....
ReplyDeleteඒක නෙවෙයි මට මේක එස්.එම්.එස් කට්ටකින් එව්වා පිංවතා කවුරු? මට හොයාගන්න බෑනෙ.
//මට මේක එස්.එම්.එස් කට්ටකින් එව්වා පිංවතා කවුරු? මට හොයාගන්න බෑනෙ.//
Deleteමාව අමතක කලාට…
වෙන කෙනෙකු වෙත ගියාට…
තාම ආදරේ බ්ලොගේට…
නෙතු සැරසෙයි කඳුළකට……
:'( :'(
මට නුඹ හිමි නැති බැව්
Deleteසිත නෑ අදහන්නේ
සිත හැඬුව ඇති දැන්
ඔබ නෑ යලි එන්නේ
:D :D
රෙසා… රෙසා… රෙසා, මගරිසා…
Delete___________________________
ඔබට වරම් නැති…
මටද වරම් නැති…
සෙනහස කොතැනද සැඟව ගියේ……
සිතින් විතරක් පෙම් කරන්නම්
Deleteදුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බැහැ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ ....
මටත් එවල තිබ්බා හැබැයි නම්බරේ තිබ්බා මං ල සුරැකිව
Deleteරෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න.....
Deleteආ.. රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න..... :P
මනෝෂ්.....උඹලා බ්ලොගර්ප්රේමියෝ නේද? මම ඉතින් දන්න කියන වර්ඩ්ප්‍රෙස් එකත් එක්ක තමයි ලව් කරේ. ඒත් ඉතින් පරණ ලව් එකට හානියක් වෙනවා දකින්නත් කැමති නැහැ. මම තාම කල්පනා කරනවා බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් වෙනස මොකක්ද කියලා. හිතලා වැඩක් නැහැ.
Deleteමමත් දැණගත්තේ අද උදේ මෙහෙම දෙයක් වෙලා කියලා. මම නම් ළමයෝ මොකුත් මෙසේජස් එව්වේ නැහැ.
අනේ කමක්නැ අයියා ගෙදර එකයි පිට එකයි කියල හිතාගන දෙකම කන්න සූදු
Deleteකවුද බං ඒ ......බ්ලොග් වල සීන් එස් එම් එස් කරන බුවා , අඩේ එලනේ , අන්න එහෙම ආදරේ කරහල්ලා බ්ලොග් වලට එල එල ....උම්මා
Deleteඔය උම්මා එකට අයිතිකරු වශයෙන් මට කීමට ඇත්තේ මේ අවස්තාවේ මා මුහුණ සෝදා නැති බවයි. :D
Deleteකෝ එහෙනං හරවහං අනිත් පැත්ත
Deleteඑක්කෝ එපා මූණ හෝදන්නේ නැති එකා පුක හෝදයිද
Deleteහැක් හැක්. //මූණ හෝදන්නේ නැති එකා පුක හෝදයිද// සහතික ඇත්ත, ;)
Deleteමොකක්ද මේ වෙන්නෙ බොලව් :))) හිතා ගන්න බෑ උඹලා මෙකත් 200ය පන්න්න ද හදන්නෙ ?
Deleteඅටම්
Deleteප්‍රියා පොස් වෙන්න කියලා පත්තර කොළ වෙන්ඩ ඇති පවිච්චි කරන්නෙ ;)))
පත්තර කොල ගණං නේ .මං හිතන්නේ කෙහෙල් කොල හරි හබරල කොල හරි :D
Deleteනෑ පත්තරයෝ වැලි කඩදාසි වෙන්ඩ ඇති -මාසෙකට එක් වරක් :D
Deleteමම කෙලින්ම පාවිච්චිය වයර් බ්‍රෂ් එකක් මචංලා. හැක්. ලවුලි වලට වත් එච්චර සුදු වෙන්නැ. :D
Deleteඉතුරු වෙලා තියෙනවා කියන්නෙ ලොකු දෙයක් :D
Deleteඅරූ අයියේ, නොදන්න කමට තාස්සනික දෙයක් අහන්නෙ. වර්ඩ්ප්‍රෙස් වල ඉඳල මෙහෙම බ්ලොගර් වලට ට්‍රාන්සර් වෙන්න ඇහැකිද? මං කිව්වෙ, දැන් මේ පරණ පෝස්ට් එහෙම ඔක්කොම ඒ ඒ අවුරුදු මාස වලින්ම පේනවනේ. හැබැයි කමෙන්ට්ස් ටිකනම් ගන්න බෑ වගේ නේද.
ReplyDeleteකොහොම උනත් බ්ලොගර් වලට මාරුවෙච්ච එකනම් නියමයි. එතකොට දැන් අර වර්ඩ්ප්‍රෙස් එකේ ආයෙ ලියන්නැත්ද?
මනෝෂ්.......නොදන්න කමට තාස්සනික දේවල් උඹ අහන්නේ නියම පොරකගෙන් තමයි. මගෙන් අහන්නේ උඹට පිස්සුද? මේ වැඩෙත් හරියට .. කවුරුහරි එකෙක් කඩේ ගිහින් බඩු අරගෙන...ගෙදර ඇවිත් උයලා...මේසෙට බෙදලා...දැන් කාපන් කිව්වාම...කන එකාගෙන් අද මාකට් එකේ බන්ඩක්කා කීයද කියලා අහනවා වගේ වැඩක්. මම දන්නේ නැහැ මනෝෂ්.
Deleteවර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක තව කාලයක් ඔහොම තියනවා. එතනට තමයි මම දන්න නොදන්න කවුරුත් ආවේ. ඒක එහෙමම මේ පෝස්ට් එකත් එක්කම තියෙයි.
පිස්සුද අයියේ විකාර නටන්ඩ එපා , මේකට පෝස්ට් එක දාලා දවස් දෙක තුනකට පස්සේ ඒකටත් දාන්ට , අළුත් ගෑනි ගත්තට පස්සේ පරණ ගෑනිට වංගෙඩි බදු ගෙවන්ඩ ඕන කියල ඔහේ දන්නේ නැතෙයි
Deleteඇත්තටම අරු අයියේ බංඩක්කා කිලෝ එකක් කීයක් විතර වෙනවද , මං අහන්නේ එංගලන්තේ , මෙහේ වාගෙම ඔය සුදු බංඩක්කා ලිස්සල යනවද
Deleteමෙහේ වාගෙම ඔය සුදු බංඩක්කා ලිස්සල යනවද//
Delete:)))) හැක්
අල පණහයි - ගෝව තිහයි .
Deleteගොඩම සීයයි !!!!
ගොඩ උඩින් පැන්නොත් සීය පනහ වෙනවා ඈ
Deleteසිනාසෙන්න මට - ලොවට පෙනෙන්නට :D
Deleteඇනෝ කෙනෙක් ඇවිත් මගේ බ්ලොගේ කොමෙන්ටුවක් දාලා තිබ්බා මේ අඩ්ඩස් එක ...... මම ඇනොටත් කෝචෝක් එකක් දාලාම මේකට ඇවිත් බැලුවමයි දන්නේ මෙයත් මෙව්වා වෙලා කියලා.... ඕ යෙස් (මෙව්වා සඳහා අනුග්‍රහය අපුර්වී -- ඕ යේස් සඳහා අනුග්‍රහය ප. ම. )
ReplyDeleteඕ යේස් :D
Deleteඅඩෝ මැළයා උඹේ බ්ලොගේ ඇනෝගෙ මඟපෙන්වීමෙන් තමා මාත් ගොඩ බැස්සෙ. :)
Deleteමාත් ඒකෙං තමා බොල.. අන්න බොක්කෙ ඇනෝලා !!!
Deleteමෙන්න ඇනෝ උඹට මගේ ආචාරය !!!
@ රාළේ.....බලපන්...ෆ්‍රී පබ්ලිසිටි ගන්නත් පොඩි පිනක් පහලවෙලා තියෙන හැටි. ඒකත් ආතල් එකක්.
Delete////ඇවිත් බැලුවමයි දන්නේ මෙයත් මෙව්වා වෙලා කියලා////....
අද මෙහෙ ටොප් දවසක් බන්. අව්ව පායලා ආතල් සෙන්ටිග්‍රේඩ් 18යි. මාත් කඩේ යනවා බන් මොනවා හරි ගෙනත් මෙව්වා වෙන්න.
(මෙව්වා සඳහා අනුග්‍රහය අපුර්වී -- ඕ යේස් සඳහා අනුග්‍රහය ප. ම. )
Deleteආ එහෙම සීන් එකක්ද
//මාත් ඒකෙං තමා බොල.. අන්න බොක්කෙ ඇනෝලා !!!
Deleteමෙන්න ඇනෝ උඹට මගේ ආචාරය !!!//
චොයි ඇනෝ කෙනෙක් නේ
//අව්ව පායලා ආතල් සෙන්ටිග්‍රේඩ් 18යි. මාත් කඩේ යනවා බන් මොනවා හරි ගෙනත් මෙව්වා වෙන්න.//
Deleteලෙඩගානේ ඉදගන තනියම බීපිය බීලා මැරිය
සොරි සොරි අරු අයියේ සොරි
Deleteඅයියා වැඩිපුර කාලක් ගේන්ඩ ඈ. අපිත් ඉන්නවා :D
Deleteබොලාට කාලක් ඇති වෙයි ද ? ඈ ;)))
Deleteඅම්මට $%^^^ක කමෙන්ට් 87ක්
ReplyDeleteඕපනින් එකේ කස්ටිය වැඩ :D
Deleteආ,,,,, අටං අයියා.. :D
Deleteඔව් බන් මොකක්ද මේ වෙන්න යන්නේ....
Deleteපාටි පාටි.… අර බයිට් පීරිසිය පොඩ්ඩක් ලගට කරහන්කො කවුරු හරි තරහා නැතිව. :)
Deleteමෙන්න බයිට් එකට විදින මගේ හතුරෙක් ;)))
Deleteඔන්න 87 නැග්ගුවා 150 කෝ කෝ උඹලත් නග්ගල ගනිල්ලා
Deleteනග්ගන එක සිම්පල් නේ කෝ මේ පත්තරේ ;)))
Deleteපත්තරේ හියර්.. අයියෝ දෙයියනේ බ්ලොග් කට්ටක් ලියාගෙන පාඩුවෙ හිටපු මනුස්සයට මුං කරපු අපරාදේ. හෙන ගහපියව් !!!!
Deleteඈ ..කවුද මේ බ්ලොග් කට්ටක් ලියාගෙන පාඩුවේ හිටපු එකා බොලා නම් වෙන්ඩම බෑ ;))))))
Deleteආ මගෙ බ්ලොග් එක තමා වසරේ ජනප්‍රියතම බ්ලොග් එක සහෝදර :D හිට්ස් වැටෙනවා මර මර ගාලා. හැක්
Deleteපොස්ටුවක් නොමැතිව හිට්ස් පමණක් ඇති එකම බොගිය ,අවිවාදයෙන් උඹේ බොගියම තමයි අයේ
Deleteඋදයට පායන හිරු මෙන් ඔබ මට විශ්වාසයි :D
යකො මම නම් පත්තරේගෙ බොගේ කමෙන්ටුත් දාලා තියනවා බොලවු. :)
Deleteහා එල එල මාරු උනේ මොකද ඈ කොම වුනත් එක හොදයි
ReplyDelete