Wednesday, June 15, 2011

14 සහ JVP

                ප්‍රශ්ණ ඇතිවන්නේ සහ ඒ ප්‍රශ්ණවලින් විඳවන්නේ අහිංසක ජනතාවය.විරුද්ධ පක්ෂවලට සහ එහි නායකයින්ටනම් මේවා පුහු විරෝධ හෝ සටන් පාඨ පමනක් විය හැක.නැත්නම් මැතිවරණ ඉලක්කයන් විය හැක.වැලිවේරියේ මිනිස් ඝාතනයන් හා අන් සියලුම සිදුවීම් එක් තැන්කර ගත්තත් අද ආන්ඩුව සිද්ධ කරමින් යන්නේ තමන්ගේ මතයට එහායින් තවත් කිසිම දෙයක් සිදුවිය නොහැකිය යන ස්ථාවරයේ සිටය.මෙයට මුහුණ දීමට සහ විරෝධය පෑමට එක් පෙරමුණකට ගොනුවනවා හැර වෙනත් විකල්පයක් නැති බව ජනතා මතයයි.
              ප්‍රධාණ විපක්ෂය වශයෙන් UNP සමහර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලින් කර හැරියා සේම JVP අද පවතින මර්ධනයට විරෝධය පෑම සඳහා 14 වැනිදා පැවති කටයුතු වලින්ද කර හැරියා යැයි මගේ මතයයි.දැන් අවශ්‍යව ඇත්තේ පාට හෝ පක්ෂ නොව එක්වී සටන් කිරීම කෙසේ වෙතත් එක්වී මුහුණ දීමය.ඔසවාගෙන යන කොඩියේ පාට හෝ ලකුණ ජනතාවට වැදගත් නැත.JVPතේරුම් ගත යුත්තේ ඒ සත්‍යයය.සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට එක වේදිකාවේ සිට එකට මොරදුන් JVP නායකයින්ට අද පවතින්නේ ඊට වඩා දරුණු දේශපාලණ වටපිටාවක් යන්න වටහා ගැනීමට බැරිනම් එය විහිලුවකි.
                                   14 වැනිදා විරෝධතා ව්‍යාපාරය තුල  JVP නොසිටියේ හැමෝටම පෙර තමන් යන න්‍යාය ඉස්මතු කරගෙන නම්  JVP නිතරම කරගන්නා පරිදිම මෙතනත් කෙලවගත්තේය.මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවූ JVP අන්තිමට පක්ෂයත් පාක්ෂිකයාත් අතරමං කර දැමීය.ඒ සඳහා වෙනම තර්කයක් JVP සතුය.එය මෙතනට අදාල නොවේ.තව දුරටත් තම පාක්ෂිකයන් ගොනාට නොඅන්දවා හරි තැන හරි වැඩේ කිරීමට ඔවුන් යොමු කල යුතුය.මේවාට කෙස් පැලෙන තර්ක වැඩක් නැත.
                          රූපවාහිනි චැනල්වල වාද විවාද කරගන්නා තරමටම ප්‍රායෝගික තලයේද වැඩ සිද්ධවිය යුතුය.ආයතනවලට පත්වෙන ඔලුගෙඩි ගැන විශ්වාසයක් තබන්නේ නැතැයි කියන JVPය කලයුත්තේ සටන් ක්‍රියාමාර්ගවලට එක්වීම හැර අන් කවරක්ද?මේවා නිවැරදි කරගෙන ජනතාවට සාධරණයක් ඉටුකරගන්නට සුදානම් නැත්නම් ඒ පක්ෂවලින්,පාටවලින්,කොඩිවලින් සිදුකර ගන්නට හැකිවන්නේ අහිංසක මිනිස්සුන්ගේ මලගෙවල් වල ශෝකය ප්‍රකාශකරන්නන් පමනක් වන්නටය.
                   මහින්ද රාජපක්ෂගේ ඉඩි අමින් ස්වරූපය හඳුනාගත්තාට පමනක් සෑහෙන්නේ නැති බව ඔය ලොක්කෝ දැනගත යුතුය.14 වැනිදා සටනට විපක්ෂයේ අනිකුත් පක්ෂ සමග ඒකාබද්ධ වීමට ජවිපෙට හීනමානයක් තිබුනා නම් කලයුතුව තිබුනේ කොලඹින් පිට හෝ ආන්ඩුවටත්,හෙංචයින්ටත් ඇඟට දැනෙන විරෝධයක් සංවිධාණය කිරීමය.ඉතාලියේ පෝස්ටර් ගහපු බවනම් ආරංචිය.අපිට හැර අන් අයට සටන් බැරිය,අපි පමනක්ම සටන් කරන්නෝය යන යල් පැනගිය මනස්ගාත වලින් ජනතාවට වැඩක් නැත.
                    මේ සියලු ක්‍රියාමර්ග පලාත්සභා ඡන්දයෙන් පසු නැවත දියවී වාශ්පවී යන බවනම් මිනිස්සු අත්දැකීමෙන්ම දනී.කොල,රතු නොව කලු පාටින් හෝ සටන් එක්තැන් කලයුතු බව මගේ අදහසයි.අශ්වයා ගිය පසු වහලා වැඩක් නැත්තේ ඉස්තාලය බව ඔය කොයි අයියාත් දනී.ජවිපේ නායකයින් මොන න්‍යාය ඉදිරියට දැම්මත් ජවිපෙ පාක්ෂිකයන් මෙය තේරුම් ගත යුතුව ඇත.

No comments:

Post a Comment