Thursday, June 19, 2014

අවුල් වන්නට පෙර (44)...පොලිස් කැස්බෑවෝ

බාලගිරි දෝෂය අද නොවේ හෙට යැයි සිතමින් කල් ගත්තෙමි. ඒ වැඩ කටයුතු බහුල වීම නිසාමය. කෙසේ හෝ අද මේ කොටස ලියමි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ බොහෝ රාත්‍රී යාමයන් අප ගෙවා දැමුවේ මුහුදු වෙරළේ හෝ රාත්‍රියට හිස්වන අප සේවා ස්ථානයේ මේස පුටු අතරය. මේ සෑම රාත්‍රියක්ම මධුවිතින් ඇති පදම් සප්පායම් වීමට මුදලුත්, තරුණ ජවයත් පිරී ඉතිරී ගොස් තිබුණි. සිය දහස් ගණනින් වෙරළ පුරා සිටි සංචාරකයින්, වෙළෙන්දන්, බීච් බෝයිස්ලා, රස්තියාදුවෙන්නන් රාත්‍රී හත,අට වෙනවිට විසිරී ගොස් අවසන්ය. නැවත අවන්හල් පිරෙන්නට ගන්නේ මේ වේලාවෙන් පසුවය. නොකඩවා ඇදී එන සුදු සංචාරකයන් නිසා අප කාර්ය බහුල වෙන්නෙමු.

ඒ යුගයේ මාසයකට වරක් හෝ දෙවරක් විදේශීය නාවුක හමුදාවන්ට අයත් නැව් කොළඹ වාරයට සේන්දුවේ. 'නැවක් බැහැලා' යැයි පොදු ව්‍යවාහරයේ තිබූ යෙදුම විය. මේවා බොහොමයක් යුරෝපීය රටවල් වල නාවුක හමුදාවන් මුහුදු සංචාරයන් අතරතුර දිනකට හෝ දෙකකට ගොඩ බැසීමේ ක්‍රම වේදයක් විය. සමහර නෞකාවන්හී පන්සීයකට අධික නැවියන් සිටි බව අසා ඇත්තෙමි. කොළඹට නැවක් පැමිණිවිට වඩාත්ම කාර්ය බහුලවන්නේ ගල්කිස්සය. මේ නෞකාවන් දින දෙක තුනකට වඩා නැංගුරම්ලා සිටින්නේද නැත. මහ සයුරේ සති මාස ගණන් ගමනේ යෙදෙනා නැවියන් සහ එහි කාර්ය මංඩලය නැවෙන් එළියට බහින්නේ කූඩුවෙන් එළියට පියාඹන කුරුල්ලන් සහ කිරිල්ලියන් මෙනි. කොළඹ අවට ප්‍රදේශයන්හී නම් ඒ ඒ රටවල නාවික හමුදා නිල ඇඳුමෙන්ම සැරසුණු නැවියන් දහවල් කාලයේ හතර අතේ ඇවිදිනු පෙනේ. ගොඩබිම සිටිනා කෙටි කාලය තුළ උපරිම සතුටක් භුක්ති විඳීමට ඔවුන් වගබලා ගනී. දිනකින් හෝ දෙකකින් නැවත පිටවෙන නිසා ඈත පළාත්වලට නොයනා මොවුන් බොහෝ විට ගල්කිස්ස ඔවුන්ගේ සතුටු පාරාදීසය කරගනී. අවට ප්‍රදේශවල ටැක්සි රියදුරන්, ගණිකාවන්, තැරැව්කරුවන් මෙන්ම කුඩා සංචාරක නවාතැන් හිමිකරුවන්ද, අවන්හල්ද කඩිමුඩියේ වැඩට බසී. මේ දිනවලට නම් මාසයක දෙකකට අපි උපයනා දේ දවසින් දෙකෙන් උපයා ගන්නේ ඔවුන්ගෙන් ලැබෙනා සංතෝසම් නිසාය. හෝටල් පිරෙනවාට එහි සේවකයන් කැමතිය. එවිට අපට ලැබෙනා සර්විස් චාජ් එකත් වැඩිය.

නැවියන්ගේ ජීවන රටාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ගණන් බැලීමකින් තොරව හිතුමතේ අතපය දිගහැර වියදම් කරනා මොවුන්, සියලු සැප සතුට එකවර ලබාගන්නේ, ලෝකය හෙට දින කඩා වැටේවී යැයි පහළවූ බියකින් දැයි සිතේ. එහි ඇති වරදක් නැතැයි නැවත සිතෙන්නේ ඔවුන්ගේ ඒකාකාරී මුහුදු ජීවිතය ගැන සිතා  බැලූ විටය. මොවුන් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා නැත්තේද නොවේ. නැවෙන් බැස කුඩා කංඩායම් කංඩායම් ලෙස වීදි බසිනා, මොවුන් තුලා මා දුටු සුවිශේෂී ලක්ෂණයක් විය. එනම් ඒ ඒ කංඩායමේ එකෙක් හෝ දෙදෙනෙක් බීමත්ව නොසිටීමට වගබලා ගැනීමයි. සමහර විට ඔවුන් බීමට පුරුදු නොවූ අය විය යුතුය. ඒසේ නොමැතිනම් ඒ ඔවුන් සංවිධානය වෙන ආකාරය විය යුතුය. මන්ද යත් පළමු දිනයේ නොබී සිටිවුන් දෙවෙනි දවසේදී ඔසවාගෙන යන තෙක් බොන බැව් දැක ඇති නිසාය. එදාට නොබී ඉන්නේ පෙරදා කරටි කැඩෙන්නට බිව් එකෙක් හෝ දෙදෙනෙකි. ඒ කුඩා කංඩායමම මෙහෙයවන්නේ නොබී ඉන්නා එකා හෝ දෙදෙනාය. බීමත්ව හැසිරෙනා ඔවුන් රැකබලා ගන්නේත්, පාලනය කරන්නෙත් ඔවුන්ය. ඒ හඬට බීමත්වුන් අවනතය. ඒ නැවියන්ගේ සිරිතක්දැයි මම නොදනිමි.

මධ්‍යම රාත්‍රිය වන විට බාර් එක හිස්වූ අවස්ථාද මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවල ඉල්ලුමට සැපයුම මදවූ විට, කෑමෙන් පසු කෝපි සමග එක් වරක් කුඩා වීදුරුවකින් බීමට ගන්නා නොයෙකුත් Liqueur වර්ග පවා බෝතල් ගණනින් හිස් කර දමති. සාමන්‍යයෙන් මේවා සපයනු ලබන්නේ මිලි 15-20 වැනි කුඩා වීදුරුවලය. මොවුන් සීයේ ෂොට්ස් හෝ බෝතල් ගණන් මේසයට ගෙන්වා ගන්නේ කෙසේ හෝ මත්වීමටය. Liqueur යනු මත්පැන් වර්ගයක් වුවත් පැණි රස සහ එක් එක් පලතුරු රසයන් අඩංගු නිසා මේවා මත්වීමට බොන වර්ගයක් නොවේ. එය අහාර දිරවීම පහසු කිරීමට ගන්නා මත්පැන්ය. ඩෝප්වී කර පිටින් යන්නෝ බොහෝය. ඒ වෙනුවෙන් ටැක්සි කරුවෝද, පමණට මත්වූවන් වෙනුවෙන් පිම්පියන්ද දුම් රිය පාර අයිනේ බලාසිටී. මේ නැවියන්ට අමතරව,මගී ප්‍රවාන නෞකාවලින්ද ධනවත් සංචාරකයින් කොළඹට පැමිණියෝය. පසු කාලයක මා දන්න මිතුරන් කිහිප දෙනෙක්ද මෙවන් විදේශීය වල සේවයට බැඳුණි. මට ඒ සඳහා කැමැත්තක් නොවීය.

මධ්‍යම රාත්‍රීයේ මුහුදත්, වෙරළත් ,සේවය නිමවූ අපත් සන්සුන්ය. දෙතුන් සීයකට කන්න බොන්න දුන් අප සේවකයන්ගේ කන බොන වාරය පටන් ගන්නේ මින් පසුවය. බොහෝ හෝටල් සේවකයන්ගේ ජීවන රටාව ඔය ආකරයේය. ගල්කිස්සේ වෙරළේ සුද්දන් වෙනුවෙන් තනා තිබූ පොල් අතු මඩුවල අප, බෝතල් සහ කෑමද ගෙන ගොස් සෙට් වෙන්නෙමු. වෙරළ පාළුය. හඳ නැති දිනෙක නම් දැඩි කළුවරය. ඉඳහිට තැනක හෝ දෙතැනක කම්සැප ලබමින් මුහුදේ නාමින් සිටිනා තරුණ සුදු ජෝඩුද නැත්තේ නොවේ. නිහඬ රාත්‍රියක,පාළු මුහුදු වෙරළේ , කවුරුන් හෝ ඇස නොගැටෙනා මායිමක ,චමත්කාර ලෙස ප්‍රේමයෙන් අනුරාගයෙන් වෙලී රති ක්‍රීඩාවේ යෙදීම ඔවුන්ට නැවුම් අත් දැකීමක් විය යුතුය. නැවුම් අත්දැකීම ලබන්නට අකැමත්තෝ සිටීද? අප ඔවුනට කිසි විටෙකත් බාධා නොකළෙමු.

මහා රාත්‍රියේ බැටන් පොලු දෙකක්ද අතැතිව රාත්‍රී මුර සංචාරයේ යෙදෙනා පොලිස් රාලහාමිලා දෙදෙනෙක්ද ඉඳහිට ගැවසේ. අප කුඩා පොල් අතු මඩුවක බොමින් කමින් කාලය ගතකරනා එක් රාත්‍රියක , මොවුන් දෙදෙනෙක් අප පසුකර වෙරළේ දෙහිවල දෙසට ඇවිද යනු අප දුටුවෙමු. ඔවුන් අප දුටුවේ නැත. මගේ මිතුරෙක් ඇස ගැටුණේ මුහුදේ සිට වෙරළට ඇදෙනා කැස්බෑවෙකුගේ දසුනකි. අප නිහඬව බලා සිටියෙමු. දනි පනි ගා කැස්බෑවා දෙසට ඇදුණු රාලහාමිලා, වෙහෙස දරා කැස්බෑවා අනිත් පිට පෙරළා ගත් බව දැක්කෙමි. අනිත් පිට පෙරළු විට කැස්බෑවුන් තම ඉදිරි පාද දෙකෙන් තම බඩවතට ගසා ගනිමින් හැකි ඉක්මනින් නැවත හරිපිට පෙරළෙන්නට උත්සාහ දරති. විශාල ශබ්දයක් ඇතිකරමින් දඟලන කැස්බෑවාට රාළහාමි බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරයි. මෙය ඉවසා බලා සිටීමට බැරි තැන අප එතනට ඇදුණේ 'මොකද රාළහාමි..කරදරයක්ද' යැයි අසමිනි. අප දුටු මොවුන් දෙදෙනා කලබලයට පත්වී ' නෑ ඕයි මූව මුහුදට තල්ලු කරන්න උදව් වෙනැයි' කියා සිටී. ආ ඕක සුළු වැඩක් යැයි කියු අප කැස්බෑවාව මුහුදට තල්ලු කර දැමුවෙමු. මිනිස්සුන්ව බලාගන්නවාට වගේම අපිට දැන් කැස්බෑවොත් බලාගන්න වෙලා අයිසේ...යැයි මජර හිනාවක්ද දමා, බොන්නට දෙයක් නැත්දැයි අසා අප සමග අඩියක් ගසන්නට හවුල්වී පිටත්ව ගියේ, කැස්බෑ සංරක්ෂණය පිළිබඳ වැදගත් උපදෙස් මාලාවක්ද දෙසා බෑමෙන් පසුවය. සිනහවෙන්නටවත්, නැවත ප්‍රශ්න කිරීමකටවත් ගොසින්, කැස්බෑවට තැලූ බැටන් පොල්ලෙන්ම අපත් තලා ගත යුතු නැති නිසා නිහඬව සිටියෙමු. කෙසේ හෝ වේවා, වසර සීයකට වඩා ජීවත් වෙනවා යැයි කියන කැස්බෑවෙක් සයුරට අහිමිවීම වැලක්වූයේ අපේ මැදිහත්වීමෙන්ය.

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි. සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්.ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගී පබැඳිය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට 'ප්‍රේමා බතික්' නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්.'ප්‍රේමක්කාගේ බතික් කඩේ' ගීතය ඇය වෙනුවෙන්ය. ආතර් අයියාගේ දරුවන්ගෙන් සමහරක් ගල්කිස්සට පැමිණි විදේශිකයන් හා විවාහවී ඒ රටවලට පදිංචියට ගිය බවත් මතකය.

https://www.youtube.com/watch?v=w-zs3iTj9uU

මේ 1981 වසරයි. ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ශ්‍රීලංකාවට තවත් අලුත් ගැලවිජ්ජාවක් හඳුන්වා දුන්නේය. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයයි. දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කලේ මේ ඡන්ද ක්‍රමය හරහාය. මේ අත්හදා බැලීමේ ගුණ අගුණ ගැන යමක් ලියා තැබීමට මට මතකයක් නැත. මේ ක්‍රම වේදය එක් වාරයකට පමණක් සීමා විය. කෙසේ වෙතත් මේ ඡන්ද කාලය තුල ශ්‍රීලංකාවට නැවත මැකිය නොහැකි කළු පැල්ලමක්, අපකීර්තියක් නම් එකතු විය. අති දුර්ලභ පුස්තකයන් රාශියක් ගබඩා කර තිබූ ජාතික සම්පතක්වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කෙරුණි. යාපනය දිස්ත්‍රික්කය එජාපය පරදින බව දැනගෙන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්වූ යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කොළඹින් ගිය ආණ්ඩුවේ මැරයන් බව කවුරුත් දැන සිටියෝය. ඒ කළු පැල්ලම ශ්‍රීලංකා ඉතිහාසයට තව තවත් නපුරු කාලයක් එකතු කිරීමට මූලික විය. අපි ගිනි නිවනවාට වඩා ගිනි තැබීමට දක්ෂයෝ වෙමු. ගිනි තබන්නට උපදෙස් දුන්නෝ අද ජීවතුන් අතර නැති නමුත් ඒ ගිනි තවමත් සංවේදී ජනතා හදවත් තුල නිවී හමාරවී නැත. අප කිසිදිනෙක පාඩම් ඉගෙනගන්නා මිනිසුන් නොවේ. අද අළුත්ගමදී ගිනි තියපන් යැයි අණ දුන්නෝ හෙට මියැදෙනු ඇත. නමුත් මතු දිනෙක හෝ අප පරම්පරාවන් සිහළුන්, දෙමළුන්, මුසොල්මානුවන් ලෙස අත්වැල් බැඳ ගත යුතුව තිබේ. පමාවීම පසුතැවිල්ලට හේතුවේ. අප ප්‍රමාද වැඩිය.

50 comments:

  1. අනේ අසරණ රාළහාමිලා සද්භාවයෙන් කරන්න හදපු වැඩේට කෝචොක් දැම්මට මොකෝ. ඒ අසරණ මිනිස්සු අර වගේ අසමත්ජාති වැඩක් කරයිද මම අහන්නෙ?

    මාත් පොඩි කාලෙ ආශාවෙන් හිටියා නැවියෙක් වෙන්න.

    අර අන්තිම ටික නම් සම්පූර්ණ ඇත්ත. අපි කවමදාකවත් පාඩම් ඉගෙන ගන්නා මිනිසුන් නෙමේ. අවුරුදු ගාණක් විදවපු විදවීම අපිට දැන් අමතකයි

    ReplyDelete
    Replies
    1. පිස්සුද ප්‍රියා.....පොලිසියෙන් මිනිහෙක් මැරුවා කියලා ඇහුවත්, කැස්බෑවෙක් මැරුවා කියලා අහන්න ලැබෙයිද. දඩමස්, ගංජා හේන් පෙන්නන්න බැහැ. ඉඳලා හිටලා ඔය අපත පොලිස් හිටියාට...අනිත් අය කොච්චර හොඳද? බලපන් අපේ ටීවී පොලිස් මෑන්.

      ඉස්සරත් සීමන් කෙනෙක් වෙන්න කොච්චර අය ට්‍රයි කරාද? මගේ වයිෆ්ගේ ඥාතියෙක් හිටියා ලාල් අයියා කියලා. බෙල්ල ගහලා යන විහිළු කරන්නේ.හොඳ ජොබ් එකක් කරා පොර. ඒ කාලේ තවත් ඥාති කොල්ලෙකුට (මූ වෙන රස්සාවලට යන්නේ නැහැ, නැව්මයි හොයන්නේ ) කියලා..නැවක රස්සාවක් තියෙනවා , ඉන්ටවිව් එක්ක යන්නම්, හොඳට ඇඳන් වරෙන් කියලා. මූ පහුවදා ඇවිල්ලා. අර කොල්ලාට ටයි එකකුත් අන්දවලා එක්කන් ගිහින්. ඒ දවස්වල වෙසක් එකට දෙමටගොඩ හන්දියේ හෙණ විශාල නැවක් හදනවා සැරසිල්ලට. වෙසක් පහුවෙලා පීටර් බාස් නැව ගලවන්න ලෑස්තිය. ලාල් අයියා අර කොල්ලව දෙමටගොඩ හන්දියෙන් බස්සලා කිව්වාලු..අර නැවේ කැප්ටන්ගේ නම පීටර්..ගිහින් ලාල් කිව්වා කියලා රස්සාවක් ඉල්ලගනින් කියලා, ලාල් අයියා ඒ බස් එකේම එල්ලිලා ගෙදර ඇවිල්ලා. කැත විහිළු. නමුත් ඒ තරමට සීමන් පිස්සුව තිබුනා.

      ////අවුරුදු ගාණක් විදවපු විදවීම අපිට දැන් අමතකයි/////
      නියපොත්තෙන් කරන්න තියෙන වැඩේ තමයි බන්ඩි කියත් ගේන කම් බලන් හිටියේ සහ ඉන්නේ. දැන් නම් මේ රටවල අපි බෞද්ධ කියලා කියන්න ලැජ්ජයි.

      Delete
  2. මට එකපාරටම මතක්වුනා විල්සන් ගුණරත්නව. අරු සමහරවිට එයාව හොඳින්ම දන්නවා ඇති. සංචාරක කර්මාන්තය ගැන ඔහුගේ අත්දැකීම් වරක් රූපවාහිනී සාකඡාවකදී කිව්වේ කියන්න පුළුවන් මට්ටමේ ඒවා විතරක් වෙන්න ඇති.

    ආයේ අරුට කියලා එහෙම වෙනසක් නැහැනේ. ඔබත් කියන්නේ කියන්න පුළුවන් ඒවා විතරයි නේද? හැබැයි අරු, මුණ ගැහුණු දවසක වෙරළකම ඉඳගෙන නොකියපු ඒ ඔක්කොම කියන්න ඕනේ හොඳද?

    අර ගීතය රැගත් වීඩියෝව දැමීම හරි ගිහින් නැත්තේ ඒ සඳහා අවශ්‍ය ලෙස ඔබේ බ්ලොගර් අඩවියේ template එක edit කර නැති නිසයි. හරියටම දන්නේ නැත්නම් කරන්න යන්න එපා. මටත් කියලා දුන්නේ හීනලන්තයේ හරී ඒක කරන හැටි මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. විචාරක......විල්සන් ගුණරත්න ෆීල්ඩ් එකේ සීනියර් කෙනෙක්. මට කොහෙවත් වැඩ කරන්න හම්බවෙලා නැහැ. ඇත්තටම ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා මේ ට්‍රේඩ් එකේ ඉන්න කොට අපි කරපු දේවල්. සමහර දේවල් ලියන්න අමාරුයි..ගෙදර අය ගැන හිතපුවාම. ඇය බොහෝ දේ දන්නවා. හැබැයි ඕන කෙනෙකුට මගේම රහස් කියලා දේවලුත් තියනවානේ. රසවත් කාල පරිච්ඡේදයක ආරම්භය තමයි ගල්කිස්ස. වැල්ලක සෙට්වුනු දවසක කතා කරමු...& Army stories as well.

      විචාරකටත් හරීටත් ස්තූතියි ලින්ක් එකට. මට ඒක වැටහුනේ නම් නැහැ තාම. මම ට්‍රයි කරන්නම්. වර්ඩ්ප්‍රෙස් එකේ නම් ඔය වැඩේ හරි සිම්පල් නේද?

      Delete
  3. බ්ලොගර් වලට අව එක නම් හොඳා... මේක ඒ කාලේ ඉඳන්ම තිබ්බද? මේ 2010 ඉඳන් ලිපි තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම ක්‍රමයක් තියනව. ඔය විචාරකත් බ්ලොගර් වලට මාරුවුනේ.

      Delete
    2. ඒ ක්‍රම වැඩ කරන්නේ නැ රාජ් , බාගයයි එන්නේ

      Delete
    3. තිසර.....බ්ලොගර් හොඳබව බොහෝ අය කියනවා. මට නම් මේ ඔක්කොම ලැටින් වගේ. මම වර්ඩ්ප්‍රෙස් නම් 2010 ඉඳන් ලිව්වා. කාලයක් එපාවෙලා ලිව්වේ නැහැ. මේ චේන්ජ් එක කරපු කෙනා තමයි මේවා දන්නේ. මම කම්පියුටර් ගැන මහා යමක් දන්නේ නැහැ තිසර. මොකක් හරි අනාගත්තොත් එයා උදව් කරයි.

      Delete
    4. @රාජ් & අටම්.....මොනවා ගැනද කතා කරන්නේ? මට තේරුනේ බාගයක් කියන වචනේ විතරයි :D

      කොලොන්නාවේ හන්දියේ හිටියා පොරක්..හැමදාම බාගයක් ගහනවා. ගෙදර යන්නේ 'බාගේ මාගේ ජීවීතේ..සෝඩා මාගේ ආලෝකේ' කිය කිය (ජෝතිගේ 'ප්‍රේමේ මාගේ ආහාරේ' ටියුන් එකට )
      තව එකෙක් හිටියා. ඌට කියන්නේ 'කාලයි අරික්කාලයි' කියලා. හැමදාම ගල් කාලයි...ඊට පස්සේ සීයකුයි ගහනවා. ඊට පස්සෙ නිකන් දුන්නත් බොන්නේ නැහැ.කොලොන්නාවත් මාර පොට් එකක් බන්.

      Delete
    5. අටම් කියන්නේ මේකයි අරු, වර්ඩ්ප්‍රෙස් අඩවියක් බ්ලොගර් වලට මාරුකරන්න පුළුවන්. නමුත් පරණ ලිපි ඔක්කොම එන්නේ නැහැ. කමෙන්ට්ස් සහ හිට් කවුන්ටරේ එන්නෙත් නැහැ. මට ඒ අත්දැකීම ලැබුන නිසා මම අලුතෙන්ම බ්ලොගර් අඩවියක් හදලා වර්ඩ්ප්‍රෙස් එකේ තිබුණ ඔක්කොම කොපි පේස්ට් කළා. එත් කමෙන්ට්ස් ගන්න බැහැ. ඔය වැඩේ මට කියලා දුන්නේ අටම්. ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොගර් ටෙම්ප්ලේට් එක හදාගන්නත් අටම් ගොඩක් උදව් කළා.

      Delete
    6. අටමෝ උඹට ඇහුනාද විචාරක කියපු දේ.

      Delete
  4. සමහර විට ගැහුවම මූදට යයි කියල හිතාගෙන වෙන්න ඇති රාලහාමිලා කැස්බෑවට තඩිබාන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. අඩේ එක නියම ටෝක් එක. ගහලාවත් හදන්න බැරි කැස්බෑවෝ. මට තාමත් හිනා යනවා රාජ් එදා ඒ වයසක රාළහාමිගේ ටෝක් එකට "අයිසේ...මිනිස්සුන්ව බලා ගන්නවා මදිවට...අපිට කැස්බෑවෝත් බලාගන්න වෙලා" පරණ සාජන්ලාගේ ශුක්‍ර කටවල් තිබුනේ.

      Delete
    2. රාජ්.....උඹේ විස්කිVs ගල් බලන්න බැරි ඇයි?

      Delete
  5. හරි මචං,දැන් වර්ඩ්ප්‍රෙස් යන්න අවශ්‍ය නෑ බ්ලොගර් වලටම එනවා.ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. හැලපේ...ලේසි එකකට වරෙන්. මේ දෙක එකක් වෙනකම් කරදරයි තමයි. මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ මචං කමෙන්ට්ස් 5000කට එහා පැත්තේ තිබුනා. ඔය කමෙන්ට්ස්වල තමයි බං පෝස්ට් එකටත් වඩා රසවත් සාකච්ඡා ගොඩ නැගුනේ. නමුත් ඒවා මේකට ගන්න අපහසුයිලු. එතන තිබුනා 1960 ගණන්වල ඉඳන් සමාජ,ආර්ථික, සංස්කෘතික, දේශපාලන වටපිටාව. ඒ නිසා ඒක එහෙම්ම තියන්න ඕන.VIEWS 50000ක් විතර තිබුනා, ඒක නම් වැඩක් නැහැ. ඒ කමෙන්ට්ස් ඇතුලේ හොඳ වීඩියෝ ක්ලිප්ස් වගයකුත් ඇති.

      Delete
    2. අරූ,
      මෙහෙම කරමු! වැදගත් කමෙන්ට් ටික කොපි කරල පෝස්ටුව යටින්ම ද‍ාමු! කමෙන්ටු කතාව මටත් මතක් උනේ දැනුයි. ඇත්තටම දෙවනි වතාවට ලියන්න ගත්තට පස්සෙ සෑහෙන්න කමෙන්ට් වැටුනනෙ ඒව නැතිවීම අපරාදයක් තමයි

      Delete
    3. @රාජ්...කොහොමද මචෝ වැදගත් කියන එක ඩිරයිව් කරගන්නේ....ගුටිකෙලියක් යයි නේද?....වර්ඩ්ප්‍රෙස් එක අප්ඩේට් නොකොලොත් කැන්සල් වෙන්නේ නෑ නේද? බ්ලොගර් එකේ උඩින් ලොකුවට පරන පොස්ට් බලන්න වර්ඩ්ප්‍රෙස් එකට යන්නය කියලා ලින්ක් එකක් දාලා බ්ලොගර් එකෙන් විතරක් අලුත් පෝස්ට් පබ්ලිෂ් කරා නං මොකෝ....මෝඩ අදහසක්ද දන්නේත් නෑ මචංලා....!

      Delete
    4. chef-architect...

      අන්න හොඳම අයිඩියා එක.

      Delete
    5. රාජ්....මට මේ වැඩේ කොහොම කරන්නද කියලා තේරුමක් නැහැ බන්. ඕන ටොෆියක් පනම් අටයි කියලා බලන් ඉමු. වෙලා තියෙන දවසක මම හෙමින් ට්‍රයි එකක් දෙන්න ඕන.

      උඹ මට වෝට් කරාට ස්තූතියි.

      Delete
    6. ෂෙෆාකියෝ.....උඹේ අදහසත් හොඳයි. උඹ මේ ෂෙෆාකියෝ කියන ආමන්ත්‍රනයට කැමතිද?

      Delete
  6. මුහුද ලඟ රාජකාරි කරන රාලහාමි කැස්බෑවන්ට තලනවා නම්, වැවු ලඟ රාජකාරි කරන රාලහාමිලා ඉබ්බන්ට තලනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. Sa rasa.....මසුරන් කතාවක් බන්. ඔය යක්කුන්ට මොකෙකුට හරි තැලුවේ නැත්නම් නින්ද යන්නේ නෑ තමයි. කතා කරොත් තලන්න තමයි හදන්නේ. ඉස්සර ඔය ප්‍රොටෙස්ට් එකකට ගිහිල්ලා මට එකෙක් ඇට දෙකට පයින් ගැහුවා. අම්මෝ දවස් දෙකක් විතර කොර වෙලා හිටියේ.

      Delete
  7. අරූ..මම දෙපැත්තටම ගිහින් දෙකේම තියෙන කොමෙන්ට්ස් කියෙව්වා..මොකෝ බං මේ නාකි අපිට ඔහොම වද දෙන්නේ...ඉක්මනට පොඩි එකෙකුට කියලා මේ දෙක එකක් කරපන් බ්‍රෝ...
    අර කැස්බෑව නං රාලහාමිලාගෙන් බාගෙට ගුටි කාලා මුහුදට ගියා...ඒකට අපි තාමත් මුංගෙන් ගුටිකකා ගොඩබිම..
    හැබැයි කවුද (uddara) පහු ගියදවසක මාතෙගේ පෝස්ට් එකක කොමෙන්ටුවක් දාලා තිබුනා බේරුවල ෆුඩ්සිටි එක ඉස්සරහා නං රාලහාමිලාට ඔය වගේ දේවල් කරන්න දෙන්නේ නෑලු..!

    ReplyDelete
    Replies
    1. නාකියෙක් තවත් නාකියෙකුට වදදෙයි :D

      ගොඩාක් අයට කියවන්නත් කමෙන්ට් දාන්නත් අපහසු නිසා තමයි මචෝ මේක ඇටවුනේ. දෙක එකක් වෙයීද දෙකම නැතිවෙය්ද දන්නේ නැහැ :D
      මේකට හුරුවෙනකම් මෙහෙම කරන්න වෙනවා බන්. උඹ ආකියෙක් නේ...පොඩි පාළමක් හදපන් මේ දෙකට එගොඩ මෙගොඩ වෙන්න.

      ////අර කැස්බෑව නං රාලහාමිලාගෙන් බාගෙට ගුටි කාලා මුහුදට ගියා...ඒකට අපි තාමත් මුංගෙන් ගුටිකකා ගොඩබිම..///
      මෙන්න දවසේ කියමන!!! පොලිස්පතිවරයාට යවන්න වටිනවා. මේ කමෙන්ට් එක මම අතන ගිහින් අලවන්නම්.

      Delete
  8. මං හිතුවා කැස්බෑව හංගපු බිත්තර පෙන්නන්න පොලිස් මාම එක්කන් එන්න ඇති කියලා.. පෙන්නුවෙ නැති හින්දා පොඩි තරවටුවක් කරන්නැති !!!!

    ReplyDelete
    Replies
    1. බලපන් පත්තරේ...පොලිස් මාමලාට කියන කතා. මෙතනම කතා කීයක්ද. Chef Architect එකක්.. Sa rasaතව එකක්. දැන් උඹ. පොලිස් කාරයෝ දෙන්නාගේ නරක වෙලාවට කැස්බෑවා පාර ක්‍රොස් කරන්න හැදුවේ.

      Delete
  9. බ්ලොගර් එනවද, වර්ඩ් ප්‍රෙස් යනවද..? බ්ලොගර් එනවද, වර්ඩ් ප්‍රෙස් යනවද..? බ්ලොගර් එනවද, වර්ඩ් ප්‍රෙස් යනවද..?

    බ්ලොගර් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..හරියටම කියන්න බෑ. මට නිකං හිතෙනවා අරූ අයියා බ්ලොගර්ට කුඩම්ම කෙනෙක් වෙයිද කියලත්. ඒ නිසා මේකටම ඇලෙන්න බය හිතෙනවා.

      Delete
  10. හෝටල් වල වල සහ නැව් වල වැඩ කල අය හරි විනෝදකාමියෝ .....
    කන්න...බොන්න....... වගේම "බඩු" වලටත් අධික ලයික්......
    මගේ යාලුවන්ගෙ අයියල හිටිය ඔය දෙවර්ගයේම.... එල බුවාල ......
    අද UNP ය ගෙවන්නෙ ඒ කාලෙ සම හරක් කල පාපී ක්‍රියාවල කරුමය.....
    දැන් ඔය උපදෙස් දීගෙන ... අවුස්සන අයටත් කලක් යයි දවසක.....
    සවල් වලින් නායකයන්ගෙ මස් වැදලි එකතු කල දේශයක් නොවැ .......... බුදුං වැඩිය.... හෙක්... හෙක්....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කෙන්ජියෝ...හෝටල්වල එවුන්ට වඩා හපන් නැව් කාරයෝ. බඩු ඔස්තාර්ලා. මාස ගානකින්නේ බං ටැංකි සුද්ධ වෙන්නේ. ජොලි බුවාලා.


      කෙන්ජි...පරණ අලි නටපු ජෝගිවලට වන්දිය තමයි අළුත් අලි ගෙවන්නේ.ඊට වඩා පරිප්පුවක් කන්න වෙනවා කවදාහරි දැන් ඉන්න නසරාණින්ගේ වැඩ නිසා ශ්‍රීලංකා කාරයින්ට. ජේවීපියත් ඒ විදිහටම කෑවානේ එක් යුගයක වැරදි නිසා. මේ පාඩම රජ්ජුරුවෝ තාම කියවන්න හිතලාවත් නැහැ. ඕකට තමයි මචං කියන්නේ' බලය තියන කොට මොලය නැහැ-මොලය තියන කොට බලය නැහැ' කියලා.

      Delete
  11. කැස්බෑව බේරුණ එකනම් ලොකු දෙයක්. මගෙත් පොඩි කාලෙ ආසාවක් තිබ්බා නැවියෙක් වෙන්න. (දැං ආසාව කෝම හරි විභාගෙ ගොඩදාගන්න) මෙහෙමයි කියල හේතුවක් කියන්න බැරි උණාට මං මේ ලිවිල්ලට පට්ටම ආසයි. ජයවෙවා......!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ සිතුම්.....කැස්බෑවා ආපහු මුහුදු ගියා අපි හිටිය නිසා. බැරි වෙලාවක්වත් ඌ සුදු එකෙක් වුනා නම්, රාලහාමිලා විසිල් එක පිඹලා ජීප් එකක් ගෙන්නලා අපිව භාරදීලා උන්ට, සුදු කැස්බෑවා කරේ තියන් මාලදිවයිනට පීනනවා...ෂුවර්.

      සිතුම් ඔක්කොටම කලින් විභාගේ ගොඩ දාගන්න. ඊට පස්සේ බැරියැයි නැව් නගින්න. හරියට ඉගෙන්ගත්තේ නැතිවුනාම අනාගත බාධක වැඩියි. අත්දැකීමෙන් පුතෝ කියන්නේ.

      Delete
  12. BEST BLOG 2014

    මචංස්ලා....මෙන්න මෙතනට ගිහිල්ලා ඒ නොමිනේට් කරලා තියෙන බ්ලොග්ස් පහෙන් එකකට ඡන්දයක් දීපල්ලා. Best Blog 2014....Organized By Social Media Colombo.....Sponsored By Etisalat.

    ReplyDelete
  13. තිබුණු වැඩත් එක්ක මේ පැත්තට ටික දවසකින් එන්න බැරි වුනා.. අද තමයි පහුගිය පෝස්ට් ටික කියෙව්වේ.

    කිව්වත් වගේ හැමෝම අත්වැල් බැඳ ගන්න තවත් පමා වෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් කිසිම විවේකයක් තිබුනේ නැහැ තුශානි. මම ඔයාගේ ඩ්‍රැගන් ෆෘට් පෝස්ට් එක කියෙව්වා. නැවත එන්නම්.

      //////කිව්වත් වගේ හැමෝම අත්වැල් බැඳ ගන්න තවත් පමා වෙන්න හොඳ නෑ//////////
      බැඳ ගත්ත අත්වැලුත් කඩන්නටනේ අපේ අය ට්‍රයි කරන්නේ.

      Delete
  14. Drunk like a sailor කියලනේ කියමනටත් කියන්නේ. හුඟක් රටවල්වලට සමාජරෝග ගේන්නත් හොඳ වාහකයෙක් හැටියට එයාලා හේතුවුනා කියලා තමයි කියන්නේ. ඒ දවස් වල කිව්වේ VD කියලා. පස්සේ politically correct වෙන්න STD කියලා නම වෙනස් කලත් කවුරුත් කිව්වේ ඩෝස් කියලා.

    මගෙත් යාලු මිත්‍රයෝ නෑදෑයෝ හිටියා ඔය ක්ෂේත්‍ර දෙකේම. මම උඹට කිව්වේ. ඇයි අර දකුණු කකුලේ ගෙඩිය නැව් භාෂාවෙන් කියාදුන්නෙත් එහෙම පොරක් තමයි.

    ReplyDelete
    Replies
    1. DUDE....Drunk like a sailor ගැන මම වෙනම රිප්ලයි එකක් දාන්නම්. ඒක අවශ්‍ය කෙනෙකුට වැදගත් වෙයි. ඒක මගේ පොස්ට් එකටත් බැකප් එකක් වෙයි. මගේ එකක් නෙමේ උපුටා ගැනීමක්.

      venereal diseases (VD) sexually transmitted diseases (STD) ඔය කොයිකටත් කිව්වේ 'ඩෝස්' කියලා තමයි. මේ නම කොහොමද හැදුනේ බං. හුරුබුහුටි නම :D
      උඹට මතකද 32 වාට්ටුව හෙවත් 'ඩෝස්' වාට්ටුව මහ ඉස්පිරිතාලේ. ඕකේ ලොක්කා හිටියේ Dr Gamini Jayakuru කියලා කෙනෙක් ඒ කාලේ. උඹ කියනවා වගේ ඩෝස් වාහකයෝ හැටියට සීමන්ලාව හංවඩු ගැහුවා. ඒක බොරුත් නෙමේ. මම කොහේ හරි දැක්කා පරණ පෝස්ටර් එකක් නැවියෙක්ගේ ෆොටෝ එකක් දාපු. ඒකේ ප්‍රින්ට් කරලා තිබුනේ VD CAN BE CURED...BUT THERE IS NO MEDICINE FOR REGRET කියලා. ඒ කාලේ නම් ඒඩ්ස් තිබුනේ නැහැ.සිෆිලිස්,ගොනෝරියා තමයි ප්‍රසිද්ධ. හර්පීස් දරුණුයි. දැන් ඉතින් කියවෙන්නේ ඒඩ්ස් නේ.

      ///දකුණු කකුලේ ගෙඩිය නැව් භාෂාවෙන්/////
      මචං තරහ නැතුව ලින්ක් එකක් දාපන්.

      Delete
    2. Drunk like a sailor කියවන්න!!! යමක් ඉගෙණ ගන්න් පුළුවන්!!!! මට හම්බවුනේ මෙතනින්....http://www.flask.com/

      Drunk as a Sailor – Where did this Expression come from?
      If you’ve ever been in New York City during the Navy’s annual Fleet Week, you truly understand the expression “drunk as a sailor.” Since it’s their shore leave, a time when they get off the ship and get to enjoy everything to be found not just on dry land, but in one of the most exciting cities on Earth, it’s to be expected that many sailors might take the time off duty to drink just a bit too much.

      But what about that expression “drunk as a sailor”? What does it mean and where did it come from? Does it just refer to a sailor’s habit of over-drinking once they get to a seaport and find the nearest bar? Is it because they’re trapped on moving vessels, at the whim of the sea and the captain, surrounded by stinking colleagues with yellow teeth, threatened by scurvy and huge rats? Or is there more to the expression than that?

      A Basic Explanation

      The best explanation as to the origin of “drunk as a sailor” is the simplest. Back in the golden days of seafarin’, it was easier to keep alcohol aboard ship then water. The men onboard were given mainly ale and rum and wine to drink, and they even had rations such as four pints of ale or one bottle of wine daily. The problem was that water was harder to find, and more likely to make them ill (think how often you’ve been warned “not to drink the water” when you travel abroad).

      The beer, too, was susceptible to spoilage. One method of keeping it drinkable was to increase the amount of alcohol and the amount of hops in the ale. We’re talking about an alcoholic content that would take the hair off of your chest! In 1850, the British Royal Navy decreased its daily ration of rum to one-eighth of a pint–but the rum was 94.5% alcohol, or 189 proof. It’s amazing that more sailors weren’t too drunk to brace the mainsail!

      Too often the water became filled with bacteria and, in order to kill the bacteria off, they took to mixing in alcohol. This rum/water or rum/beer/water mix resulted in the grog that pirates and other sailors are so often depicted drinking.

      Additionally, because their meat was cured in salt to preserve it while out to sea, it had to be soaked in fresh water to make it edible. If a ship did have fresh water in supply, they reserved the bulk of it for cooking and kept the beer for drinking. Yo ho ho and a bottle of rum!

      Delete
    3. A Fool and His Money

      In addition to the “drunk as a sailor” expression, there’s one for a person “spending their money like a drunken sailor.” This refers to the fact that sailors received their wages and then had nowhere to spend them while out at sea. So when the ship docked at port, they would take their money and go spend it on more drink, as well as carousing with women.

      It appeared that they were just throwing their money around, willy-nilly. But since they had no way of banking it, what else were they supposed to do with it? Perhaps if iPods, iPads, and smartphones were around then, they would have spent their money stocking up on music and game applications. Or even invested it in real estate for retirement.

      What to Do with One

      When you hear the expression “drunk as a sailor,” you likely think of the catchy tune that goes: “What do you do with a drunken sailor, What do you do with a drunken sailor, What do you do with a drunken sailor, Earl-eye in the morning!” This is just one of those sea shanties that has made its way into our collective memory.

      But what DO you do with a drunken sailor? Do you shave his belly with a rusty razor? Put him in the long boat ’til he’s sober? Put him in the hold with the captain’s daughter? Slap him silly and throw him in a shower?

      If you’re the U.S. Navy, you might bar him from reporting to duty and then refer him for counseling. Just recently, the Navy announced that it would carry out random alcohol testing on sailors enrolled in the service. Their intention isn’t to stop sailors from drinking completely, but to determine who might benefit from some intervention before something destructive happens.

      It’s bad policy to have drunken sailor representing our country and just bad practice to have them working important jobs on submarines and naval carriers that are bigger than some cities! While they won’t be thrown in the brig or forced to walk the plank, drunken sailors shouldn’t be allowed on duty until they’ve sobered up and are no longer three sheets to the wind.

      Sources:
      http://tvtropes.org/pmwiki/pmwiki.php/Main/TheDrunkenSailor
      http://washington.cbslocal.com/2013/01/23/what-do-you-do-with-a-drunken-sailor-navy-says-it-will-test-blood-alcohol-content/
      http://www.elyrics.net/read/g/great-big-sea-lyrics/drunken-sailor-lyrics.html
      http://www.dailymail.co.uk/news/article-1111603/What-shall-17-000-drunken-sailors-Survey-reveals-shocking-extent-alcohol-abuse-Royal-Navy.html

      Delete
    4. උඹ කියනවනම් දාන්නම් මචං ලින්ක් එක. මට හිතෙන්නේ උඹලගේ බ්ලොග් වල කමෙන්ට්වල මගේ ලින්ක් දාන එක එච්චර හරි නෑ කියලයි. ඒකයි නොදැම්මේ.
      97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

      මචං, අරවට තිබ්බ බය ගෞරවය ඔක්කොම නැතුව ගියා AIDS ආවට පස්සේ. ඒක ඇවිල්ලා king of all the diseases වුනානේ. :D

      මට වාට්‍ටු අංකයනම් මතක නෑ. එහෙම වාට්‍ටුවක් තිබ්බ බව මතකයි. හැබැයි ජොබ් එකට මෙඩිකල් ගන්න ඕකට යන්න වුනාද කොහෙද මට.

      උඹේ විස්තරය නියමයි මචං. බොහොම ස්තුතියි.

      ඔය වතුර බොන්න හොඳ නැති කතාව ඇත්ත. අපි සමහර පැති වලට ගියාම වතුර බොන්න බය නිසා බෝතල් කරපු වතුර නැතිනම් බොන්නේ බෝතල් කරපු සිසිල්බීම. ඔතනත් තියෙන්නේ ඒ වගේ සීන් එකක්.

      උඹ අහලා තියෙනවද මේ කතාව?

      එක නැවක ලොග් එක ලියන්න දවසක් නැවේ වැඩ කරන හැමෝටම දෙනවලු. එදා කැප්ටන්ගේ දවස. පොර ලියලලු මෙහෙම. "අද සීමන් ජෝන් කාටර් බීමතින් සිටියේය." (Seaman John Carter was drunk today).

      මේක කියවපු අනිත් උන් පහුවදා උදේ ජෝන්ගේ කනේ මේක තියලා. ජෝන් ඇවිත් කැප්ටන්ට බැගෑපත් වෙලා "අනේ කැප්ටන්, මේක මගේ රස්සාවට හොඳ නෑනේ. මේක මකන්න කරුණාකරලා."
      "ජෝන් බීල හිටියා කියලා පිළිගන්නවද" කැප්ටන් අහලා.
      "හපොයි ඔව් කැප්ටන්, මොකටද බොරු කියන්නේ? කණ පැලෙන්න ගහලා තමයි හිටියේ ඊයේ."
      "අපි ලොග් එකේ බොරු ලියන්නේ නෑ ජෝන්. ඒක තියෙන්නේ ඇත්තටම වෙච්ච දේ ලියන්න. මේක නැවේ තියෙන වැදගත්ම ලියවිල්ල."

      පස්සේ ජෝන් තරහෙන් පුපුර පුපුර යන්න ගියාලු කවදහරි තිත්තයට වාරයක් එනවනේ කියලා.
      ඔන්න ඇවිත් ජෝන් බලා හිටපු දවස. ඒ කියන්නේ ජෝන් ලොග් එක ලියන දවස. ඕක දැනගෙන කැපාත් ඩ්‍රින්ක් දිහා බැලුවෙවත් නෑලු එදා. හොඳ කල්පැවැත්මෙන් ඉඳලා. පස්සේ කැපා ගිහින් කියවලා බැලුවලු ජෝනා ලියපු ලොග් එක.

      "අද කපිතාන් හොඳ සිහියෙන් සිටී. (The captain is sober today.)

      Delete
    5. හොස්ටල් වල බෝවෙන ඉකිලි සහ සෙට් කැසිල්ලට කියන්නේ "ලැට් ඩෝස් (ලැඩ්ඩෝස්)" කියලා.

      Delete
    6. @ ඩූඩ්......ලින්ක් එකක් දැම්මා කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැනේ බන්. ඔන්න ඔහේ දාපන්. කාට හරි කියවන්නනේ. මම ඔය පෝස්ට් එක කියෙව්වා. මට දැණුයි මතක් වුනේ.

      ////මචං, අරවට තිබ්බ බය ගෞරවය ඔක්කොම නැතුව ගියා AIDS ආවට පස්සේ////
      ඕක ඇත්ත කතාව ඩූඩ්. සිෆිලීස් කිව්වාම ඇමොක්සිලින් ටිකක් ගහපන් කියලා කියන සයිස් එකක් තිබුනා. මොකද මම දන්නේ, මාත් එක්ක ගොඩාක් මෙඩිකල් කොලෙජ් එවුන් හිටිය නිසා.

      ///උඹේ විස්තරය නියමයි මචං////
      ඒක නම් රසවත් තමයි. මම දැම්මේ කාටහරි යමක් ඉගෙණගන්න.

      ////The captain is sober today./////
      ජෝනා නම් පොරක් මචං!!!අන්න රිද්දන්න ඕනනම් ක්‍රම!!!!!

      Delete
    7. @කැන්ඩියන්......ලැඩ්ඩෝස් එක කාලයක් ගොඩාක් එවුන්ට තිබුනා. අපිරිසිඳු කමටද මන්දා. දැන් ඕවා අහන්න නැහැ නේද?

      Delete
    8. @කැන්ඩියන්......ලැට්ඩෝස්= ප්‍රීති කසානා ද?

      Delete
  15. අන්තිමට ලියල තිබ්බ දෙයටනම් මගේ ආචාරය උබට දෙනවා. සිංහල ජාතිය ඔහිම නෙවෙයි බන් පැලෙන්න ගහල තේරුම් කරලා දුන්නත් කවදාවත් ඇත්ත පිළිගන්න ජාතියක් නෙවෙයි. යතාර්ථය දැක දැක ඇස් කන් පියාගෙන අන්දයෝ වගේ හැසිරෙන ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද ටික්කා. ඔය ගැටුම්වලින් වෙන්නේ ටික්කෝ..විසඳන්න බැරි ගැටළු ඉතිරිවෙන එක. සුභවාදීව හිතන්න දෙන්නෙම නැහැ. ඒ ගැන කියන්න ගියොත්, කියන එකාට මඩක් ගහලා ඌව බෙල්ලෙන් අල්ලලා ඇතුලට දානවා.

      Delete
  16. සෑහෙන දවසකින් ආවේ මේ පැත්තේ....

    ඔය කාලේ මගෙත් ක්ලාස්මටෙලා හිටියා ගල්කිස්සේ වැඩකරපු..අද ඒ අය හොටෙල් ෆීල්ඩ් එකේ ලොකු තැන්වල. ඒ දවස්වල උන්ව හොයාගෙන යනවා බොන්ට ඕන උනාම. අනේ අපරදේ කියන්ට බෑ.. ගියාම කන්ට බොන්ට දීලා තමයි එවන්නේ. අරුත් දන්නවා ඇති නම කිව්වොත්. ඊමේලක් දාන්නම්කො.

    ReplyDelete
  17. කැන්ඩියන්.....හෝටල්වල ටිකක් දන්න කියන සුපවයිසර් කෙනෙක් සීනියර් එකෙක් හිටියොත් ශේප් එකේ කාලා බීලා එන්න පුළුවන්. මම ට්‍රේඩ් එකේ නැති කාලේ වුනත් ගලධාරි, ඔබරෝයි ගිහින් ෂේප් එකේ කාලා බීලා එනවා. අපිත් ඉස්සර එන්න කියනවා ශේප් එකේ බුෆේ එකෙන් කාලා යන්න.

    ඊමේල් arugeadaviya@gmail.com

    ReplyDelete