Friday, July 4, 2014

අවුල් වන්නට පෙර..(45) රණසිංහ අන්කල්..

ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! :D


ගල්කිස්සේ මා සේවය කල කාලය පුරාවටම , නොයෙකුත් ජාතින් සහ නොයෙකුත් ආකරයේ මිනිසුන් ,ගැහැනුන් මුණ ගැසුණි. ඒ අතර නොයෙකුත් රටවලින් පැමිණ හඳුනාගත් විදේශිකයන් රාශියක් සහ ලිපි හුවමාරුද බොහෝ විය. ඉන් සමහරක් පසු කාලයන්හී මට නැවත හමුවී ඇත. එවන් අපූරු තරුණ යුවලක් මට මුණ ගැසුණේ ගල්කිස්ස වෙරළේදීය. සේවා මුරයේ ලැබෙන කුඩා සිගරට් විවේකයේදී වෙරළටවී සිටිනා විට මේ යුවළ මා අසලට පැමිණ සිගරට් එකක් තිබෙනවා නම් දෙන්න යැයි ඉල්ලා සිටියෝය. එසේ යමක් ඉල්ලා සිටින බටහිර මිනිසුන් මා දැක තිබුණේ නැත. මම දුම් වැටි දෙකක්ද මොවුන්ට ලබාදී කතාවට වැටුණෙමි.

අවුරුදු තිහක් පමණැති ජර්මන් ජාතිකයන්වූ මොවුන් දෙදෙනා, ලොව වටා සංචාරයක් යන අය බවත්, ඔවුන් පැමිණි කැරවෑන් රථය පාකිස්ථානයේදී ගිනිබත්වූ බවත්, ගමන් බල පත්‍රය සහ යම්කිසි මුදලක් සහිතව ඔවුන්ට ශ්‍රීලංකාවට ගොඩ බැසීමට හැකිවූ බවත් කීහ. දින දෙක තුනක් සිට නැවතී ඉන්නේ කුඩා කාමරයක බවත්, අත තිබූ මුදල් අවසන් බැවින් කෑම, බීම, නවාතැන් පවා ප්‍රශ්නයක් බව පැවසීය. තව දින කිහිපයකින් ජර්මන් තානාපති කාර්යාලය හරහා තම රටින් මුදල් ගෙන්වා ගැනීමට සුදානම් බවත් පැවසීය. එකල ඉතා සුළු සංචාරකයන් පිරිසක් අතර මිසක් අන් අය ළඟ AMERICAN EXPRESS, DINERS CLUB CARD වැනි ගෙවීම් පහසුකම් නොවීය.  TRAVELLERS CHEQUES (THOMAS COOK)භාවිතය බහුල විය. අද මෙන් එදා VISA. MASTER CARD වැනි ක්‍රම වේදයක් නොවීය. මොවුන් හිපියන් හෝ එවැනි වර්ගයේ සංචාරකයින් බව නොපෙනේ. එවැන්නන් හඳුනාගත හැකිය. මොවුන් දෙදෙනා අවන්හලට රැගෙන විත්, කෑමෙන් , බීමෙන් සංග්‍රහකර. මගේ පඩිපතින් කපාගන්නා ආකරයේ වැඩ පිළිවෙළක්ද යොදා , ඔවුන් අතට සුළු මුදලක්ද, සිගරට් පැකැට්ටුවක්ද දී, පසුදින මා නිවාඩු නිසා හමුවෙන ලෙස දන්වා සමුදුන්නෙමි

ගල්කිස්සේ පොරෝලිස් මාමාගේ ගෙදර උදවීයටත් මේ බව දන්වා, ඔවුන් දෙදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කළේය. පොරෝලිස් මාමා කිව්වේ "උඹ ගෙනාවොත් ගේන්නේ හිඟන්නන් "බවය. ඇත්තටම එතනට එන්නේ ධනවත් සංචාරකයින්ය. ඒ මැණික් භාණ්ඩ මිලදී ගන්නට මිස කන්න බොන්න නොවේය. කෙසේ වෙතත් නියමිත පරිදි සතුටින් කා, බී, ප්‍රීතිවී විසිර ගියෝය. නැවතත් දින දෙකක්, තුනක් යනතුරු මට ඔවුන් මුණ නොගැසුණි. මම හිතුවේ මුන් නම් නියම පොලු කාරයන් බවය. නමුත් එය එසේ නොවීය. ඔවුන් මා සේවය කල අවන්හලට පැමිණියේ මටත්, පොරෝලිස් මාමගේ ගෙදර අයටත් තෑගී බෝගධ රැගෙන ඉතා සතුටින්ය. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇති පදමට කා බී විනෝදවී, සියලු ගනුදෙනුද පියවා ඔවුන් අප හෝටලයේම නවාතැන් ගති. ඒ ජර්මන් යුවළ ඉන් පසුවත් ලංකාවෙන් පිටව යන තුරු මා හා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීය. වරින් වර ලංකාවට පැමිණි ඔවුන්ගේ මිතුරන් අත මට තෑගී බෝගධ එවූ බව මතකය. පසු කාලයකදි ඔවුන් දෙදෙනාද, ඉන් පසු වරක් ඇය පමණක්ද ලංකාවට පැමිණියේ, මා නිසාම බව ඇය මට පවසා ඇත. ලිපි ගනුදෙනු හුවමාරුවට මා දැක්වූ අලසකම නිසාම, මේ ගනුදෙනු සම්බන්ධතා පසු කාලයකදි මග හැරුණි. මෙවැනි අය අතහැරූ අවස්ථා කිහිපයක් විය. මට පිටරටකට යෑමටවත්, මේවා ගැන උනන්දුවක්වත් නොවීය. මා ජීවිතය රස වින්දෙමි. ඒ නිසාම අද මම සියලු දේ නොව හොඳම දේ රස විඳින්නෙමි.

ඉතාමත් තරුණ වියේදීම රැකියාවකට යාමත්, ඇති පදමට මුදල් ගැවසීමත් නිසා ,මුදල් පිළිබඳ නිසි අගයක්, වැටහීමක් නොතිබුණා යැයි සිතමි. මෙයට මූලික හේතුවක් විය හැක්කේ මගේ රැකියාවේ ස්වභාවය විය යුතුය. මාසයකට වරක් ලැබෙනා වේතනයක් පමණක් වූවා නම් එය සීරුමාරුවෙන් පරිහරණය කරගැනීමට ඕනෑම කෙනෙක් පෙළෙඹේ. අපට දිනපතාම ඇතිතරමට කාසි මුදල් ලැබෙන නිසා, නිතරම හිතුවේ ඒ මුදල එදාට වියදම් කර දමා, මාසිකව ලැබෙන වේතනයෙන් අනිකුත් වැඩ කරන්නටය. හෝටල් සහ අවන්හල් සේවකයන් බොහෝ දෙනෙක් එයට හුරුවී තිබුණි. මට කෑමට වියදමක් නැත. නැවතීමේ පහසුකම් සඳහා ගෙවිය යුතු නැත. පොරෝලිස් මාමාට දිනකට දෙකකකට වරක් නෙවිකට් පැකට් එකක් අරන් දුන්නා මිස, ඒ ගෙදරට මගෙන් විය යුතු අන් කිසිවක් නොවීය. මුදල් හා සම්බන්ධව මට තිබුණේ අවම වැටහීමක් පමණි.

මම හැකි පමණින් අම්මා අතට මුදල් දීමට මැලි නොවූයෙමි. ගෙදර යන්නේ මාසයකට වරක් පමණක් නිසාත්, අම්මා ගල්කිස්සට පැමිණෙන්නේ මාසයකට වරක් හෝ දෙවරක් නිසාත්, අත ඇති මුදල් සියල්ලම මම ඇය අත තැබුවෙමි. මගේ හෙට වියදමට ඩොලර් හෝ රුපියල් නැවත ලැබෙන බව නියතය. ඒ ගැන වැඩිය සිතිය යුතු නොවීය. ඒ කෙසේ වෙතත් ගෙදර උදවිය දැන් තරමක් දුරට ,තම හැකි පමණින් වැඩ කටයුතු කරගෙන යනු ලැබේ. සහෝදර සහෝදරියන් පාසැල් ගමනේය. ලොකු මල්ලි වැල්ඩින් වැඩ පුරුදුවෙන්නට යයි. ලොකු නංගි මා සමග පොරෝලිස් මාමාගේ ගෙදර නැවතී සිටී. ආච්චි. අම්මා, රොමානිස් නොහොත් පොඩි අයියා ඇතුළු කට්ටිය දෙල්කඳ ලොකු අම්මාගේ නිවසේ එක් පැත්තක්ක වාසය කරති. තාත්තා රක්ෂණ සංස්ථාවේ කොළඹ ශාඛාවේ වැඩය. තාත්තාගේ මිතුරු ඇසුරත්, බීමත් පොඩ්ඩකින්වත් අඩු නැති බව නම් බොහෝ කලක් යන තුරු මම දුටුවෙමි.

අප පදිංචිව සිටි ඉරිදාපොළ ඉදිරිපිට මේ කුඩා නිවස, බොහෝ පැරණි නිවසක්ය. අපේ අයත් තම පහසුකම් සපයාගත්තෙත් නොයෙකුත් අපහසුතා මැදින්ය. තාත්තා, ඒ මදිවාට තව යහළුවන් දෙදෙනෙක්ද ගෙදරට වඩම්මවා ගෙන ඇත. මේ එයාගේ පැරණි මිතුරන්ය. ඊට අමතරව තව කෙනෙක් අම්මාගෙන් උදේට රුපියල් පහක් හෝ දහයක් හෝ දහයක් දඩයක් දා ගනී. ඒ චාල්ස් අංකල්ය. ඒ අයටත් අපේ අම්මා උදව් කළේ වෙන මොහොකටවත් නොව, ඔවුන් අපටද කල උදව් පදව් අම්මාට මතක ඇති නිසාය. අද මේ තත්පරයේ අම්මාට කතා කල විගසම ඇය කිව්වේ, මට බෙහෙත් ගන්නට මුදල් නැති දිනෙක චාල්ස් අංකල් මාව මහරගම ඩොක්ටර් සිල්වා ගාවට එක්කන් ගිය කතාවක්ය. මට ලියන්න කතා ගොඩය. අපේ අම්මා මැණිකක්ය. දැනුත් කතා කරමින් සිනා වෙන්නීය. මේ තාත්තාගේ මිතුරන් ජීවිතයේ අසරණ අඩියක ගත කල බව ඇත්තය. අපේ තාත්තා ඊට වඩා අසරණය. නමුත් අපේ තාත්තාට වඩා අම්මා දුකට පිහිට විය. අපේ අම්මා නැතිබැරි එකා වෙනුවෙන් පිහිට වුණේ තාත්තා මෙන් බත් පතටත් එහා ගිය අති පාරිශුද්ධ මානුෂිකත්වයකින්ය. මම ඒ ගැන පසුව ලියමි.ඔවුන් සොඳුරු මිනිසුන් බව ඇත්තය. නමුත් අප ජීවත්වීමේ අඩුපාඩු ගැන සිතිය යුතුය. තාත්තා තම බත් පත අනිකෙකුට දී නිදාගන්නා මිනිසෙක් වුවත්, එය ජීවිතයේ පුරුද්දක් ලෙස කරගෙන යෑම අප වන් දිළින්දන්ට යෝග්‍ය නොවේ. නමුත් අප නිවසේ සිදුවූයේද එයමය. නමුත් ඒ අතීත ය ගැන පසුතැවිලි වෙනවාට හෝ හඬා වැටෙනවාට වඩා ඒ ගැන ලියා තැබීම වරදක් නොවේ.

මම ඔය කිවූ දෙදෙනාගෙන් එක් අයෙක් නම් සොඳුරු මිනිසෙක් යැයි කීමට නොහැකිවුවත් , ඔහු නිසා මා එක් ජීවන කඩ ඉමක් පසු කෙරුවෙමි. ඒ ධර්මපාල අංකල් නම්වූ මිනිසා නිසාය. ඔහු අන්කල් කෙනෙක් වූවත් ධර්මපාල කමක් නොවීය. ඔබ මගේ කතාව මුල සිට කියෙව්වුවානම් . අපේ ආච්චිගෙ අගස්ති මාලය උගස් තියා අපට මුදල් ගෙන එනවා යැයි කියා වසර ගණනක් වසන්වී සිටියේ මොහුය. අපේ ආච්චී මොහුව නැවතත් පිලිගත් සැටි මම පසුව කියමි.  ඒ අන් කිසිවක් නිසා නොව, රණසිංහ අංකල් නම්වූ අනිකා ගැන ලිවිය යුතු දේ බොහෝ නිසාය. තාත්තාට රණේත්, රණේට, බෑඩ් (BAD )යනුත් අතිජාත බොක්කවල්ම වූ නිසාය. අපි ඒ බැව් කුඩා කල සිට දන්නෙමු. ඔවුන් රක්ෂණයේ පුරෝගාමින්ය.BAD(බෑඩ්) නම් අපේ තාත්තා නම්වූ සුහදවන්තයාගේ මුල් අකුරුය. බෑඩ් නොහොත් බී.ඒ.ඩී. පෙරේරා කිව්වොත් එදා රක්ෂණ සංස්ථාවේ සහෝදර සේවක අයිතීන් වෙනුවෙන් ජීවිත පරදුවට තබා වෘත්තීය අරගලයන්හී යෙදුණ මිනිසෙක් විය. රණසිංහ අන්කල් ඊට නොදෙවෙනිය. රංජිත් යහම්පත්, මිල්ටන් ගුණපාල වැනි අයද එතැන සිටි බව කිව යුතුය. පසුව රන්ජිත් අන්කල් ඒට්කන් ස්පෙන්ස් ආයතනයේ රක්ෂණ ව්‍යාපාරය ඇරඹීමේ මූලිකයා විය. මිල්ටන් ගුණපාල , විජය කුමාරණතුංග සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇරඹීමේ පුරෝගාමිකයෙක් විය. මේවා දිග වැඩි කථාය. අපේ අම්මා නම් කිව්වේ BADලා, රණසිංහලා කසාද බඳිනවාට වඩා දේශපාලනය හෝ බෝතලය, ජීවිතය කරගත්තා නම් හොඳ බවය. සහතික ඇත්තය. රණසිංහ අන්කල් නම් කිසිදාක විවාහවී සිටියේ නැත. ඔහුගේ විවාහය බෝතලය සමග විය.

රණසිංහ අන්කල් ප්‍රමාණික උගතෙකි. බුද්ධිමතෙකි. පාලි,සංස්කෘත, හින්දි, දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා ගැන ඔහුට තිබුණේ විශිෂ්ට දැනුමකි. බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුමක් විය. දහම් පාසල් අධ්‍යාපනය සහ එහි හරයන් ගැන විභාග ඉහළින් සමත් වූ අයෙක් විය. මොහු මෙතරම් නිහඬත්වයට සහ බීමත්කමට ආදරය කළේ ඇයි දැයි මම නොදනිමි. ඔහු කතා කළේ අඩුවෙන්ය. සවන්දීමට ප්‍රිය කළේය. ඉඳහිට හෝ කියන්නේ, කෙනෙකුට නැවත නැවතත් සිතිය යුතු දේ අඩංගු වාක්‍යයක් හෝ දෙකක් පමණි. ඔය ආදරණීය මිනිසා නිදාගත්තේ අපේ අර කුඩා නිවසේ ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන එක් කොණකය. ධර්මපාල අංකල් තව කොණකය. රොමානිස් නොහොත් පොඩි අයියා නම් වයෝවෘද්ධයා ඊට හපන්ය. (ඔහුව කුඩා කල පාරක අත හැර දමා තිබියදි, අපේ සීයා විසින් හදාවඩා ගත් කෙනෙක් නිසා අම්මා කතා කරේත් පොඩි අයියා කියාය. හොරෙන් ගංජා බිවු බව මම හොඳින් දනී) ඔහු තව පැත්තකය.

අපේ අම්මාගේ මිතුරියක් විය. ඇය වීරරත්න ඇන්ටි නම්, ඉතා කෙසඟ සිරිරුක් හෙබි කට සැර ධනවත් කාන්තාවකි. ඇය අපේ අම්මාට බොහෝ ලෙසින් ආදරය කළේ අම්මාගේ තිබු ලෙන්ගතු මනුස්සකමට විය යුතුය. අපේ ගෙදරට නිතර පැමිණෙනා ඇය තාත්තාට නිතර දොස් පවරන්නේ , වෙන කිසිවක් නිසා නොව තාත්තාගේ අනවශ්‍ය වියදම් නිසාමය. ඇය නිතර අප නිවසට පැමිණියේ ඇයගේ දරුවන් ඇයට සවන් නොදෙනා නිසා බව අප දනිමු. ස්වාමියා ඇය අත හැර ගොසින්ය. දරුවන් අයාලේය. ඒ මසුරුකමේ පීඩාවන්ය. අප ඉස්තෝප්පුවේ නිදාගන්නා රණේ සහ ධර්මේ දකිනා ,ඇය කියන්නේ "මිසිස් පෙරේරා...හොඳ පුන් කලස් දෙකක්නේ ගේ ඉස්සරහින් තියන් ඉන්නේ...මුන් පන්නන්න "කියාය. අපේ අම්මා කට කොනකින් සිනහා වුණා මිස, කවදාවත් ඔවුන්ට හිත රිදෙනා වචනයක් කීවා නොවේ. ඒ අපේ අම්මාගේ හැටිය. ඇය නැති බැරි එකාගේ දුක මැනවින්ම හඳුනාගත් ගැහැනියක්ය. මේ කතා දීර්ඝව ලිවිය යුතු ඇත.

මෙවැනි මිනිසුන් නැති ලෝකය අද්භූතය.. මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි..එවැනි මිනිසුන් අහිමිවූ ලෝකය තුළ දකින්නට ඇත්තේ පුස්සන්ය. සැබැවින්ම පුස්සන්ය.

51 comments:

  1. අපෙග් කම්මැලි කම නිසා හෝ නොසැලකිල්ල නිසා අප ජීවිතේ වටිනා දේවල් මගහරවා ගන්නවා. මට හිතෙන්නේඅර ජර්මානු යුවලත් ඒ වගේ..
    /මා යෞවනයේ අත් වින්දේ සැබෑ මිනිසුන්ගේ ලෝකයයි./
    අද යෞවනයට ඇත්තේ සැබෑ ලෝකයක් ද මවූ ලෝකයකක්ද?

    ජය වේවා!!!
    (මේකේ කොමෙන්ට් දානවද අරකෙ කොමෙන්ට් දානවද හිතාගන්න බෑ - දෙකේම දැම්මා)

    ReplyDelete
    Replies
    1. විදානේ.....මමත් හරියට දේවල් නැතිකරගෙන තියෙනවා උනන්දුවක් නැතිකම සහ කිසිදෙයක් ගණන් ගන්නේ නැතිකම නිසා. ඒවා නම් බොහෝමයි. කියලා වැඩක් නැහැ. එහෙම නොකලගත යුතු බව තමයි කියන්න තියෙන්නේ.


      ////අද යෞවනයට ඇත්තේ සැබෑ ලෝකයක් ද මවූ ලෝකයකක්ද?////
      මම මැදිවියේ මිනිහෙක් ලෙස මෙහෙම කියනවා කියා හිතන්න එපා. අද යෞවනයා ජීවත් වෙන්නේ මහා පට්ටපල් බොරුවක් ඇතුලේ කියලා මට හිතෙනවා. නමුත් මම ඉන්න රටේ තරුනයා මීට වඩා වෙනස් කියලා මට හිතෙනවා. උනුත් ජීවත්වෙන්නේ අති නවීන තාක්ෂනය එක්ක වුනත් උන් තුල ඇති ආකල්ප නම් හරිම ස්වාධීනයි...සහ පුළුල්.
      ///දෙකේම දැම්මා)////
      දෙකේම දාන්නේ බලාගෙන :

      Delete
  2. අර ජර්මන් ජෝඩුව ගැන කියත්දි මට මුලින්ම හිතුනෙ අරූ අයියා හොද ඇන්දිල්ලක් ඇදගන්න ඇති කියලා. මිනිස්සු ගැන අපි එළඹෙන පූර්ව නිගමන ඇතම් වෙලාවට කොයි තරම් වැරදිද?

    රණසිංහ අංකල් වගේ මිනිස්සුන්ට මම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොමම තමයි හිතුනේ මුලින්ම හිතුනේ ප්‍රියා. ඒ වගේ දේවල් වලින් තමයි බන් අපි කවුරුත් ඉගෙනගන්නේ. සමහර වෙලාවට අපි අහුවෙනවා. අහුවුනා කියන්නෙත් පාඩමක්නේ. මමත් හරියට අහුවෙලා තියෙනවා. තාමත් අහුවෙනවා සමහර වෙලාවට. ඒක නවත්වන්න බැහැ. ඒවා නවතිනවා කියන්නේ ලෝකයත් නවතිනවා.

      රණසිංහ අන්කල්ලා වගේ අය අදත් ඇති හැබැයි කාගෙවත් අවධානයට යොමුවෙලා නැති.

      Delete
  3. //නමුත් ඒ අතීත ය ගැන පසුතැවිලි වෙනවාට හෝ හඬා වැටෙනවාට වඩා ඒ ගැන ලියා තැබීම වරදක් නොවේ//

    ඒ තමයි වැදගත්ම කොටස. ඒ තමයි ඇත්ත. අතීතය ලියා තැබීම හරිම වැදගත්. අපිටම යලිත් කියවන්නට, කියවා යමක් සිතන්නට, සිතා යමක් කරන්නට, එමගින් පුළුවන්. එමෙන්ම අපි නැති කාලෙක, අපේම උන්ට පුළුවන්, මේ මිනිහා ලියා තැබූ දේවල අද නොවැටහුණු අර්ථය එදාට තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචා..මගෙත් උවමනාව මේවා කොහේ හෝ සටහන් වෙලා තියෙන එක තමයි. ළමයින්ටවත් කියවන්න පුළුවන්නේ අඩුම ගානේ අපේ අත්දැකීම්. මට දැණෙන විදිහට පසු පරපුරේ අය මේවා කියවන්න ආසයි. ඒ නැතිවුනත් හිතේ තියෙන දේවල් වමාරන්න ඕනේ කොතනක හරි. හිතට හරි බරයි තියාගෙන ඉන්න එක. අපි ආපු පාර කාපට් කරලා තිබුනෙත් නැහැනේ. ගල් බොරළු පිරිලා තිබුනේ.

      Delete
  4. >>ඉන් පසු වරක් ඇය පමණක්ද ලංකාවට පැමිණියේ, මා නිසාම බව ඇය මට පවසා ඇත.<<...... ම්ම්ම්ම්......
    ඉතිං හොද සංග්‍රහයක් කොලේ නැතෙයි මචෝ....... ??? :)

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවානේ කෙන්ජි...මම ඔය සංග්‍රහවලට එච්චර කැමති එකෙක් නෙමේ කියලා :D අපි ඉතින් හොටෙල් බෝයිස්ලානේ බන් :D

      Delete
  5. අගනා මුතු හරක තවත් එක් මුතු ඇටයක්... ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ඔ‍බෙ සැප මගෙ සතුටයි....
      මුතු බිහි කරලා අනුනට බෙදනා...
      මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ....
      ඔබෙ සැප මගෙ සතුටයි...///////

      අනේ තැන්ක්ස් බන්.....

      උඹ එච්.ආර්.ජෝතිපාලගේ මේ සින්දුව අහලා තියෙනවා නේද. මුතු කියපු හින්දා මතක් වුනේ. හෙට අනිද්දාට මිය ගිහින් අවුරුදු 27යි.

      Delete
  6. සල්ලි නාස්ති කරපු තරම දැනෙන් කොට මාර දුකයි බං මටත්. ඒත් ජීවිතේ අවශ්‍ය අවශ්‍ය වෙලාවට වින්දා නේද කියන සතුට එනවා. එහෙම උනත් දැං දරුවන්ට ඕන දේවල් අරගෙන දෙන්න සල්ලි අඩුපාඩු වෙන කොට ඒ නාස්තියේ තරම හිතට දැනෙනවා බං..

    උඹ බොහොම ලස්සනට මේක ලිව්වත්, උඹ ලියන්න ඕන දේ ගැන අවබෝධය හරියටම අරගෙන නැති බවයි පේන්නේ. එකින් එකට හිතෙන කොට උඹ තමාගේම හිතිවිලි වල වල්මත් වෙනවා. පොඩ්ඩක් ඒ ගැනත් බලහං.. මම කිව්වේ දැං රනේ ගැන ලියන්න ආවට උඹ ඒ චරිතය මැදි කරන් නෙමෙයි මේක ලියල තියෙන්නේ.. මට හිතුනේ පුටුවක කකුල් හතරක් ගැන කරපු විස්තරයක් වගේ.. මං හිතන්නේ රණේ මැදි කරල අනිත් චරිත ගැන කතා කරානං මේක බර වෙන්න තිබුණා කියලයි.. මේක මගේ අදහස..

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේ උඹේ අදහස අගය කරනවා. උඹ දන්නවානේ මම ඒ මොහොතේ සිතමින් ලියා ටයිප්කරන මොඩ්ල් එකේ නිසා...මේවා මට පාඩම්. ඒ ගැන ස්තූතියි.
      ////එකින් එකට හිතෙන කොට උඹ තමාගේම හිතිවිලි වල වල්මත් වෙනවා.////
      ඔය වල්මත්වීම වෙනවා මචං සමහර අවස්ථාවල. උඹේ කතාව ඇත්ත. මට ලියන්න බොහෝ දේ තිබෙන නිසා මම වචන 1000-1200ක් අතරේ වැඩේ ඉවරකරලා අත පිහිදාගන්න තමයි ට්‍රයි කරන්නේ. උඹ කියපු අදහසට මම ගරු කරනවා.

      මචං...මමත් ගොඩක් සල්ලිනම් නාස්ති කරලා තියෙනවා. නාස්තිද ඒවා වියදම්ද කියලා කැටගරයිස් කරන්න අමාරු ජාතියේ ඒවා. 'කන බොන' එකත් වියදමක්නේ බන්. ඒ වුනාට ගෙවල්වල අයනම් කියන්නේ නාස්තියක් කියලා. වියදම් නොකර බොන්නත් බැහැ. ඒ වුනත් මමත් උඹ ඔය කියන අවස්ථාවන්ට ෆේස් කරලා තියෙනවා. තාමත් එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. ඕක අද හිතිලා හෙට අමතකවෙන ජාතියේ නාස්ති හෝ වියදම් කියලා කඩේ යනවා ආපහු.

      Delete
  7. මාටින් වික්‍රමසිංහයන්ගේ උපන්දා සිට කියවනවා වගේ. ලිවීම නම් ඒ තරම්ම සාර්ථකයි අරූ අයියේ. මතකයන් ගොඩක්, අත්දැකීම ගොඩක්. අපූරු ජීවනාන්දරයක්....

    ReplyDelete
    Replies
    1. මනෝෂ් ඔහොම වර්ණනා කරන නිසාම මම අහගෙන ඉන්නම් සහ ස්තූතියි කියන්නම්. මට වගේම මනෝෂ්ටත් මේ වගේ කතා රාශියක් ඇති. ඒ සොඳුරු දෙමව්පිය ගැන, උඹ හැදී වැඩුණු පරිසරය ගැන ආදී වශයෙන් බොහෝ දේවල්. හිතේ තියාගෙන ඉන්න බැරිතරමට බර වැඩිවුනාම උඹත් මෙහෙම ලියයි. ඒ සටහන් අපි ජීවත්වෙලා ඉන්න කාලෙක නම් අපිත් කියවයි. නැත්නම් උඹේ පරපුරේ අය කියවයි. උඹ දක්ෂ ලේඛකයෙක්. මම වගේ හිතේ තියෙන දේ ලියන කෙනෙක් නොවන නිසා ඒ සටහන් මීට වඩා බොහෝ රසවත් වෙයි.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මිනිස්සු, අපි හැම දෙනාටම දුකේදී සැපේදී වගේම, තරහෙදී, කරදරයකදී ඒවාට හෙතුවෙන්නෙත් මිනිස්සුම තමා, මම මේ බ්ලොග් එකට දාන පලවෙනි කොමෙන්ට් එක වෙන්න ඇති. සමාවෙයන්, මට අරුගේ ලිපි කලින් කියවා නැති නිසා රහ දැනුනේ නෑ.
    කතාවේ ආපහු මුලටම යනවා නම්, මේ අපුඋරු චරිත ගැන කතා ලියවෙත්දී, මට මතක් උනේ කුඩා කාලෙදී මා වටා සිටි මට ආදරේ කල, මම මේ තත්ත්වෙට එන්න මුල් උන මිනිසුන්ව, මම ඒ මිනිස්සුන්ට හරි වටිනාකමක් දීලා නෑ කියලයි මට අරුගේ මේ පොස්ට් එක කියෙව්වම මට හිතුනේ.
    එක මගේ වරදක්.
    ජීවිත කාලේ හමුවෙන හැම දෙනා එක්කම සබඳතා පවත්වනවාට වඩා, අපිට දැනෙන මිනිසුන් ටික දෙනා එක්ක ජීවත් වෙනෙක, උන්ගේ මතකයන් එක්ක ජීවත් වෙන එක, අපිට බොහෝ කතන්දර වලට මඟ පාදනවා.
    මේ උඩින තියෙන්නෙත් එහෙම ලියවිල්ලක්.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ලීෂ්. කොනක ඉදල පටන් ගන්න.. බොගේ නිර්මාණ කණිනිකාව උනත් අවුලුවන්න පුළුවන්. මම ඒක ගැරන්ට් කරනවා

      Delete
    2. ලිෂාන්ගේ කමෙන්ට් එකට මට එකතුකරන්න බොහෝ දේවල් හිතට එනවා. උඹේ කමෙන්ට් එක මට අමතකවූ මිනිසුන් හෝ මා අමතක කර දැමූ එවන් අය මට මතක් කරවනවා. ඒ ගැන ලියන්න වෙලාවක් නෙමේ මේක.ලිෂාන් කියනවා වගේ අපි අපි අතින් කොතරම් වැරදි වෙලා ඇද්ද..අපි වැරදි සහ නිවැරදි යන දෙකේම මිශ්‍රණයක් නිසා, ඒ ගැන පසුතැවී වැඩක් නැහැ. උඹ නැමති යෞවනයා තුල බොහෝ සුන්දර අදහස් තියෙන බව නම් මා හොඳින් වටහා ගෙන තිබෙනවා.

      ලිෂාන්....අපේ දේෂා යෝජනා කරන පරිදි, උඹට මගේ කතාව කියවන්නට කැමතිනම් පමණක්...වර්ඩ්ප්‍රෙස්ස් බ්ලොගයේ පරණ පෝස්ට් කියවපන්. ඒ වෙන මුකුත් නිසා නෙමේ ..ඒ තුල කමෙන්ට්ස් හරහා අපි බොහෝ වැදගත්දේ සාකච්ඡා කලා. ඒවා බ්ලොගර් එකට ගේන්න බැහැ. වර්ඩ්ප්‍රෙස් එකේ මේ පෝස්ට් එක සම්බණ්ධවත් බොහෝ දේ සාක්ච්ඡා වෙනවා. වැඩිහිටි කතා නරකම නැහැ :D

      Delete
    3. @ දේශා...උඹ මගේ මේ බහුභූතවලට ගැරන්ටි, වොරන්ටි දෙන්න ගිහින් උඹටත් ඉල්ලන් කන්න වෙයිද මන්දා...

      Delete
  10. ඉන්ටවල් ඉවරය! දැන් ඔළුවෙන් හිටගන්නා වෙලාවය!!!! :D
    මෙන්න මේ කට්ටියට කිව්වනම් හරිනේ .... ඔය ඉවානයට පත්තරයට ඕක වටිනවා ..... කතාවනම් එක හුස්මට කියෙව්වා වෙනදා වගේම රසයි .... එත් අද පොඩ්ඩක් එහෙ මෙහෙ දුවපු ගතියක් පෙන්න තියෙනවා
    අර කෙන්ජා අහලා තියෙන පස්නේම මටත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. රාළේ…..එහේ මෙහේ දුවපු ගතියක් නම් තියෙනවා තමයි. ඒ ඔළුවෙන් හිටගෙන ලියපු නිසා වෙන්න ඇති :D

      ///ඔය ඉවානයට පත්තරයට ඕක වටිනවා /////
      මුන් දෙන්නා තාම පොඩි එවුන්නේ. අපි වගේ ලොකු එවුන්ටත් ඕක වටිනවා. ඒ කිව්වේ ඉඳලා හිටලා හරි දෙපයින් ඉඳගෙන ලෝකේ දිහා බලන එක :D

      කෙන්ජියා බ්ලොගර් එකේ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් හම්බවුනු වෙලාවක කියන්නම් :D

      Delete
  11. //පසු කාලයකදි ඔවුන් දෙදෙනාද, ඉන් පසු වරක් ඇය පමණක්ද ලංකාවට පැමිණියේ, මා නිසාම බව ඇය මට පවසා ඇත.//
    හපොයි. මට මේක කියෙව්වම මෙව්ව වෙලා ගියා බන්. ඈයි දෙයියනේ අපට මේවා වෙන්නෙ නෑත්තෙ. මීට පස්සෙ සුද්දො කපල් එකක් දෑක්ක ගමන් මම නම් අහන්නෙ උඹලට සිගරට් එහෙම ඕනද කියලා.
    Javi

    ReplyDelete
    Replies
    1. Javi....ඔය වගේ කීපාරක් මාව මෙව්වා වෙලා ඇද්ද..මෙව්වා වෙලා නැතිවුනා. සිගරට් පැකට් එකක් සාක්කුවේ දාගෙන...මෙව්වා වෙන්න ඕන අය එන්න...කියලා බෝඩ් එකක් ගහගෙන බීච් එකට වෙලා හිටපන් :D

      Delete
    2. ජරමන් කාරයන්ගෙන් මෙව්වා වෙලා ගොඩ ගිය උනුත් ඒ කාලේ හිටියා නේද අයියේ

      Delete
    3. ඔව් බං අටමෝ.....ගොඩාක් අය මෙව්වා වෙලා ගොඩ ගියේ ජර්මන් කාරයින්ගෙන් තමයි. ඉතාලි උදවියත් බොහොම උදව්කරලා තියෙනවා ඔය වගේ සෙට්වෙච්ච අයට.

      Delete
  12. තෑන්ක්ස් සංජීව.....බ්‍රා නම් බ්‍රෙසියර්ස්ය.. බ්‍රෙසියර්ස් නම් බ්‍රාය : D මොනවා වුනත් ඔය දෙකම හරි ගතිය.

    ReplyDelete
  13. අරූ සල්ලි වියදම් කරිම ගැන මට මතකයි මං 3න වසරට යනකන් අම්මා එක්ක අම්මා වැඩ කරපු ඉස්කෝලෙට ගියේ පස්සෙ කර්පු වැඩ නිසාම වෙන ඉස්කොලෙකට දැම්මා පස්සෙ තාත්තා කරේ මුලින්ම කලෙ සතිය වියදම කියලා රුපියල් 20ක් දුන්නා මුල් දවස් වල අමාරු උනා වියදම් කරන විදිය ඉගෙන ගන්න ,පස්සෙ මාසෙට වියදම අතට දුන්නා පඩි ගන්න දවසෙම ,මං හුරු උනා තනියම අතට ලැබෙන ගාන වියම් කර ගන්න ,අදටත් මං හිතනනෙ එක සාර්ථක ක්‍රමයක් කියලා ... මං අදටත් ලියනවා වියදම්...සමහරු ඉන්නවා මාසෙ වියදම බැලන්ස් කර ගන්න බැරුව අනික් එකාගෙන් කියක් හරි හිගන .එ වුනාට ඉගෙන ගෙන කරන්නෙ වෙන්නෙ ..............................................................

    ReplyDelete
    Replies
    1. ///පස්සෙ කර්පු වැඩ නිසාම වෙන ඉස්කොලෙකට දැම්මා ////
      සහෝ.....ලොකු දෙයක් බන්. අම්මාගේ ජොබ් එක ඉතුරුවෙන්න ඇති :D

      මගේ යාළුවෙක් ඉන්නවා ඌත් මගේ වයසේ. තාම එදිනෙදා වියදම් පවා පොත්වල ලියනවා. ඒක හොඳ ක්‍රමවත් වැඩක්. ඌ කොච්චර පිස්සු නැටුවත් හරිම ක්‍රමවත්. මමත් ඉස්සර මාසේ අන්තිම වෙනකොට දඩ දාගන්නේ පොරගෙන්. ඇත්තටම කියන්න මමත් කිසිම ක්‍රමවත් විය හියදම් ඇති කෙනෙක් නෙමේ. දැන් නම් ඕවා ගැන හිතන්නේ නැහැ.

      Delete
  14. අරූ අයියා.. මොනවා කියන්නද බං.. ජීවිතේ ඔහොම තමා. !! අත්දැකීම් තමා ජීවිතේට පාර පෙන්නන්නේ !!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි......ඕක තමයි බන් ඇත්ත. ඇණයක්, වණයක්, බිබිලක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න සමාජයේ අත්දැකීම් තමයි ඉවහල් වෙන්නේ. කූඩුවෙලා හැදෙනකොට එලියට ආපුවාම ෆුල් අන්දොස්. ගහන්න ඕන එකාට නෙමෙයි පැත්තක ඉන්න එකෙකුට ගහන්නේ. එහෙම ගැහුවාම වටෙන්ම ඉතින් පෝරියල් තමයි. උඹ දන්නවානේ.

      Delete
  15. මට එක සැරයක් හයිවෙ බස් එකෙදි ජර්මන් ජොඩුවක් හමුවුනා.ටිකක් වයසයි.කැම්පස් එකක ලෙක්චර් කෙනෙක්.මිනිහත් එක්ක කතාවට සෙට්වෙලා මිනිහ හෙන හිතවත් වුනා.එයාගෙ කාඩ් එකත් දුන්න.මගෙ මෙල් ඇඩ්‍රස් එක ඉල්ලුවම මම කිවුව මම මෙල් කරන්නම් කියල.කොහෙද අමතක වුනා.කාඩ් එකත් නැතිවුනා.දැන්නම් අපරාදෙ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. දමියා...මටත් ඔය වගේ දේවල් ඉස්සර වෙලා තියෙනවා නොසැලකිල්ල නිසා. කෙනෙක් එක්ක තියෙන කන්ටෑක්ට්ස් නැතිවෙනවා කියන්නේ අපරාධයක් තමයි. ඒක තේරෙනවා වෙන රටකට සංචාරයකට, රස්සාවකට වගේ ගියාම. ඒක ඒ වෙලාවට අගයක් නැහැ. අගය තේරෙනෙකොට ටූ ලේට්.

      Delete
  16. උඹලගෙ ගෙදර අම්බලම වගේ තියෙන්න ඇති නේද ඒ කාලෙ.මතකවෙනකොට ආසා හිතෙන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මචං මතක්වෙන කොට හිනාත් යනවා. ඉස්සර එක කාලයක් තිබුනා අම්මා කුස්සියේ බිම ලී බංකුවේ ඉඳගෙන පිඟන් 14ක් බෙදනවා. තියෙන ප්‍රමානය ගානට බෙදාගන්නත් එපැයි. කොහොම කරාද මන්දා. තාත්තාට ඉස්සෙල්ලා බෙදලා, ඊට පස්සේ පිට අයට (තාත්තාගේ සගයන්ට ). මචං පස්සේ කාලයක වුනත්...අපේ ලොකුඅම්මා වුනත් කියන්නේ....ඔය බෙදන වැඩේට නම් අපේ අම්මාට කිට්ටු කරන්න කෙනෙක් නැහැ කියලා. දැන් ඉතින් දෙතුන් දෙනෙකුට බෙදාගෙන හෝ අනිත් අය බෙදනවා බලාගෙන ඉන්නවා.

      Delete
  17. මං අරුගෙ අඩවියට ආවෙ අද.. ..වෙලාවක් අරං ඔක්කොම කියවන්නම්.. උඩින් පල්ලෙන් බලලා බොරු ලියන්න බෑ.. 2010 එව්ව ටික නං කියෙව්ව. කෙටි උනත් රසවත්.. මේ සීරිස් එක නම් ඔක්කොම කියවන්නෙ නැතුව රස විඳින්න බැරුව ඇති..

    ReplyDelete
    Replies
    1. හලෝ සරත්......ආවාට ස්තූතියි!! සරත් අවුල්වන්නට පෙර පහුගිය කොටස් කියවනවානම් වර්ඩ්ප්‍රෙස් එකේ තියන එක කියවන්න. මොකද ඒකේ තමයි කමෙන්ට්ස් තියෙන්නේ. මේකට ගන්න බැහැ. ඒ කමෙන්ට්ස් ඇතුලේ තමයි කතාව සම්පූර්ණ වෙන්නේ. සරත් දන්න බොහෝ දේවල් ඒ ඇතුලේ සාකච්ඡා වුනා.

      Delete
  18. මම ලියන මේ කොමෙන්ටුව මෙතනට කොච්චර අදාලද මටම තෙරෙන්නෙ නෑ. නැන්දම්මා සහ අම්මා අතර ගැටලුව මටත් හරියට තිබුනා. නැන්දම්මා අපේ ලඟටම ඇවිත් ඕමාන් වලදි අන්තරා උනා. අනේ ඒ මනුස්සයාගේ පොටෝ කට්ටක්වත් ගන්න බැරි උනා නැතිවෙන්න කලින්. කවුදෝ කිව්වා හොස්පිටල් එකේ ඉන්න පිංතූරයක් ගන්න ලංකාවට ගියාම ඕන වෙයි කියලා..ඇත්තටම ඕන උනා..ඒක තවත් පෝස්ටුවක්...
    ඇත්තටම කියනවානම් මම නැන්දම්මාට ආදරෙයි අපේ අම්මටත් වඩා, හේතුව මාව හරියටම තේරුන්ගත්ත එක වෙන්ඩැති...උඹ ලියන ඒවා නිසා මට හරි අමාරුයි මගේ කථාව අකුරු කරන්න, ඒ නිසා මේ දවස්වල වෙන වෙන වල්පල් ලියනවා හිත හදාගන්න....දෙකේම දැම්මා උඹ දෙකම කියවනවා ඇති නේ...

    ReplyDelete
    Replies
    1. මචං….ඒ වගේ නැන්දම්මලා ලබන්න වාසනාවක් තියෙන්න ඕන. මගේ මුරන්ඩු වැඩ නිසා මාත් එක්ක එච්චර හොඳ නැහැ ඉස්සර මගේ වයිෆ්ගේ අම්මා. ඒක සාධාරණයි. පස්සේ තමයි එයා මාව හඳුනගත්තේ. මම බය නැතිව කියනවා, අපේ අම්මාත් නැන්දා-ලේලි සම්බන්ධකම් පවත්වාගෙන යන්න බොහෝදේ ඉගෙනගන්න ඇති, ඒ අම්මාගෙන්. අපි හමුවුන දවසක කතාකරන්න බොහෝදේ තියෙයි.

      උඹ ලියන්න පටන්ගත්තාට තාම ට්‍රැක් එකට වැටුනේ නැහැ ඒ කතාව. ඒක රසවත් වෙයි…උඹේ පටන් ගත්ත සවුදි කතාව හරියට ආපහු පටන් ගත්තොත්.

      Delete
  19. //අතීතය ගැන දුක් වෙනවාටත් අඬා වලපෙනවාටත් වඩා එය ලියා තැබීම හොඳය/ /සත්තකින්ම මචං ලෝකේ සදාතනික නිර්මාණ පිටිපස්සේ තියෙන්නේ මේ කතාවම නේද කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. තිලකේ......මම දන්න බොහෝ අය ඉන්නවා අද නාහෙන් අඬන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන් උදවිය. නමුත් කරුමෙට අතීතය ගැන නාහෙන් අඬ අඬ වර්තමානයත්, අනාගතයත් දෙකම දුක් විඳිනවා. ඒ නිසාමයි මචං මම අර විදිහට ලිව්වේ. මම නම් කියන්නේ අතීතය කියන්නේ සුන්දර මතකයක් විතරයි කියලා. ඒ දුක හෝ සතුට වියහැකියි. මම කියවා ඇති බොහෝ චරිතාපදානවල අතීත කතාව කටුකයි. නමුත් මිහිරෙන් කියවන්න පුළුවන්.

      Delete
  20. පහුගිය සති තුනේම ඒවා අද කියවුවේ, අම්මේ අවුල් වෙන්නේ නැතුව පිළිවෙලට කියවන් ආවා, ඒත් ජොබ් එක මාරු කාරයින් පස්සේ බ්ලොග් වලින් ඈත් වෙලා වගේ හිටියේ, මේල් ටික කියෝලා කොහොමහරි ,, "අවුල් වන්නට පෙර කියෝගත්තා, එහෙම කියෝන එකේ අමුතුම ලල් එකක් තියෙනවා, ඊලග කොටස ගැන වෙනද තිබ්බ කුතුහලය වෙනුවට අද බය නැතුව කියෝගෙන ගියා,, රණසිංහ අංකල් හොද මනුස්සයෙක්, ඔයාගේ කතාව වටේ තියෙන මේ වගේ චරිත අපිට අපේ සමහර දේවල් ගැන මතකය අලුත් කරවනවා,,, දේශක තුමා කියපු දේ ගැන හිතලා ඊලග ලිපිවල තව රස වැඩිකරලා ලියන්න,, ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔමාව වැඩිය පේන්න නැත්තේ රස්සාව මරුවුන නිසා කියලා හිතුවා. මට ඔමාගේ නම දැක්කාම අර වයසක සීයා ගැන චිත්‍රයක් මැවෙනවා. දැන් එයාව වෙන කෙනෙක් බලාගන්නවා ඇති නේද?

      රණසිංහ අන්කල් මරු බුවා. ඒත් ඒ චරිතය තුලින් අපිට හොඳ සහ නරක දෙකම හිතාගන්න වෙනවා. අවිවාහකවම ඉඳලා තියෙන්නේ බීමට තිබුනු කැමැත්තම නිසාලු. හැබැයි ඊට වඩා ස්වාධීන චින්තනයක් එයාට තිබුනා. හොඳ සල්ලිකාර පවුලක කෙනෙක් බව තාත්තා කියනවා. නමුත් මිය යනකම්ම ඉස්පිරිතාලවල තනි රැක්කේ අපේ තාත්තා. ඒ තමයි තනිවුන යාළුවෙක් වෙනුවෙන් කරපු ශ්‍රේෂ්ඨ යුතුකමක්. මම අපේ තාත්තාට කැමති ඔන්න ඔය වගේ ගතිගුණ නිසාමයි.

      දේශා කියපු දේ හිතේ තියෙනවා. හැබැයි ලියන්න ගියාම මොනවා වෙයිද දන්නේ නැහැ :D

      Delete
    2. මං සීයා ගැන දවසක ලියන්නම්, මං හිතකින් නෙමේ දාලා ආවේ, ඒත් ගොඩක් හිතලා ගත්තා තීරණයක්, .

      හ්ම්ම්ම්

      Delete
    3. ඔමා ඔය ගැන ලියන්න ඉතින්.

      Delete

  21. අරූ
    පෙර යුගයක පාරවල් දිගේ , හන්දි ගානේ අපිව ගෙනියන ඔබ කාලේකට පස්සේ මිනිසුන් ගේ ජීවිත දිගේ .
    නිවාඩු පාඩුව නිසා විවේකයෙන් කියවපු නිසාද මන්දා අද අමුතුම රසයක්. මේකටම සම්බන්ධද මන්දා ඊයේ පෙරේදා කතාබහක් මැද ආපු කතාවක්
    good old days did not feel that good when we were experiencing them

    ReplyDelete
    Replies
    1. JP...මිනිස්සුන්ගේ ජීවිත ගැන කියවන්න මම හරි ආසයි බන්. මට මාර බුවාලා තමයි සෙට්වෙලා තියෙන්නේ. උඩින් උඩින් ලියාගෙන යන්නේ දිග වැඩිනිසා.
      ///good old days did not feel that good when we were experiencing them///
      මෙන්න මේ කතාව හරි. ඇත්තනේ බන්. උදාහරනයකට...මම ඉස්කෝලේ යනකාලේ අහිගුණ්ඨිකයා වගේ අනුන්ගේ තැන්වලමනේ හිටියේ. ගෙදර වගේ බඩගිණි වෙන වෙන වෙලාවට ඉල්ලන් කන්නද...දෙතුන් සැරේ බෙදාගන්නද? ඉතින් බඩ තද කරගෙන ඉන්නවා. ඉතින් අද ඒවා රසවත් වුනාට එදා කොහොම රසවත් වෙන්නද? ගෙදරින් පිට හැදුණු බොහෝ දෙනාගේ කතාව එහෙම තමයි බන්.

      Delete
    2. JP & Aru,
      What we call Good old Days are actually Bad Young days, right?

      Delete
    3. ඩූඩ්.....හරියටම හරිනේ බන්.....

      Delete
  22. හුඟක් කාලෙකට පස්සෙයි අරූගේ කතාව කියවන්න එන්න ලැබුණේ..හිමි හිමින් පහුගිය කොටස් කියවනවා..ඇත්තටම අපේ පරණ පරම්පරාවල මිනිස්සුන්ගේ තිබුණ හිතවත්කම් මනුස්සකම් යාළුකම් දැන් හොයාගන්නවත් නෑ අරූ..ඒ කතන්දර අහද්දි ඇත්තටම දැන් ඉන්නේ පුස්සොන්ගෙත් පුස්සෝ කියලා තමයි හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවන්න .මේ මාගල් කියවන්න වෙලා යනවානේ. ඉස්සර හිටියා වගේ මිනිස්සුනම් දැන් හොයාගන්න අමාරුයි තමයි. දැනුත් ඉන්නවා, නමුත් ඒ මිනිස්සුන්ට පිලිගැනීමක්,සැලකිල්ලක් නැහැ. මුදලට යටවුනු සමාජයක්.

      Delete