Tuesday, June 24, 2014

පොඩි විවේකයක් මචංස්ලා...

නැව් කාරයින්,සංචාරකයින්,මිතුරන්,සංගීතය, මධුවිත ආදී එකී නොකීදේ අතරින් මගේ ජීවිතය ගලාගෙන ගියේය. නමුත් මට මේ කිසිම දෙයක් තුල අමතක කල නොහැකි එක් කුඩා කංඩායමක් විය. ඒ මගේ ආදරනීය අම්මා, ආච්චී, ලොකු අම්මා,සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් සංස්ථාවයි. ඔය කාලය තුල මම ඔවුන් වෙනුවෙන් උපරිම දායකත්වය සැපයුවෙමි. මගේ කතාවේ ඒ කොටස් මම මග හරිනවා නොව, ඒ හැම තුලට පිවිසීමට පෙර, ඒ හා බැඳුනු වටපිටාව ලියා තබනවා යැයි සිතා ගත්තෙමි. මගේ පෞද්ගලික ජීවිත කතාව පමනක් ලියා තැබීමෙන් කිසිවෙකුටත් සුගතියක් නොවේ. ඒ නිසාම මම ඒ හා බැඳුණු සමාජ, ආර්ථික , සංස්කෘතික වටපිටාවන් මේ ගොනුවට එකතුකර තැබීමට යුහුසුළු වන්නෙමි. එසේ නොවුනා නම්, මේ කථා පෙළ කොටස් විස්සක් විසිපහකින් අවසන් කල හැකිව තිබිණි. එය නීරස අකුරු ගැලපීමක් වෙන්නට ඉඩ තිබුණි. මතක අවදිකරන්නෙක් ලෙස, ඒ කතා පුවත නීරස වූවා නම්, මටත්, කියවන නුඹලාටත් මෙය තව අඬෝවැඩියාවකක් වනු නො අනුමානය. මේ මාගල් කතා පෙල මා ලියන්නේ ඔබ දැණුවත් කරන්නටත්, මගේ තෘප්තිය හා හෘද්ධ සාක්ෂිය , ඉතා විවෘතවූ මනසකින් සාකච්ඡා මේසකයට කැඳවා ගැනීමේ අරමුණින්ය. ඒ නිසාම මා ලද අත්දැකීම්, මගේ පවුලේ කතාවකටත් වඩා, සමාජයේ, රටේ , ලෝකයේ කතාවක් ලෙස ඉදිරියට ඇදේ. ඔබේම පහසුව සඳහා, ඔබේ විවේචන අවැසි වේ. මට වෙනස් විය හැක. නමුත් මගේ කතාව සහ මා දුටු අත්දැකීම් වෙනස් කරලිය නොහැක. මේ තුල යක්ෂයින්ද, සුරඟණ සුරඟණාවියන්ද, ඒ කුලයන් දෙකටම අයිති නොවූ නුඹ මා වැනි පෘථග්ජන මිනිසුන්, ගැහැණුන්ද බොහෝය. මම සෙමින් සෙමින් මගේ කතාවත් මේ තුල ගලාගෙන යන්නට ඉඩහැර ඇති බව මට විශ්වාසය.

ගලාගෙන යන ගඟකින් ඇතිවන පාරසරික සමතුලිතථාවයන් , එක තැන පල්වෙන මඩ ගොහොරුවකට වඩා බොහෝ වටිනාබව මම අත්දැකීමෙන් දණිමි. ඒ මිනිසාටත්, සතාටත්, එහිම වෙසෙනා මසුන්ටත් වඩ වඩාත් වාසි ලබාදේ. මා දකිනා ජීවිත යථාර්තයද එයම වේ. දැළක්, පිත්තක්, වළක් ගොඩ දමා මසුන් මරන්නන්ට වඩාත් වැදගත් වන්නේ ලොකු මසුන් හෝ ඇම ගිලිනවුන්ය. මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම  කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. තවත් වටයකින් මේ කථාව පටන් ගත යුතුය. මේ ලියන්නේ ඒ කතාව නැවත ලියන්නට පෙර අවශ්‍ය කුඩා විවේකයකට ඉඩක් ලබාගැනීමටය. මොහොතකට සමුගනිමි.

මට වරක් හමුවූ ගාමිණි ෆොන්සේකා නම් ඒ මහා මිනිසා , දේශපාලනය සහ සිනමාව තුල ඇති නොවිය යුතුවූ ගැටුම් විග්‍රහය කලේ මෙසේය. මම ගාමිණි ෆොන්සේකා නම් රංගධරයාට තදින් ඇළුම් කලත්. ඒ තුලින් බිහිවූ දේශපාලකයාට එසේ ලොල් නොවීය. එදා ගාමිණි සමග , අගය නිම කල නොහැකි මැණිකක්වූ සුමණා නෙල්ලම්පිටිය කල අගනා සාකාච්ඡාවක් මෙලෙස දිග අරින්නෙමි. එදා පැවැත්වූ මේ සාකච්ඡාව අදට හෙටට එදාට ගලපාගන්න. මම නැවත ලබන සතියේ ලියන්නෙමි. අදහස් පලකරන්න.



ප.ලි......අද නම් අකුරු වැරදි බොහෝය. මා නිවැරදි කරනා සුබස අද හොඳටම ඩෝප්ය. නැගිටවාගන්නට නොහැකිය. මමද ඩෝප් වන්නට තීරනය කලෙමි.

21 comments:

  1. Your post today is one of the best writings of yours macho......I cannot agree with your post script. .sorry for the language since I am using my android due to unavoidable circumstances. ...jayawewa..

    ReplyDelete
    Replies
    1. ෂෙෆාකි…..තෑන්ක්ස් මචං. ඉංග්‍රීසියෙන් ලිව්වට ගානක් නැහැ. මම සිංහලෙන් උත්තර දාන්නම්. PSඑක …..ඒ කියන්නේ අකුරු වැරදි ගැනද….සුබස ඩෝප් වීම ගැනද :D

      Delete
  2. මේ යුටියුබ් වීඩීයෝ දාන්නෙ මෙහෙම නෙවෙයි නේද ?පොඩ්ඩක් බලලා හදමු නේ ??

    ReplyDelete
    Replies
    1. ඔව් යුු ටියුබ් ලින්ක් එක කොපි කරගෙන ඇඩ් වීඩියෝ අයිකොන් එකෙන් ගිහින් ඒක පේස්ට් කරල ඇඩ් කරා නං හරි.. අර ලින්ක් එකෙත් පොඩි අවුලක් ඇත.. නැවත පරික්ෂා කරන්න. ලින්ක් එකේ අවසානයට පැමිණිය යුතු “ ලකුණ නොමැති නිසා එය සක්‍රිය වී නැත..

      Delete
    2. සහෝ වැඩේ ගොඩ....වර්ඩ්ප්‍රෙස් එකේ ලින්ක් එක දාපු ගමන් පත්තුවෙනවා.

      Delete
    3. තෑන්ක්ස් දේශා....ලින්ක් එක හරි. දාන්න දන්නේ නැතිකම බන්. ඕන්න ඒකත් ඉගෙනගත්තා දැන්. උත්සහාවන්තයාට දොර අරී...තට්ටුකරන්නා ජය ගනී..එහෙම නේද...

      Delete
    4. දැන් හරි ,බොයි වලයි වර්ඩ්ප්‍රෙස් එකෙයි දෙකේ වෙනස ගැන හොදම පොස්ටුවක් කවදා හරි ලියනවා නම් මෙවත් අත්දැකීම් :)))

      Delete
  3. හොදා අරූ.. උඹ එක දිගටම අකුරු කරපු නිසා රිප්‍රෙෂ් වෙලාම වරෙන් ඉතිං... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දේශා....හීනෙනුත් බ්ලොග්ස් පේන සයිස් එකට ආවා....

      Delete
  4. ඔබ ඇතුලු මේ බ්ලොග් තුල ඉන්න ජීවිතයේ පරිණත වූ සහෝදරයන්ගෙන් තරුණ අප ලබා ගන්නා දැනුම අප්‍රමාණයි. පොඩි විවේකයක් අරන් ආයෙත් පරණ විදිහටම ඉදිරියට යමු. ජය වේවා……!!!!
    _____________________________________

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රියා....ගමනේ යා....වම..දකුණ...වම...ගමනේ ගිහින් සපත්තුත් ගෙවිලා ප්‍රියා.

      Delete
  5. ලියන දේවල් සහ ලියවෙනදේවල් එක්ක බැලුවම උඹේ ලියපුවා හරි වෙනස් මචන්, මම ඒ වෙනසට කැමතියි
    ජය!

    ReplyDelete
    Replies
    1. ලිෂාන්.....උඹේ සිතුවිලි නැවුම් සහ ජවසම්පන්නයි. මම ගොඩවෙන තැනක්. උඹටත් ජයෙන් ජයම වේවා!!

      Delete
  6. හොදයි අයියෙ එහෙනම් හොදින් විවෙක අරන් රිෆ්‍රෙශ් වෙල එන්නකො

    ReplyDelete
    Replies
    1. විවේකය.......උඹ දන්නවානේ ඒකට මොකද වෙන්නේ කියලා..
      විවේකයත් එක්තරා මානසික විරේකයක් තමයි.

      Delete
  7. ඔබේම ජීවිත කතාව විතරක් ලිවීමට සීමා නොවී, ඒ කතාව තුලින් විවිධ කාල වකවානුවල සමාජීය,ආර්ථික පසුබිම විවරණය කරමින් ඔබ ගෙන එන මෙම ජීවනාන්දරය ඔබ වැන්නවුන්ගෙන් පන්නරය ලබන අපට මහඟු අත්වැලක්. ඔබේ අත්දැකීම් අපට ජීවිතය කියාදෙන පංති කාමරයක්.

    මේ ලිපි පෙළ සමඟින් දිගු ගමනක් යමු..

    ReplyDelete
    Replies
    1. පංති කාමරයක්......අඩෝ මාව දිසාපාමොක් කරන්න එපා. මම ඔහේ ලියාගෙන යන්නෙක්. වයසින් වැඩිවුන පලියට සමාජයට හොඳ දෙන්න බැහැ බන්. අනිත් එක මමත් හොඳ මිනිහෙක් නෙමේනේ. යම් තරමකට දෙයක් වටහාගන්න පුළුවන් කළු-සුදු,කන-බොන බුවෙක්.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මාව පත් උනේ මාර අසරන තත්වෙකට බං
      හොදම බ්ලොග් එකට උඹව තෝරනවද
      අර තිලකයව තෝරනවද කියල මාව මාර පඹගාලක පැටලුනා

      මේ දෙක මට හරියට ලොකු කෙල්ලයි පොඩි කෙල්ලයි වාගේ වටින හන්දා

      මම ඔන්න ඔහේ අර ලිෂානයට ඡන්දය දුන්නා

      ඌත් ඇගයීමකට ලක්වෙන්න ඕන සිංහල බ්ලොග් වෙනුවෙන් යමක් කමක් කරන , කරපු එකා

      Delete
    2. අටමා....ඇත්තටම ලිෂාන්ගේ බ්ලොග් එක හරි නැවුම් අදහස් වලින් පිරුනු තැනක්. ඒ වගේම තමයි කුරුළු සංකල්පනාත්. තිලකේ ගැන කියන්න දෙයක් නැහැනේ. අනිත් එක මම දන්නේ නැහැ. මට වඩා උන් දක්ෂයෝ. ඒක තර්කයක් නැහැ. මමත් උන් කෙනෙකුට සුබ පතමි!!

      Delete
  9. අරූ ගේ ජිවිත කතාව කියවන්න මම නම් හෙනම ආසයි... .. එහෙන් මෙහෙන් අහපු දේවල්, කියවපු දේවල් නැවත නැවත කියවන මිනිස්සුන්ට වඩා තමන් ජිවිතයට මුහුණ දුන්න සැබෑ විදිය කියවීම හරිම රසවත්.. විවේකයක් අරන් ආයේ ලියන්න..

    ReplyDelete