Tuesday, October 4, 2011

හේනට ගොස් එන අම්මා ජල පහරින් මරුට(පුවතක්)

කඳුළු නොවේ හේනට ආවඩන්     නේ
හයිය පමනි හේනේ පැල් රකින්    නේ
අලි ඇත්තුත් පන දුන් මවු රජුන්    නේ
කිමද හනික වතුරට හිස  නමන්    නේ ………..
.
හැඬුනා වුනත් හිත හඬනට නොදෙන්  නේ
බඩගිනි උනත් නැහැ  කුස එය කියන්  නේ
මා පොඩි තමයි මගෙ පෙම්බර මවුන්    නේ
හිටින් අවට  මා තනිකර නොයන්       නේ…….
.
කෲර අලි වලස් හේවා සටන්         මැද
කලට නොවසිනා වැහි හෝ අකුනු    මැද
ළපටි කුරක්කන් හා ඒ බඩ ඉරිඟු     මැද
අම්මේ වෙයන් මගේ ලෝකයේ සුපුන්  සඳ………
Aru

No comments:

Post a Comment