Sunday, October 16, 2011

MARTHA BARRIOS

මාර්තාගේ ප්‍රාර්ථනාව
(චිලියේ මහා ගැලවුම මැද අතරමංවු මාර්තාට}
යොනි……ගෙදර වහල කඩා වැටුන දවස් වලත්,උඹ මං ලඟ හිටියා නේද?ඔව්……ඔව්….ඔව්….මේ ….අහිංසක මාර්තා ලඟ.
ඇයි යොනි……..පතල කඩා වැටුනු ගමන් උඹේ මාර්තාට ඉස්සෙල්ලා සුසන්ව මතක් උනේ?
අපේ ගෙයි වහල,පතලේ වහලට වඩා,බර වැඩියිද යොනි?
කමක් නැහැ ඔයා යට ඉදන් උඩට ආවානේ.මම ප්‍රාර්ථනා කලේත් ඒ  ටිකම තමයි.හිනාවෙලා හිටපන් යොනි… හිනාවනම් ඉස්සර වගේමයි…
මට කඳුළු කොහොමත් එකයි……..මඟේ කඳුළු කොහොමත් දුකයි…
මේ තාම උඹට ආදරේ…….කොන්ඩේ සුදු මාර්තා බැරියෝස්.
(WITH HIGH RESPECT TO MARTHA BARRIOS—RESCUED CHILEAN MINER YONI BARRIOS’S WIFE)

No comments:

Post a Comment