Tuesday, July 26, 2011

ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල………..

                        ජැක්සන් ඇන්තනීට පනාපුත්‍ර යැයි කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යැයි දනිමි.නදීක ගුරුගේ ජැක්සන් අමතන්නේ පනා සහෝදරයා යයි කියාද අසා ඇත.කලකදී ඉඳන්,ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් අහගෙන ඉන්න අප්පිරිය නම් වලින් මොහු අමතන බවත් දන්නෙමි.සමහර නම් මර්වින් සිල්වාටවත් අහගෙන ඉන්න තරම් කැතය.
                               පනාපුත්‍ර කියන එක ටිකක් සාරිපුත්‍ර,මේඝපුත්‍ර,දේවපුත්‍ර වගේ වැදගත් කොටසට වැටෙන නිසා මමනම් කියන්න කැමති කොස්පුතා කියලාය.අර්ථයටත් හානියක් නැත.මොනවා උනත් අර්ථගරුක විය යුතුය.අපේ ගෙවල් ගාව ඉන්න කිත්සිරිට “ත”යන්න වෙනුවට කියවෙන්නේ “ක”යන්නය.උගෙ නම ඇහුවාමත් කියන්නේ කික්සිරි කියලාය.ඌ කොස්පුතාට කියන්නේ කොස්පුකා කියලාය.ඒ කලකට පෙරය.දැන් කොස් වැල වෙලා නිසා වැලපුකාය.මොකෙන් ඇමතුවත් ඒ ජැක්සන් ඇන්තනීය.
                             ජැක්සන් දක්ෂය.ඒ ගැන වාද විවාද නැත.ඇත්තට ඇත්ත කීමත් බොරුවට බොරුව කීමත් හරි මිනිස්සුන්ගේ හැටිය.දැන්නම් බොරුවට කියන්නේත් ඇත්ත කියලාය.ඒ හරි මිනිසුන් නැති නිසාය.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමෙන් පසු,ඔහු නොයෙලින් හොන්ටර් සමග දක්ෂ ලෙස මෙහයවමින් සිටි ආයුබෝවන් රූපවාහිනි වැඩසටහන මෙහෙයවීම ජැක්සන්ට බාරවිය.ඔහු එවිට යම් තරමක් දුරට ජනප්‍රියය.ඔහු එය මැනවින් ඉටු කරන ලදි.ප්‍රේමකීර්තිගේ දේහය කලාභවන තුල තැන්පත් කර තිබු දිනයක,නොමෑඩ්ස් ක්‍රීඩාංගනය තුල තිබූ බියර් බොන තැනකදී එයට වඩාත් සුදුසු ජැක්සන් බව කීප දෙනක් කථිකා කරමින් සිටි බව මතකය.ජැක්සන්ද එතැන සිටියේය.සුගතපාල ද සිල්වා,අමරබන්දු රූපසිංහ,ලූෂන් බුලත්සිංහල,සමන් ආතවුද ආදීන් කථිකා කරුවෝ බවත් යාන්තමට මතකය.මෙය කිසි සේත්ම නිල කථිකාවක් නොවීය.{අමරබන්ධු රූපසිංහ අති දක්ෂ උතුම් මිනිසා ගැන වෙනමම ලිවිය යුතුය.}එම යෝජනාව ජැක්සන්ට මහත් ගෞරවයක් විය.ඔහුට ඒ මොහොතේ ඇතිවු ආඩම්බරය ,නිර්ව්‍යාජ සිනහාවකින් වසාගත් සැටි මට දැන් මෙන් මතකය.
                          දැන් ඒ ජැක්සන් මියගොස්ය.නැත්නම් මැරි මැරී උපදිනවා විය යුතුය.මැරි මැරී උපදිනවා යැයි කිව්වේ ,මේ දවස් වල වැලපුකා ජැක්සන් ඇන්තනීගේ මතක විත්ති පත්තරවලට ලියන නිසාය.ඔව්.එවා මිහිරිය,කටුකය.නමුත් දැන් ඉන්නේ ජැක්සන් නොවන නිසා කියවන අයට ඒවා අපුලය.වැලපුකා උපන්දිනයට වැඩිහිටි නිවසකට දානයක් දුන්නේ යැයි ඡායාරූප සහිතව මාධ්‍යතුල දුටිමි.ඒවා හොඳ වැඩය.ලැජ්ජා නැතිව ප්‍රසිද්ධ කර ගැනීම නොදොකින්ය.
                        මේ සියලු දේ කරන්නේ ජැක්සන් නමැති මිනිසා නැවත උපද්දවීමටය.වැලපුකා දැන් ප්‍රමාදය.එය නැවත ගොඩනැගීමට නොහැකිය.වැලපුකාගේ උපන්දිනයට ඇස්වහ කටවහ යන්නට දෙහි කැපු බවක් මාධ්‍යහි පලවිය.බෙලි කපන එවුන් සමග යහන් ගතවී දෙහි කැපුවාට පලක් නැත.කපා ගතයුතුව ඇත්තේ හොඳට වැඩුනු අං දෙකය!!!!!!!!!!!!!!!!.

No comments:

Post a Comment