Saturday, July 30, 2011

අමු කුරහන්????

                 ඉරිදා දිවයිනේ කැමැත්තෙන් කියවන එකම කොළමවන මඤ්ඤං කොළමේ,බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන අරක්කු බොන මොඩ් ගොවියෙක් ගැන සඳහන් විය.මොඩ් ගොවියා කවුද යන්න පසෙක දමා සිද්ධිය ගැන කල්පනාවක් ගැහුවෙමි.කරුනු තුනක් ඔලුවට ටොකු අනින්න පටන් ගත්තේය.
1)බුද්ධ රූපයක් බෙල්ලේ එල්ල ගැනීම
2)ඩෝප් එක දැමීම
3)බෙල්ලේ එල්ල ගෙන ඩෝප් එක දැමීම
                       සම්ප්‍රදායික කතෝලිකයින්,ක්‍රිස්තියානුවන් කුරුසිය හෝ යේසුන් බෙල්ලේ එල්ලගත්තේ අනාදිමත් කාලයක සිටය.එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂනයක් විය.අපේ ආච්චි උපතින් කතෝලික බැවින් අතේ කුරිසියක් පච්ච කොටා තිබුනි.පසුව ඇය බෞද්ධාගමික විය.ජීවත්ව සිටියානම් දැන් සියක් වසරට ආසන්නය.
                 බෞද්ධයින් ආගමික සංඛේත ආභරණ ලෙස පැළඳීමක් සිදුවුවායැයි මම නොදනිමි.නමුත් දශකයක දෙකක සිට ධර්ම චක්‍රය බෙල්ලේ එල්ලගැනීම නම් දක්නට ලැබුනි.එයද ආගමික ගැම්මකට වඩා ප්‍රදර්ශනාත්මක ගැම්මක් යැයි සිතුනේ කමිසෙටත් උඩින් එය එල්ලි එල්ලී තිබුන නිසාය.බුද්ධ රූප බෙල්ලේ එල්ල ගත්ත කොල්ලෙක් නම් මම තාම දැක නැත.අර කොළමේ හැටියටනම් එහෙම අයත් ඉන්නවාය.
ඩෝප් වෙලා පොලිසිවල ලගින හාමුදුරුවරු ඉන්න රටේ බුද්ධ රූපයක් පච්ච කොටා ගත්ත එකාට රටට ඇතුල්වීම තහනම් කතාව වෙනම දෙයකි.සැබෑ බෞද්ධයාට එම දර්ශනය අධ්‍යාත්මික සැනසිල්ලක් සහ මාර්ගෝපදේශයක් පමනක් මිස ප්‍රදර්ශන භාන්ඩයක් නොවන බව මගේ පෞද්ගලික වැටහීමයි.
             දෙවනුව, ඩෝප් වීම හෙවත් අරක්කු බීම ගැන නම් යමක් ලිවීමට අකමැත්තක් හිතෙන්නේ මමත් කැමති කැමති වේලාවට තිතට මත නිසාය.කාටවත් වනයක් නොවී,බිබිලක් නොවී අරක්කු ටිකක් බොන එක අවුලක් කියා මටනම් හිතෙන්නේ නැත.(සෞඛ්‍ය සහ ආගමික අමාත්‍යාංශ කලබල විය යුතු නැත.)
                   තෙවනුව.අර කොළමෙන් මතුවෙන්නේ හෝ මතු කරන්නට උත්සාහ කරන්නේ බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන,අරක්කු වීදුරුවක් අතේ තියාගෙන සිටීම සම්බන්ධවය.මෙවන් මාතෘකා එලියට එන්නේ මේ ප්‍රදර්ශනාත්මක මැටි බෞද්ධයින් නිසාය.මුන්ට බොන්නත් ඕනය,ආස දෙයක් කන්නත් ඕනය,ගම් කබර පචත් කෙලිනවාය,ගෙදරට හොරෙන් කොටුත් පනිනවාය ඒ මදිවට මම තරම් බෞද්ධයෙක් නැතැයි පෙන්නීමට බුද්ධ රූපත් බෙල්ලේ එල්ලගෙනය.තුන හතරක් එක පාර කරන්නට බැරිය.ආතල් එකක් ගන්න ඕනනම් එල්ලගෙන ඉන්න බුද්ධරූපේ වැහෙන්න බොත්තම් ටිකවත් දාගන්න මතක තබා ගත යුතුය.නැත්තම් හෙට අනිද්දා සාරඥාණ උන්නැහේ මිසයිල් ගහන්න පටන් ගන්නවාය.එතකොට අහක ඉන්න අපිටවත් අහිංසක ආතල් එකක් ගන්න බාධාය.මේවා අමු කුරහන් වැඩය!!!
            මොඩ් ගොවි කතා මැද තව වැඩක් සිදුවිනි.පහුගියදාක යාලුවෙකුට කෝල් කරනවිට ඌ ශූර ගොවියා ෆයිනල් බලනවාය.අදහස හොඳ වුනත් පැහැදිලි මදි නිසා මම ඕක බලන්නේ නැත.සී.අයි.සී. පොහොර තියා සහණ පොහොර ටිකවත් නැති ගොවියාට මේවා මාකටින් මීහරක් වලවල්ය.නිකමට මෙන් කවුද ශූර ගොවියා යැයි ඇහුවෙමි.ශූර ගොවියා ගයාන් වික්‍රමතිලක බවත් දෙවැනියා නිල්මිනි තෙන්නකෝන් බවත් පැවසිය.මම දන්න ගයාන් කෙනෙක් නැති වුනත් නිල්මිනි නම් නිලියක් බව දනිමි.කතන්දරේ තේරුනේ පසුවය.තේරෙයි හැබැයි කල්යයි කියන්නේ මේවටය.
           ඇත්තටම ශූර ගොවියා ප්‍රසන්න තිලකරත්න නම් දක්ෂ ගොවි මහතෙකි.අපි ඔහුව අගයමු.ගොවියා මාකට් විය යුතු තැන මාකට් වෙන්නෙත් වෙන එවුන්ය.
                         නිකමට හිතන්න.මේවා නම් අමුම අමු කුරහන්ය.!!!!!!!!!!

No comments:

Post a Comment