Tuesday, July 22, 2014

අවුල් වන්නට පෙර (46)... වැලිගමයි...මමයි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකික අමුත්තන් සිටියා නම්, ඒ අතළොස්සක් පමණි. ඒ සමහරක් පවා සිංහලයන් වුවත් ඔවුන් කතා කරන්නට හුරුව තිබුණේ ඉංග්‍රීසියෙන් පමණි. මව් භාෂාවෙන් කතා කිරීමට එකල ධනවතුන් මැලිකමක් දැක්වීය. ඒ ඇයි දැයි කියා මම නොදනිමි. 1981 මුල් යුගයේ එක අවස්ථාවක පිට පිටම දින දෙක තුනක්, අප අවන්හලට පැමිණි ශ්‍රීලාංකිකයින් කිහිප දෙනෙක් මා හා කුළුපග විය. ඔවුන් සියල්ල නිරීක්ෂණය කරනා වගත් පැහැදිලි විය. තුන්වැනි දිනයේ ඔවුන්ගේ අවශ්‍යතාවය මට තේරුම් ගියේය

වැලිගම පළාතේ ඔවුන් සතුව තරු තුනේ හෝටලයක් ඇති බවත්, අවන්හල් සේවකයින් සඳහා පුරප්පාඩු ඇති බවත්, මා ලබන වැටුපට වඩා ගෙවීමක් කර බඳවා ගැනීමට හැකි බවත් පැවසීය. දින දෙකකින් ඔවුන් වැලිගම බලා පිටත්ව යන බැවින්, හැකිනම් ඔවුන් හා සමග එක්වෙන ලෙසත් ආරාධාන කළෝය. කිසිවක් වැඩිපුර සිතන්නට කාලයක් නොවීය. මුහුකුරා ගිය අවබෝධයක් නොමැති කමත්, වැටුප ගැන ඇතිවූ ආශාවත් නිසා, මම එහි යන්නට තීරණය කළෙමි. අද මෙන් ජංගම දුරකථන පහසුකම් නොවූ බැවින්, ඒ මොහොතේම තීරණයක් අපේක්ෂා කල මොවුන්ට මම කැමති යැයි ප්‍රකාශ කෙරුවෙමි. නියමිත දින එම ආයතනයේ ප්‍රධානියෙක් සහ රියැදුරු සමග පොරෝලිස් මාමාගේ නිවස ඉදිරියට පැමිණි වාහනයේ ගොඩවී, මම වැලිගම බලා පිටත්ව ගියෙමි. සියල්ලන්ටම සමුදුන් මම ජීවිතයේ තවත් කඩ ඉමක් කරා ගමන් කළේ චකිතයෙන් යුතුවය. ඔවුන් කීවේ, දින තුනක කාලයක් ඔවුන් කංඩායමක් අප අවන්හලත් තවත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණයෙන් පසු තිදෙනෙක් තෝරාගත් බවත්, ඒ අතරින් මමත් එකෙක් බවය. මට වටිනාකමක් ලැබී ඇත. නිහතමානී ආඩම්බරයක් මෙන්ම කුතුහලයක්ද විය. අනිත් දෙදෙනා ගොඩවූයේ බේරුවලින් සහ බෙන්තොටින්ය.

මගේ දෙවැනි රැකියා ස්ථානය වූයේ Weligama Bay Beach Hotelයයි. ඒය පාලනය කළේ නම් Mercantile Hotel Management ආයතනයයි. නමුත් එහි අයිතිය  Letherette Ceylon සමාගමටයි. එහි හිමිකරුවූයේ ලාල් විජේසේන නම් ,රොස්මිඩ් පෙදෙසේ සිටි මහත්මයෙකුට බවත් දැනගතිමි. ඔහුද එදා මා හා කතා කල අය අතර විය.මෙම හෝටලය පිහිටියේ වැලිගම නගරයට ආසන්නයේය. එය තරු තුනේ හෝටලයක් විය. ගාල්ල සිට පැමිණෙන විට කුෂ්ඨරාජගල විහාරය පසුකර යනවිට ,වැලිගම නගරයට නුදුරින් කප්පරතොට කුඩා පාලම අසලින් දකුණට හැරුණු විට ඒ මුහුදු තීරයේ මේ හෝටලය හමුවේ.

පළමු රාත්‍රිය හෝටල් කාමරයක ගතකළ පසු දෙවැනි දිනයේ සිට කප්පරතොට අසල නිවසක ලැගුම් ගන්නට සුදානම් කර තිබිණි. මෙහි නැවතී සිටියේ පිටින් පැමිණි හෝටලයේ සේවකයින් කිහිප දෙනෙක්ය. ජීවිතයෙන් අඩකටත් වඩා නිවසින් පිට ජීවත්වූ මට මෙය අමුත්තක් නොවීය. නිවස හිමිවූයේ කරුණාවන්ත වැඩිමහල් කාන්තාවකටය. රාජකාරී වේලාවෙන් පිට කෑම බීම නිවසින් සැපයූ අතර, මාසික කුලිය කීයදැයි මතකයේ නොමැත. එකල දකුණු පළාතට පැමීනෙන සංචාරකයින් සඳහා විශාල හෝටල් ලෙස තිබුණේ Benthota Beach Hotel, Lihiniya Surf, Koggala Beach Hotel, Horizon වැනි තරු තුනේ, හතරේ Hotels සහ Motels, Inns & Guest Houses පමණි. ඊට අමතරව Weligama Bay Beach Hotel  පවත්වා ගෙන ගිය අතර මෙහි කාමර 160ක් පමණ තිබූ බව මතකය. පසු කලෙක අහුන්ගල්ලට Triton නම් විශාල හෝටල් සංකීර්ණය පිවිසියේය.

හික්කඩුව, බෙන්තොට ගැවසීමට පැමිණෙන සංචාරකයින්ට වැලිගමට පැමිණීමට කිසිම හේතුවක් නොවිය. එම හෝටලයට පැමිණියේ යාල අභය භූමිය නැරඹීමට පැමිණෙන ධනවත් සංචාරකයින්, දිනකට හෝ දෙකකට නවාතැන් ගැනීම (transit) සඳහා පමණය. යාල, තිස්ස, මාතර වැනි ප්‍රදේශයන්හී පහසුකම් සහිත හෝටල් නොතිබූ බැවින්, වැලිගම හෝටලයට සංචාරයකින් කංඩායම් වශයෙම් ලබාදීම, සංචාරක සමාගම් මගින් සිදුවිය.  එම නිසාම මෙම හෝටලය එතරම් කාර්ය බහුල ස්ථානයක් නොවීය. නාගරික ජීවන රටාවටත්, කාර්ය බහුලත්වයටත් හුරුවී තිබූ මට, මෙම ස්ථානය එතරම් ගෝචර නොවීය. අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය. අනිත් හේතුව හෝටලය සහ ගැමියන් අතර මන සබඳතාවයක් නොවීමයි. ඒයට හේතුවූයේ හෝටලය විසින් වෙරළ තීරුවේ යම් කොටසක්, හෝටලය සතු කර ගෙන, ගැමියන්ට එහි වෙළඳාම තහනම් කිරීමත්ය. ගැමියන් පිටින් ආ අපට සැලකුවේත්, අපත් හෝටලයේ අයිතුකරුවන් යන පටු චින්තනයෙන්ය. එම නිසා සුළු සුළු ගැටුම්ද නොතිබුණා නොවේ.  අදටත් සමාජීය කල්ලිවාදය පිළිකෙව් කරනා මා වැන්නන්ට, මෙය එතරම් සුදුසු පරිසරයක් නොවූ බව කිව යුතු නොවේ. මගේ විෂය ක්ෂේත්‍රය තුළ අධ්‍යයනයන් කිරීමටද මා තදබල ඇල්මක් දැක්වීය. එය ස්වයං අධ්‍යාපන රටාවක් විය. සේවා කාලය තුළ ඇති කාර්ය බහුලත්වයටත් මම අදටත් කැමැත්තෙමි. සේවා මුරය ඇඟට පතට නොදැනී අවසාන කර ගැනීමට මෙය ඉවහල්වේ. මේ පුරුදු නිසාම පසුකාලීනව බොහෝ රෙකමදාරුවන්, උසස්වීම් සහ අප ක්ෂේත්‍රයේ කෙනෙකුට නොලැබෙනා අවස්ථා උදාවිය. ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත. කල්ලිවාදය බැහැර කිරීමට මා දැක්වූ උනන්දුව නිසා සේවා ස්ථානයේත්, සමාජයේ ඕනෑම තලයක මිනිසුන් හා ඇසුරු කිරීමටත් , ඔවුන් හා සුහද ගනුදෙනුවක් පවත්වා ගෙන යාමටත් මට අවස්ථාව උදාවිය. මම කංඩායම් ක්‍රීඩකයෙක් විය. මේ නිසාම මම ප්‍රාණවත් සමාජ සත්වයෙක් වීමටත්, ඇති පදම්  අත්දැකීම් ලබන්නටත් අවස්තවාක් උදාකරගත්තෙමි. එය මැනවින් ප්‍රගුණ කළයුතු අංගයක් බව ලියා තබන්නෙමි.

මම වඩාත් ප්‍රිය කළේ හැන්දාවරුවට සේවය කර මධ්‍යම රාත්‍රියේ සමාජ ජීවිතයටත්, උදය වරුවේ නිදාගැනීමටත්ය. ගල්කිස්සේ මෙන් නොව වැලිගමදි රාත්‍රී 11-12න් පසු සේවය අහවර කර අරක්කු බෝතලයක් හොයාගන්නටවත් තැනක් නැත. බොහෝ සගයන් ගංජා සුරුට්ටුවකින් රාත්‍රිය ගත කරන්නට පුරුදුවී සිටියහ. මමද ඔවුන් හා එක්වුණෙමි. ඒ තරුණ කාලයේ තිබු එක් එක් නරක පුරුදු යැයි මම සිතමි. නිවාඩු දිනයන්හී නම් අපි ඇති තරම් විනෝද වූයෙමු. වැලිගම සිටි කෙටි කාලය තුළදී පවා මම කුෂ්ඨරාජගල නැරඹීමටවත්, විහාරයටවත් ගොඩවී නැත. ඒ වෙනුවට අප කාලය ගත කළේ ගාල්ල කොටුව, මාතර කොටුව හෝ වැලිගම මුහුදු තීරයේය. ඒ ගැන පසුතැවීමක් නැත. ඒ වයසේදී ජීවිතය ගෙවුණේ එලෙසය.

වැලිගමදී මට අමතක කල නොහැකිම දර්ශනය වන්නේ නම් මුහුදු තීරය අසලම තිබු දූපතත්, මහපාරට ආසන්නව තිබු Weligama Bay Inn එකත්, ඒ මැදිව තිබූ තිබූ මුහුදු තීරයත්ය. ධීවර යාත්‍රා කිහිපයක්ද නවතා තිබූ මේ තීරයේ අප එළිවෙන ජාමය වෙන තුරු කමින් බොමින් , ගී ගයමින් කාලය ගත කෙරුවෝය. ගාල්ල කොටුවත්, මාතර කොටුවත් අවට හෝටල් සේවකයන්ගේ සොඳුරු පාරාදීසය විය. වැලිගම මුහුදේ තිබු ඒ දූපත  Count de Maunay Island නම් විය. එය දැන් තැප්‍රොබේන් අයිලන්ඩ් නම්වේ.  මහපාරේ එක් පසක සොඳුරු බිම්කඩකවූ Weligama Bay Inn එක ලංකා හෝටල් සංස්ථාව සතුවිය. මෙම ඉතා මනරම් ස්ථානය පසුව පෞද්ගලික සමාගමකට පවරාදුන් බව මතක්වේ.  ගාමිණි රංජන් ජයවර්ධන නමින් දිවයින පුවත්පතට 'තානායම් පල්ලාගේ සටහන්' නමින්  රසවත් ලිපි ලියු ලේඛකයාද බේ ඉන් ආයතනයේ සේවය කල බව අසා ඇත. ඒ කොයි යුගයේද කියා මතක නැත. ඔහු බේ ඉන් එක ගැන ලියූ ලිපි මමද කියවා ඇත්තෙමි. ගාල්ලට ගොස් කා බී ප්‍රීතිවී එන අපට සල්ගාදු හෝටලයේ ආප්ප සංග්‍රහයද අමතක කල නොහැකිය.

තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත. බාදිය වේලාවට පයින් ඇවිද යා හැකි වුවත්, වඩදිය විටදී යාමට නම් බෝට්ටුවක් අවශ්‍යමවේ. මෙහි මැනවින් ඉදිකර තිබු විශාල බංගලාවක් ඉතා කදිමට නඩත්තු කළේය. විශාල ගස් කොළන් වලින් වටවූ මෙම නිවස පාරට පෙනුණේ නැත. මෙහි නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුවූ බව නම් දනිමි. මෙහි අතීත කතාව ලියා මගේ ලිපිය දීර්ඝ කරනවාට වඩා මෙම

විකිපීඩියා සටහන කියවා මූලික අදහසක් ලබාගත හැක .

වැලිගමදී තරම් මාළු කෑමට ලැබුණු ගමක් තව ඇත්තේද මතක නැත. හැම වේලකටම මාළුය. ඉඳහිට මසුත් ලැබේ. බෝඩිමේ ඇන්ටී වැලිගමට හුරු නොයෙකුත් මාදිලියේ මාළු වට්ටෝරු පිසීමට රුසියෙකි. වෙන පළාත්වල උදවිය මෙයට මෙතරම් දක්ෂ නොවේ යැයි මම සිතමි. ඉන් මා වඩාත් සිත්ගත්තේ බලමාළු පොල් මැල්ලුමය. සුදුලුුනු, ඉඟුරු යහමින් යොදා පොල් සමගින්, කොස් මලවනවා සේ ඇය මෙය සාදයි, ඉතා ප්‍රණීත ආහාරයකි. වැලිගම මුහුදු තීරයේ බූවල්ලන්ද (Octopus) බහුලය. සංචාරකයින් වෙරළට පැමිණෙනා ධීවරයන්ගෙන් මිලදී ගෙන, හෝටලයට රැගෙන විත් සාදවා ගනී. බූවල්ලන් ශුද්ධ පවිත්‍ර කිරීම එතරම් පහසු නැත. මම බූවල්ලන් ප්‍රථම වතාවට රස බැලුවේ වැලිගමදීය.

මට වැලිගමදී හමුවු අපූරු හෝටල් සේවක සගයන් දෙදෙනෙකු විය. එකෙක් මහනුවරය. ඔහුගේ පියාගේ නිල නිවාසය තිබුණේ නුවර Wace Park එකේ ඇතුළේ බව මට මතකයේ තිබේ. ඔවුන් වැදගත් මිනිසුන් විය. මගේ මිතුරා පසු කාලයකදී අප රටට පැමිණි මාරාන්තික මත් රකුසා නිසා අන්ත දුගියෙක්, පාදඩයෙක් ලෙස ජීවිතය ගතකෙරූ බව මම දුටුවෙමි. වැලිගමදී අප පිනවූ ගිටාර් වාදකයා, මියුරු ගායකයා ඔහු විය. අනිකා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ තොග සහ සීල්ලර ව්‍යාපාරිකයෙක්ගේ පුත්‍ර රත්නය විය. එකල හෝටල් ක්ෂේත්‍රයට, මෙවැනි සල්ලිකාරයින්ගේ දරුවන්ද, හුදෙක් විනෝදයම පතා සේවයට පැමිණි බව මම කලින් ලියා ඇත්තෙමි. ඔහුද මා කියනා මේ මත් රකුසාට බිලිවී, පසුකාලයකදී රාජකීය විදුහලේ කැන්ටිමේ සුළු සේවකයකු ලෙස කාලය ගත කෙරූ බව මම දනිමි. මේ විෂය ගැන සමාජ, අධ්‍යාපනික වටිනාකමින් යුතු ලිපියක් පසුව ලිවීමට මගේ කතාව තුළ ඉඩ ඇති බව මම දන්නෙමි.

මේ කාලය තුළ සිදුවුදේ තවත් බොහෝ ඇත. මම තවත් රැකියාවක් සඳහා නැවත කොළඹ පැමිණීම, 1982 ජනමත විචාරණය ආදී දේ ගැන පසුව ලියන්නෙමි.     



68 comments:

  1. ඔබ ජීවිතයේ බොහෝ ඇසූ පිරු තැන් ඇත්තෙක්ය. වැලිගම ඔබ කියනා දූපත අදටද ලාංකීය වන්දනා නඩවලට ගැටලුවකි. හිමිකාරීත්වය අපට නොවේ. පහත උපුටා ඇති කෙටි වැකියෙන් එය මනාව පවසා ඇත. පත්තරයක වැඩ කරන හේතුවෙන් මා දෙවරක් එහි ගොස් ඇත.
    //තැප්‍රොබේන් දූපත තුළට යෑමට තදබල ආශාවක් තිබූ මුත්, එය සපුරා ගැනීමට නොහැකි වූයේ, එහි පෞද්ගලික හිමිකාරිත්වය සුද්දෙක් සතුව තිබූ නිසාය. ඔහුගේ රූපය මතක මුත් නම මතකයේ නැත.//

    ReplyDelete
    Replies
    1. නලියො......ඇසු පිරූ තැනැත්තා මට වඩා උඹ විය යුතුයි. මට ඇත්තේ සීමිත දැණුමක් සහ තවත් අත්දැකීම් සමූහයක් පමණයි. කෙසේ වෙතත් මම උඹේ නිහතමානී, සුන්දර මනුස්සකමට ගරු කරනවා!! උඹට රැකියාව විසින් පටවා ඇති වගකීම්, උඹේ රැකියාව පමණක් යැයි මම හිතනවා. උඹ තුල සොඳුරු මිනිසෙක් ඉන්නවා...මේ ගැන මම අමරබන්ධු රූපසිංහ චරිතයට අදාලව වෙනම දිනයක ලියන්නම්.

      වැලිගම දූපත යම් බදු ක්‍රමයකට පවරා තිබේද, නැත්නම් සින්නක්කර පැවරීමට අයිතියක් තියෙනවාද යන්න මම දන්නේ නැහැ. මම හෝටල් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නිසා..මගේ අදහස නම්..එතැන ඇති සෞන්දර්යාත්මක අගය/ඓතිහාසික අගය පවත්වාගෙන යාමට වඩාත් සුදුසු, ඒ පිලිබඳ අගයක් දන්නා කෙනෙක් අතට එහි කළමනාකාරිත්වය පැවරිය යුතුයි කියන එකයි. එහෙම නැතුව සල්ලි සල්ලි සල්ලි පන්නයේ කෙනෙක් අතට මෙය ගියොත් විනාශයක්. අද ඒ වගේ දේවල් බොහෝ වෙනවා. ඒකයි බය. මේ වෙනකොට එසේ පැවරූ පසු විනාශ වූ තැන් ගැන උඹත් දන්නවා ඇති.

      රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවස Tintagel නමින් පවත්වා ගෙන යෑම ගැන මම එහි වර්තමාන හිමිකරුවන්ට ප්‍රශංසා කරනවා. රැජිනගේ වයසක පුත් පැටියා ඇවිත් හිටියේ ඔතන. මම ධනවාදී හෝ සමාජවාදී ආකල්ප වලින් අත්දැකීම් ලබපු එකෙක් මිස, මේ දෙකෙන් ඔළුව කුරුවල් කර ගත්ත හාදයෙක් නෙමේ. ප්ලස් & මයිනස් අපි කාගෙත් පෞද්ගලික ජීවිතවල තියෙනවා. මට මේ ෆීල්ඩ් එක ගැන යම් යම් අදහස් තියෙනවා.

      මේ තියෙන්නේ TINTAGELඑබිලා බලන්න.,

      ප.ලි...නලියා මම ලොකු අකරතැබ්බයක ඉන්නේ. උඹ පුළුවන්නම් ඊලඟ පෝස්ට් එකේ ඉඳන් වර්ඩ්ප්‍රෙස් වරෙන්. කරදරයට සමාවෙයන්.


      Delete
  2. කුෂ්ඨරාජගල කියන්නේ බෞද්ධ විහාරයක් නෙවෙයි. එහි ගලක කොටා ඇති පිළිමය මහායාන අවලෝකිතේෂ්වර බෝධිසත්වයින්ගේය මතයක් තියෙනවා. නමුත් එය ඔප්පු වී නැති නිසාත් තවත් මත අඩුම තරමින් දෙකක් මේ පිළිමය ගැන ඇති නිසාත් (එකක් යම් කුෂ්ඨ රෝගයක් සෑදී සුව වුණු රජකෙනෙක් භාරයක් ඔප්පු කිරීම පිණිස මේ පිළිමය කළ බවයි.) එතැන තවම බෞද්ධ විහාරයක් නැහැ. පැත්තක බෝ ගහක් නම් තියෙන්වා. සමහරු ඊට පහන් පත්තු කරනවා. මෙතැන ඇති තවත් විශේෂත්වයක් තමයි මේ පිළිමය ළඟින්ම වසර සිය ගණනකට පෙර මිය ගිය සුද්දෙකුගේ ලොකු සොහොනක් තිබීම.

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමසයෝ....තෑන්ක්ස් පැහැදිලි කිරීමට. මට මෑත ඉතිහාසය මිසක් ඈත ඉතිහාසය ගැන ශාස්ත්‍රීය දැණුමක් නැහැ. නමුත් පාසල් කාලයේ නූගත් දේ හෙමින් හෙමින් තරුනයෙක් ලෙස ඉගෙනගන්න උත්සාහ කරා. කුශ්ඨරාජගල ගැන මෙහෙම දෙයක් මේ අඩවියේ කියනවා.

      Situated in Weligama town, this image carved on a rock face is
      identified as a Bodhisattva Avalokitesvara. Ascribed to a
      period between 7
      th
      -8
      th centuries AC, it is one of the finest
      Mahayana sculptures found in Sri Lanka. The standing image
      is more than 16ft in height and heavily draped in elaborate
      ornaments and garments. The head dress too is intricately
      designed and adorned with many necklaces.6
      There are various legends associated with the name and the
      establishment of this image. The favorite among them seems
      to be that this was done under the patronage of a prince who
      had a skin disease which was cured at this particular site, hence
      the name ‘Kushtarajagala’. According to another legend, a king
      who had a skin disease was cured at this site and was
      responsible for the carving of this image. The chronicles record
      that king Aggabodhi IV (667-683 AC), famed as a just king,
      suffered from an incurable disease and had got this image done
      under his patronage. Since Aggabodhi IV ruled from Rohana
      (Ruhuna), some scholars are of the view that king Aggabodhi
      was responsible for this work.
      උපුටා ගැනීම..http://www.thenationaltrust.lk/

      ඔය උඹ කියන සොහොන් මොනියුමන්ට් එක මතකයි. 'උඹ 'කිව්වාට තරහා වෙන්න එපා. ඒ කාගෙද කියලා අහන්න මගේ යාළු මල්ලියෙක් ඉන්නවා වැලිගම....ඒ යකා මේ දවස්වල ලංකාවට ගිහින්. මම ඌටත් කෝල් එකක් දුන්නා. කොහෙද ඌ ප්‍රේමයේ රස විඳිනවාද කොහෙද. විඳලා ආපු දෙන් :D

      Delete
    2. මචං ඇනෝනිමස්...උඹේ අවසරය දීපන් මට මේ කමෙන්ට් එක වර්ඩ්ප්‍රෙස් සයිට් එකේ එල්ලන්න. ඒපා නම් එපා කියපන්. හා නම් හා කියපන්. උඹට විහිළු තේරෙනවා කියා හිතෙනවා. අනිත් එවුන්ගෙන් අහන්නෙ නැතුව දැම්මා. උඹ මට අළුත් නිසා හින්දමයි ඇහුවේ. හා කියපන් තරහ නැතුව :D

      ප.ලි... මම ලොකු අකරතැබ්බයක ඉන්නේ. උඹ පුළුවන්නම් ඊලඟ පෝස්ට් එකේ ඉඳන් වර්ඩ්ප්‍රෙස් වරෙන්. කරදරයට සමාවෙයන්.

      Delete
    3. මෙන්න කුෂ්ඨරාජ ගල බෝධිසත්ව පිළිමය සහ සොහොනෙ පින්තූර කිහිපයක් ඇති තැනක්.

      http://myarky.blogspot.com/2014/07/blog-post_9075.html

      අරූ, උඹ අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙ මගෙ කලින් කමෙන්ටුව නිසා නම්, ඒ ගැන සමාවෙයන්. මම සහ මගේ කමෙන්ටුවලට වඩා උඹෙ බ්ලොග් එක රසවත් කරන්න මහා විසාල ප්‍රමාණයක් ඉන්නව. අන්න උන් ගැන හිතල කරන දෙයක් කරහන්, මේ කදෝපැණියව අල්ලදාල.

      Delete
    4. ඉන්දික...එහෙම අප්සට් එකක් නැහැ බන්. කොහොමත් කීප දෙනෙක් මට පෞද්ගලිකවත් කිව්වා දෙක එකක් කරන්නත්, වර්ඩ්ප්‍රෙස් එකේ ඉන්න කියලත්. ඒක ගැටළුවක් නැහැ.

      /////මම සහ මගේ කමෙන්ටුවලට වඩා උඹෙ බ්ලොග් එක රසවත් කරන්න මහා විසාල ප්‍රමාණයක් ඉන්නව. අන්න උන් ගැන හිතල කරන දෙයක් කරහන්, මේ කදෝපැණියව අල්ලදාල.//////

      උඹලා වගේ එකා දෙකා එකතුවෙලා තමයි, ඔය කියන විසාල ප්‍රමාණය හැදිලා තියෙන්නේ. ඒ නිසා ඒ කියවන හැමෝම වටිනවා. මචං කදෝ පැණියෝ කවුද, පැණි කදේ තියාගෙන යන්නේ කවුද කියලත් වටහාගන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතන්න එපා. උඹේ ලින්ක් එකට තෑන්ක්ස්!!!

      Delete
  3. අලුත් හෝටලේ කළමනාකාරිත්වය උඹලව බිලීබාගෙන තියෙන්නේ. බැලුවාම ඒකේ ඇති වැ‍රැද්දකුත් නෑ. ඔය ක්‍රමවේදය තමයි හුඟක් වෙලාවට සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම වුනත් ව්‍යාපාරයක් කරනවා නම් ඒකට බොඳවා ගන්නේ මේ වගේ උන් කියලා අදහසක් මට තියෙනවා. මම තව කෙනෙකුගේ ව්‍යාපාරික ස්ථානයකට ගියාම මට හිතාගන්න පුලුවන් මම ව්‍යාපාරයක් කරනවා බඳවා ගන්නේ මෙතනින් මොන මොන එවුන්ද කියන එක එතන සේවකයෝ මට සලකන විදියෙන්ම.

    >>අනිත් කාරණය වූයේ සේවකයන් අතරවූ කල්ලිවාදයයි. කොළඹ, නුවර, සහ දකුණ වශයෙන් ඔවුන් වෙන් වෙන්ව එකතුවීමට පුරුදුව සිටියෝය<<

    මේක නම් නැති තැනක් නෑ මචං. මිනිස්සු හරීම ආසා දෙයක්නේ ගම, පළාත, ඉස්කෝලේ හරි මොකක් හරි මගුලකට කල්ලි හදා ගන්න. මේක යම් පමණකට සිද්ද වෙන්න ඕනේ. නමුත් සමහරු සීමාව දන්නේ නෑ. තමන්ගේ එකාට සලකාගත්තට අපිට කමක් නෑ, අනිත් උන්ට අසාධාරණයක් නොවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්....මම හිතන්නේ බිලි බා ගැනීමකට වඩා අප බිල්ලට හසුවීම කියන එකයි. හැබැයි මචෝ..ඒ හසුවීම නිසා මම මගේ ඊළඟ රස්සාවට වෘත්තීය අත්දැකීම් එකතු කරගත්තා. මම ඒ ගැන ර්‍රලඟට ලියන්නම්. මේ ක්‍රමවේදය හොඳයි..මම වගේ කුඩා රස්සාවල් කරපු අයට. නමුත් ඕක ප්‍රැක්ටිකල් නැහැ...වයිට් කොලර් ජොබ්ස් වලට. ඒක එහෙම තමයි මචං. මම හිටිය කෙරුවාව වෙනස්. ගඩොල් බඳින්නේ හරියට නම් ඒක ඉන්ජාට/සුප්පාට පේනවා. හැබැයි ඉන්ජා හරිද කියලා බලන්න ගඩොල් බඳින එකා යන්නේත් නැහැ.. හිතන්නෙත් නැහැ. ඕක තමයි බං හැටි.

      මචං...ඔය කල්ලි ගැසීම රටේ මහ එකාගේ ඉඳන්, ආදරය..සාධරනය ඉල්ලන බ්ලොග් ලෝකයෙත් තියෙනවා. උඹ ඩූඩ් ඒක හඳුණගත්ත එකෙක්. ඒ නිසා උඹට නෝ වොරිස් කියලා මම හිතනවා.

      ප.ලි... Dude මම ලොකු අකරතැබ්බයක ඉන්නේ. උඹ පුළුවන්නම් ඊලඟ පෝස්ට් එකේ ඉඳන් වර්ඩ්ප්‍රෙස් වරෙන්. කරදරයට සමාවෙයන්.

      Delete
  4. සංචාරක හෝටල් ව්‍යාපාරයේ සේවකයන් ද සංචාරකයන් මෙන් කාලෙන් කාලෙට රැකියා ස්ථානය වෙනස් කරන බව මමත් අහලා තිබුණේ 1970 ගණන් වලදී. මා හිතනවා ඔබේ එවැනි වෙනස්වීම් පිලිබඳ දීර්ඝ විස්තර ඉදිරියේදී අපට දැනගන්නට ලැබෙයි කියා.

    අර දූපතට සුනාමියෙන් කෙබඳු බලපෑමක් එල්ලවුනාද කියා ඔබ දන්නවාද. නැත්නම් දන්නා කෙනෙක් කියනවානම් හොඳයි.

    අපේ මේ අල්ලක් තරම් පුංචි රටේ තියන වටිනා ඉඩම් විදේශිකයන් අතට පත්වීම නම් එතරම් සුබාදායක වැඩක් නෙවෙයි.

    බලමාලු පොල් මැල්ලුමටත් වඩා මේ විස්තරය නම් රසවත්.

    ReplyDelete
    Replies
    1. 2009 දී තමයි මම සුනාමියෙන් පස්සේ වැලිගමට ගියේ. ඒ වෙනකොටත් Wligama Bay Inn හෙම නම් සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කරලා. (ඒකෙ උඩ තට්ටුවටත් වතුර ආවාලු.) ගොඩ බිම සිට බලන කොට නම් ඔය දූපතට හානියක් වෙලා කියලා පෙණුනේ නැහැ.

      Delete
    2. බොහොම ස්තුතියි. ඒ දූපතේ පිහිටීම අනුව හානියක් නොවී තියෙන්න බැහැ.

      Delete
    3. විචා.....එක දිගටම එකම හෝටලයේ ඉන්න අය අඩුයි. ඒ ඇයිද මන්දා. වටේ ගිහිල්ලා ගිහිල්ලා 5 ස්ටාර් එකක නවතිනවා. එතනින් රට යනවා. එහෙන් ඇවිල්ලා පොඩි හෝටලයක මැනේජර් කෙනෙක් හරි හරි වෙනවා ඕක තමයි සර්කල් එක. මමත් ඔහොම පොඩි වටයක් ගියා. හම්බන්තොටත් හිටියා 1985 වගේ.

      ////අපේ මේ අල්ලක් තරම් පුංචි රටේ තියන වටිනා ඉඩම් විදේශිකයන් අතට පත්වීම නම් එතරම් සුබාදායක වැඩක් නෙවෙයි. /////
      මට ඔය ගැන තියෙන්නේ මේ වගේ අදහසක්. ඒ මගේ ක්ෂේත්‍රයට අදාලව පමණක් සිතීමක්. එය යම් සීමිත පැවරීමක් විතරක් වෙනවා නම් හොඳයි. අනිත් ඉඩම් කඩම් විකිනීමට නම් එකඟවෙන්න බැහැ. මේ මම නලීන්ට දාපු උත්තරයෙන් කොටසක්.
      //////.........වැලිගම දූපත යම් බදු ක්‍රමයකට පවරා තිබේද, නැත්නම් සින්නක්කර පැවරීමට අයිතියක් තියෙනවාද යන්න මම දන්නේ නැහැ. මම හෝටල් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නිසා..මගේ අදහස නම්..එතැන ඇති සෞන්දර්යාත්මක අගය/ඓතිහාසික අගය පවත්වාගෙන යාමට වඩාත් සුදුසු, ඒ පිලිබඳ අගයක් දන්නා කෙනෙක් අතට එහි කළමනාකාරිත්වය පැවරිය යුතුයි කියන එකයි. එහෙම නැතුව සල්ලි සල්ලි සල්ලි පන්නයේ කෙනෙක් අතට මෙය ගියොත් විනාශයක්. අද ඒ වගේ දේවල් බොහෝ වෙනවා. ඒකයි බය. මේ වෙනකොට එසේ පැවරූ පසු විනාශ වූ තැන් ගැන උඹත් දන්නවා ඇති..................////

      Delete
    4. @ ඇනෝනිමසයා........තෑන්ක්ස් උත්තරයට. මම හිටපු 1981 දී වැලිගම බේ ඉන් එක තනි තට්ටුවේ පොඩි ලස්සන බංගලාවක්. ලස්සන ගාඩ්න් එකක් තිබුනා පොඩියට.

      Delete
  5. අරූ අයියෙ.. උඹ වැඩ කරපු හෝටල් හොයනවට වඩා නොකරපුව හොයන එක ලේසියි බං. ඕන්නං වැඩිම හත අටක් ඇති.. !!!

    ReplyDelete
    Replies
    1. +++++++++++පත්තරේ...මම එච්චර තැන්වලට මාරුවෙලා නැහැ. සමහරු ඉන්නවා ලංකාවේ වටේම හෝටල්වල වැඩකරපු. මට ඒ වාසනාව තිබුනේ නැහැ. රට ගිය නිසා. රට වටේම ගියා නම්, මට මේක ලියලා ඉවරකරන්න වෙන්නේ හැරමිටියෙන් යන කාලේ.

      Delete
    2. පත්තරේ......වර්ඩ්ප්‍රෙස් එකේ වරෙන් කොල්ලෝ.

      Delete
  6. මම නම් ඔය දකුණු කරේ ගැන වැඩිය දන්නේ නෑ. හැබැයි අවුරුදු දෙකකට විතර කලින් ඔය වැලිගම බීච් හොටෙල් එකට යන්න නම් අවස්තාවක් ලැබුනා මගුලකට. ලස්සන වටපිටාවක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හලෝ වීරේ...වනක්කම්!!

      ඔව් මේ බේ බීච් හෝටලය තිබුන තැන හරි ලස්සනයි. එක පැත්තකින් බීච් එක. බීච් එක ඉවරවෙන්නේ ගල් කන්දකින්. හෝටලේ පිටි පස්සෙන් මුහුද පැත්තෙන් මරු වීව් එකක් තිබුනා.ගති. උන් හරියට කරේ නැහැ.

      වීරේ....පුළුවන් නම් වර්ඩ්ප්‍රෙස් එකේ එන්න.

      Delete
  7. කන්ඩායම් ක්‍රීඩකයාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. උඹටත් ජයෙන් ජයම වේවා!!

      පුළුවන් නම් වර්ඩ්ප්‍රෙස් එකේ එන්න

      Delete
  8. නිදහස් දවසේ ජාතික කොඩිය උඩු යටි කර නඟ්වාපු වරදට පිටුවහල් උනේ ඔය දූපත අයිති විදේශිකයා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මෙයා නෙවි .... දැන් ඔකේ අලුත්ම අයිති කාරයා මගේ අදුනට පෙනිච්ච හැටියට R. ජයවර්ධන

      Delete
    2. @Sa rasa....මම දන්නෙත් ජෙෆ්‍රි ඩොබ්ස් කියලා තමයි. දැන් කොහොමද දන්නේ නැහැ.

      Delete
    3. @රාළේ....ඔය කියන්නේ JRගේ පුතාද?

      Delete
    4. Sa rasa&රාළේ...පුළුවන් නම් වර්ඩ්ප්‍රෙස් එකේ වරෙන් ඉස්සර වගේ.

      Delete
  9. වැලිගම හෝටලේ කළමණාකාරීත්වය නව සේවකයො හොයා ගන්න හොදම ක්‍රමයක් ක්‍රියාත්මක කරලා තියෙන්නෙ.

    රස්සාවල් වල කල්ලිවාදය ගැන කතා කරත්දි නම් කළකිරෙනවා අරූ අයියෙ. කාළකණ්නි හැත්ත. //ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත.// මේ විදිහට ඉන්න උත්සහ කරත්දිත් වැඩ නොකරන උන් හිතන්නෙ වැඩ කරන එකා "මුදුනා වෙන්න යනවා" "ආ මූ අපිට වඩා ලකුණු දා ගන්න හදනවා" කියලයි.

    අවුරුදු ගාණක් තිස්සෙ එන එන හැම එකාම අයිස් ගහගෙන ඉන්න පුරුදු උන තැන් වල වැඩ කල්ලි ගැහෙන්න පුරුදු උන තැන් වල දිගටම ඉන්න නම් අලුතෙන් එන එකාත් කල්ලියකට ඔළුව දාලා අයිස් ගහන්න ඕන. නැත්නම් හිත සතුටෙන් තොලොන්චි වෙලා යන්න ඕන. නිකම් ප්‍රෙෂර් එක වැඩි නොකර ගෙන.

    :( :( :( :(

    ReplyDelete
    Replies
    1. //ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත.//

      ඔහොමකරල මටනං ලැබුන ඇටයක් නැත.

      ඉතුරු උනේ හිත්වේදනාවන් පමනි

      Delete
    2. හ්ම්ම් මටත් රස්සා කරපු පොඩි කාලෙටම ඕක හොදට තේරිලා තියෙනවා අටම් අයියා. :( එක පාරක් ජොබටත් කෙළ උනා. ඒත් මේ පාර තීරණයක් ගන්න ඊට වඩා සිය පාරක් වත් හිතන්නත් වෙනවා. මොකෝ දැන් දරුවෙකුත් ඉන්න නිසා.

      තමන්ගෙ දෙයක් කර ගන්න එක දාහෙන් සම්පතයි.

      Delete
    3. ප්‍රියා&අටං......ඕක මෙහෙමයි......අපේ ට්‍රේඩ් එකේ එකෙක් අයිස් ගැහුවොත් මුළු සීන් එකම අංජ බජල් වෙනවා. කෙලින්ම ලෙඩේ එන්නේ කස්ටමර්ගෙන් නිසා, කාටවත් මග හරින්න බැහැ. මම මගේ පැය අට දඟලලා කරන්නේ ලකුණු බලාගෙන නෙමේ, මගේ ස්ටයිල් එක ඒක. මම ඒකේ රිටන් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රිටන් එකක් ලැබුනොත් අන්න බෝනස්. මට වැඩ පටන් ගත්තාම නවත්තන්න හිතෙන්නේ නැහැ බ්‍රේක් එක ලැබෙනකම්. බිසි හෝටල්වල වැඩ කරලා ඒක ජීර්ණවෙලාද කොහෙද...හෝටල්වල වැඩ නවත්තන්න බැහැනේ බන්..ඒක දිගටම යන ප්‍රොසෙස් එකක්. මම දැන් ඒ ට්‍රේඩ් එකේ නැතිවුනත් ,මගේ වැඩ තාම එහෙමයි. ගෙදර නම් කිසි රෙද්දක් කරන්නේ නැහැ.

      Delete
    4. @ ප්‍රියා......ඊළඟ පාර පෙර ලෙස වදන්තදේ වරෙන්.

      Delete
  10. වැලිගම ගැන කතාකරන ඕනෑම කෙනෙක් ඔය දුපත අමතක කරන්නේ නෑ අඩුම ගානේ එක සැරයක්වත් ඔය බංගලාවට ගිහින් තියෙනවනම්...... අරු ඔයාට මාර චාන්ස් එකක් මිස්වෙලා තියෙන්නේ දුපත අයිති සුද්දා ( කරුමෙට මටත් නම මතක නැ) ශ්‍රීලංකා පුරවැසිකම තියෙන පොරක් ලංකාවට ඇවිත් තියෙන්නේ මුලින්ම C. ක්ලාක් එක්ක .... නොම්මර එකේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් .... ඔය බංගලාව ගොඩක් පරණ උනාට ඇතුලේ අද තියෙන තත්වයට ගෙනාවේ ඔය හාදයා..... 90 දශකයේදීත් පොරට කොළබ බාන්ස් ප්ලේස් එකේ තවත් නොම්මර එකේ ගෙයක් තිබුනා එතකොටත් පොර එංගලන්තේ නොම්මර එකේ ගෘහ නිර්මාණ සමාගමක අයිතිකරු

    ReplyDelete
    Replies
    1. Geoffrey Dobbs නේද ඔය Tabrobane Island එකේ අයිතිකාරයා??

      http://tvaraj.com/2013/11/07/taprobane-island-part-5-succeeding-owners-of-the-island-paradise/

      Delete
    2. සිංහ කොඩිය උඩුයටිකුරු කරන්න ගිහින් රටෙන් එලෙව්වා නේද මේ මනුස්සයාව (Geoffrey Dobbs)....

      Delete
    3. @ Sa rasa ....ස්තුතියි ලින්කුවට..

      Delete
    4. සිංහ කොඩිය උඩුයටිකුරු

      කරපු සිද්දිය මොකක්ද

      Delete
    5. @ මිස්ටර් අටම්...චොගම් එක වෙලාවෙදි ගාලු කොටුවේ ඩොබ්ස් අපේ ජාතික කොඩිය උඩු යටිකුරු කරලා එල්ලුවා අපේ කව්ද මෝලෙක් ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය අනිත් පැත්තට ඉස්සුවාය කියලා. මිනිහා ගවනර් නෝනාටත් කථා කරලා කියලා තියෙනවා ඕස්ට්‍රේලියානු කොඩිය හරිපැත්තට ඔසවන්නය කියලා, ගවනර් නෝනා හම්බන්තොට ඉඳන් එනකොට මෑන් මල පැනලා අපේ කොඩියත් අර විදියටම උස්සලා එයාගෙ ගාලු කොටුවෙ ඇතුලේ තියෙන හෝටලේ..ඊට දඬුවම තමයි වීසා කැන්සල් කිරීම....ආයෙත් ආවා හැබැයි යන්නම ගියාද කොහෙද...ගෝල් ෆෙස්ටිවල් එකත් එතනින්ම හබක්...

      Delete
    6. chef-architect
      ස්තුතියි

      රසවත් සිදුවීමක්
      එක අතකට ඒ මනුස්සය හරි

      Delete
    7. අයියියා මේ මැත අතීතය මම නොදැන සිටියෙමි මා මේ කිව්වේ 2002ට පෙර තත්වයය

      Delete
    8. Even after the Count died, Taprobane Island continued to draw new generations of romantics.
      Taprobane Island remained in Victor Alexander’s ownership until it was sold by public auction in 1942 for Rupees 12,000.
      In 1946, when Sir Philip Christopher Ondaatje (born February 22, 1933) was 12 years old his father had rented the island from the owners who had bought it at the auction.
      The island changed hands to various people, and none of them lived there long as the Count did.
      In 1951, Bowles purchased the island from its owner, Mr. Jinadasa, for English Pounds 5,000.
      n 1956, at his wife’s insistence Bowles sold the island to the Irish writer Shaun Mandy and moved back to Morocco.

      Frederick Lorensz de Silva

      Shaun Mandy sold the Island in late 1950s to Sri Lankan lawyer and politician Edmund Frederick Lorensz de Silva, MBE, who was once the Mayor of Kandy, Member
      of Parliament and Sri Lanka’s Ambassador to France and Switzerland, and a former Chancellor of the University of Peradeniya from 1990 to 1993
      මේ ආදී වශයෙන් අද දක්වාම විස්තරයක් තියෙනවා Sa rasa දීපු ලින්ක් එකේ. ඒ සියළුම ලිපි 6-7ම කියවන්න වටිනවා. ආතර් සී ක්ලාක් ගැනත් කියනවා.

      මට යන්න බැරිවෙච්ච එකනම් ලොකු පාඩුවක්. උඹට ඕනන මේ ලින්ක් එකටත් පලයන්. රස ගුලාවක්.

      PART TIME ISLAND- PAUL BOWELS

      Delete
    9. @ Sa rasa.......මාර වටින ලින්ක් එකක් . බොහෝම ස්තූතියි!

      Delete
  11. අප්පද බොල අරු අයිය වැලිගමත් ඉදල නේ.සැක් දැන්කාලෙ වගෙනම් ඇවිල්ල අඩියක් ගහල යන්න තිබුන.
    තමන්ගෙ මහන්සිය උපරිම යොදවන කෙනාට කැපිලි එනෑක නම් ලන්කාවෙ නොර්මලි වෙනව නේ.අනික් වුන් එහෙම අයට කියන්නෙ"ලික්කට පු-- දෙනව කියලනේ"
    කල්ලි වාදෙනම් ඉතින් අපෙ මිනිස්සුනෙ ගොත්‍රික ගතිය තමයි.
    //'තානායම් පල්ලාගේ සටහන්' නමින් රසවත් ලිපි ලියු//
    ලියු නෙමෙයි තාමත් ලියනව.මිනිහගෙ ලිපි මාර රහයි.

    ReplyDelete
    Replies
    1. තානායම් පල්ලාගේ සටහන්

      බ්ලොග් වලට ගොඩක් සමානයි

      Delete
    2. "තානායම් පල්ලා" නමින් වූ කෙටි කථාවක් ටෙලියක් ෙලසින් දිනක් බැළුවා මතකයි.

      Delete
    3. තානායම්පල්ලා යනු රන්ජන් ගාමිණි ජයවර්ධනයි.. ඔහු දිවයින ප්‍රාදේශිය වාර්තාකරුවෙකි.. (වැලිගම) ඔහු දිවයින ඉරිදා මීවිත අතිරේකයේ දෙවැනි පිටුවේ තාතායම්පල්ලාගේ සටහන නමින් කොලමක් ලියයි..

      නිර්මලා බලා ඇත්තේ රුසියන් කෙටිකතාවක් වූ තාතායම්පල්ලා විය යුතුය. (රචකයා මතක නැත)

      Delete
    4. @ දමිත්....මම වැලිගම ඉන්න කාලේ උඹ ඉස්කෝලේ යනවා වෙන්න ඇති. ආපු දවසක හමුවෙමු. එතකොට අඩියක් විතරක් ගහලා නම් මදි :D

      ලොක්කාට දෙනවා කියන සීන් එක අපේ ට්‍රේඩ් එකේ තිබුනේ නැහැනේ බන්. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. උන් අපි එකට සෙට් වෙන්නේ නිතරම. ලොක්කොත් ඔක්කම හොඳට කන බොන එවුන්. මාර ටීම් එකක් හිටියේ මම පස්සේ හිටපු තැන්වල. ඒ නිසාද දන්නේ නැහැ. මම ප්‍රියාටයි, අටමටයි දාපු රිප්ලයි එක බලපන් ඔය ගැන.

      තානයම් පල්ලා ලියන බව දේශාත් කිව්වා...ඒත් දිවයින ඔන් ලයින් එඩිෂන් එකේ ඒක නැහැනේ.
      දමියා...වර්ඩ්ප්‍රෙස් වරෙන් ඊළඟ එකේ ඉඳලා.

      Delete
    5. @ දේශා....මම රන්ජන් ගාමිනි හරි ආසාවෙන් කියෙව්වේ ඉස්සර. කෝ ඔන් ලයින් එඩිෂන් එකේ ඒක නැහැනේ..කියපන්කෝ දාන්න කියලා. මචං ඒ කාලේ වැලිගමින් පස්සේ පොර වෙන කොහාට හරි ගියා. හෝටල් සංස්ථාවෙම වෙන පලාතක හෝටලයකට.

      Delete
  12. ///////////සේවා කාලය තුළ ඇති කාර්ය බහුලත්වයටත් මම අදටත් කැමැත්තෙමි. සේවා මුරය ඇඟට පතට නොදැනී අවසාන කර ගැනීමට මෙය ඉවහල්වේ. මේ පුරුදු නිසාම පසුකාලීනව බොහෝ රෙකමදාරුවන්, උසස්වීම් සහ අප ක්ෂේත්‍රයේ කෙනෙකුට නොලැබෙනා අවස්ථා උදාවිය. ගන්නා පඩියට මගේ ශ්‍රමය හැකි පමණින් යෙදවීම මම අගය කෙරුවෙක්මි. අනිකා කරන්නේ කුමක්දැයි මට අදාළ නැත.//////
    ඔය අයියලාගේ කාලේ. දැන් නං දෙන්නේ ඔලුව කුඩු වෙන්න ඔය වගේ වැඩ කරන කෙනෙක්ට. අත්ද්කීමෙන් කියන්නේ.
    මේ දවස් වලත් පොල්ලෙන් කාල ඉන්නේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ජීවන.....ඒක තමයි මේ ගොඩාක් අය කියන්නේ. අපේ කාලේ හැටිද, අපේ ට්‍රේඩ් එකේ හැටිද දන්නේ නැහැ බන්. පොලුපාර සැරද :D

      මම උඹේ කමෙන්ට්ස් කීප තැනකම දැක්කා. මම ආසයි ඒ ශාප් & සිම්පල් උපහාසයට. මේ ඒක නෙමේ ලබන පෝස්ට් එකට වර්ඩ්ප්‍රෙස් එකේ වරෙන් හැකිනම්.

      Delete
  13. අරූ, මෙහෙම බ්ලොග් දෙකක් තියාගෙන යන එකෙන් සංවාද, කමෙන්ට් වලට අසාධාරනයක් වෙන්නෙ. ඒ නිසා මම යනව යන්න. තරහක් නෑ බං, ඒත් මේ ක්‍රමේට මම අකමැතියි.

    ReplyDelete
    Replies
    1. අවුල් වෙන්නට පෙර සුදුසු කඩිනම් පියවරක් අරූ ගනීමි.
      නමුත්, හික්කඩුව, වැලිගම, දෙල්කන්ද, වාගේ පළාත් ගැනත්, අතීතෙයන් අැසන කථා ගැනත් සංවාද කරන්න අදහස් තමා නැත්තේ.

      Delete
    2. @ඉන්දික......මම උඹ කියන දේ පිලිගන්නවා. ඒ අපහසුතාවය මටත් තේරෙනවා. නමුත් මේක වුනේ අහම්බෙන් නොසිතූ විදිහකට. මෑතකදීම මේ එකක් වහන්න ඕන. මට වර්ඩ්ප්‍රෙස් එක වහන්න හිත දෙන්නේ නැහැ. උඹ වර්ඩ්ප්‍රෙස් එකේ වරෙන් තව ටික දිනකට. මට උඹේ අදහස් වටිනවා. මේ අවුල පිලිබඳ මටත් කනගාටුවක් තියෙන්නේ. පවුල් දෙකක් නඩත්තු කරන්න මටත් අමාරුයි. සමාවෙයන් ඉන්දික.

      Delete
    3. අරූ අයියේ මම කියන්නං කරන්න හොදමදේ

      පෝස්ට් එකක් දානකොට ඉස්සෙල්ලම බ්ලොග්ස්පොට් එකේ දාන්න

      දවස් තුනක් යනකොට කමෙන්ට් කරන සියල්ලන් කමෙන්ට් කරල ඉවර වෙනවා

      බ්ලොගර් පෝස්ට් එක පබ්ලිස්කරල දවස් තුනකට පස්සේ වර්ඩ්ෆේස් ඒකටත් පෝස්ට් එකම දාන්න

      එතකොට ඔය ගැටලුව නැ ,

      දෙකම එකපාර දාන එක මහ අවුලක් තමා

      ඒක බ්ලොගර්
      දෙක වර්ඩ්ෆේස්

      මේ මගේ අදහස ඔශයාට කැමැත්තක් කරන්න

      මමනං අර වදංතදේ පැත්ත පලාතේ යන්නේ නැ , බ්ලොග් රෝලෙනුත් ගලවල දැම්ම

      Delete
    4. වර්ඩ්ප්‍රෙස් එක වහන්න එපා මනුස්සයෝ

      Delete
    5. @නිර්මලා.....මම පරණ ගෙදරම පදිංචියට යන්න හිතාගත්තා. මම හිටිය පලාත්, මම හිටපු කාලය ඔයාට හුරුනැහැ නේද? ගණන් ගන්න එපා..ඒත් දිගටම කියවන්න. අදාල දෙයක් දැක්කොත් අදහසක් දාන්න. ස්තූතියි!!

      Delete
    6. @ අටමා.....මම වර්ඩ්ප්‍රෙස් එකටම යන්න තීරනය කරා. කීප දෙනෙක් පෞද්ගලිකව කිව්වා ඒකේ ඉන්න කියලා. උඹට කමෙන්ට් කරන්න අමාරුයි නේද ඒකේ. ඒකට මොකද කරන්නේ? මට සමාවෙයන් අටමෝ.

      Delete
  14. රැකියාව කෙරෙහි ඔබේ තිබුනු අවංක කැපවීමම ඔබේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙන්නැති. ඔබ ජීවිතය ජයගත්තු අයෙක්. ඒනිසා ගෙවුන මේ අතීතය දෙස අද ඔබට උපේක්ෂාවෙන් බලලා සතුටුවෙන්න පුලුවන්. තාමත් තරුණ වියේ ඉන්න ජීවිතේ ඉදිරියට තව එහෙමම තියෙන උදවියට මේ ක්තාවලින් ආදර්ශයක් ගන්න පුලුවන්.

    අර කිව්ව තානයම් පල්ලාගේ සටහන් මාත් ඉඳල හිටල කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්.......මට කවදාවත් රැකියා ස්ථානයන්වල රැකියාව හා දැණුම සම්බන්ධව හෝ කැපවීම ගැන කවදාවත් ප්‍රශ්ණ තිබුනේ නැහැ. හැබැයි මගේ විනෝදකාමී ජීවන රටාවත්...යම් යම් අසාධාරනයන් ඉදිරියේ දැක්වු පෙරලිකාර ක්‍රමවේදයන් නිසා රැකියා අතහැර ගිය අවස්ථාද නැත්තේ නොවේ.
      මම කැමති සරළ රටාව තුල මම ජීවිතය ජයගත්තෙක් කියා මමත් හිතනවා. මුදල් යනු ජයග්‍රහනයේ මිම්ම නම් මම එතනදී පරාජිතයෙක්. මුදල් මගේ ලෝකයේ කවදාවත් මිම්මක් වෙලා නැහැ. මම මිනිසුන් මනින්නේ මුදල් කියන සාධකය මත නොවේ.

      තානයම් පල්ලාගේ සටහන් රසවත් ලිපි පෙළක් තමයි. මනෝෂ් තරහ නැතිව වර්ඩ්ප්‍රෙස්ස් එකේ එන්න.

      Delete
  15. අද ලිපිය කෙටි වුනාට ....දෙපැත්තේම වැටිලා තියන කමෙන්ට් කියෙව්වම ලොකු දැනුමක් ලැබුන.....
    උඹෙ පාසල් දිවිය වගේම රැකියා දිවියත් පටං ගත්ත එහෙනං තැනින් තැනට යන්න නේද මචෝ.......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි.....මචං මගේ ජීවිතයම ජිප්සි ජීවිතයක්. එක තැනක ඉඳලාම නැහැ. ලංකාවෙත් එහෙමයි. පිටරටත් එහෙමයි. වෙලාවක ලිස්ට් එකක් හදන්න ඕන ඔය හිටපු තැන් ගැන. ඒක නම් මහ පුදුම වැඩක් බන්.

      මචං වර්ඩ්ප්‍රෙස් එකේ වරෙන්.

      Delete
  16. බේ බීච් එකට කුෂ්ඨරාජගල පසු කොට යායුතුයැයි පැවසීම මුසාවක්. ඒක තියෙන්නේ පරණ ගාලු පාරේ.. ඔය දැනට කප්පරතොට පාලම කියන තැන අළුතෙන් හැදුවේ මොන්ටි ජයවික්‍රම.. මොකද ඒ කාලේ දෙවැනි ලෝක යුද්ධෙ ඉවර වෙලා හමුදාවේ අය නිකං හිටිය නිසා පරණ පාරේ කොටසක් අළුත් පාරක් විදියටයි හැදුවේ. මේක කි.මි. 4 ක කොටසක්. වැලිගම නගරය දක්වාම දිවෙන..

    ඔය කප්පරතොට හරියේ මගෙත් හොද යාළුවෙක් හිටියා. මාළු කාරයා.. හොද හොද හොද මාළු ජාති කෑවා.. උඹ ඔය කියන බේබීඩ් එක ළග කන්ද වැහෙන්න ලොකු රෙස්ටෝ එකක් ගහනවා. ඒකේ විලාස් 40 ක්ද කොහේද තියේලු.. අහුන්ගල්ලේ, ටාජ්, බෙන්තොට වැඩ කරපු මගේ හෙන සෙට් එකක්ම දැන් වැලිගමට සෙට් වෙලා ඉන්නේ..

    අර තැප්‍රොෙබ්න් දූපතට කියන්නේ ගමේ අය “ගන්දූව“ කියලයි.. ඒකේ අයිතිකාරයා ඉංගිරිසි පොරක් මිස ඔස්ට්‍රේලියන් පොරක් නෙමෙයි. ආයි ගියපු වෙලාවක හරියටම හොයන්නං..

    ReplyDelete
    Replies
    1. /////බේ බීච් එකට කුෂ්ඨරාජගල පසු කොට යායුතුයැයි පැවසීම මුසාවක්////////

      දේශා......මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි...

      අඩෝ ඕක තියෙන්නේ මාතර පාරෙනේ. අපි ඉස්සර බස් එකේ එනකොට කොළඹ ඉඳන් කුෂ්ඨ බෝඩ් එක පහුකරගෙන එන්නේ. මම කියන්නේ 1981 දී. ඊට පස්සෙද වැලිගම බයිපාස් රෝඩ් එක හැදුවේ? මට වැරදිලාද...මම මුසා කියනවාද...ඉක්මණට උත්තරයක් දියන් මචං..මුසාවක් නම් නිවැරදි කරන්න. ගිය කාලයක් මතක නැහැ ඒ පැත්තේ.

      කමෙන්ට් එකේ ඉතිරි බාගෙට පස්සේ උත්තරයක් දෙන්නම්. උඹේ සුද්දාගේ කතාව ටිකක් හරි...ටිකක් වැරදියි.

      Delete
    2. මම දැන් බැලුවා.. උඹ හරි.. බයි පාස් රෝඩ් එක 81 න් පස්සේ තමා හදල තිනේනේ.. උඹල යන්න ඇත්තේ කුෂ්ඨ බැහැල රේල් පාර පැනල ටික දුරක් ගියාම තියෙන දකුණූ පැත්තේ පාර දිගේ වෙන්ටැති. ඒ පාරේ පන්සලකුත් තිබුනා තමා.. හැබැයි බං ඔය කප්පර තොට පාලම ලොකු කරල තමා පස්සේ පාර හදල තියෙන්නේ..

      Delete
    3. http://www.maps-streetview.com/Sri-Lanka/Weligama/roadmap.php

      මෙන්න මේ රෝඩ් මැප් එකේ තියෙනවා බයි පායි රෝඩ් එක. අග්‍රෙබෝධි මාවත කිට්ටුව තමා ඔය කියන කුෂ්ඨරාජගල තියෙන්නේ.. මටත් දැං වැලිගම ගැන මතකයන් ඇවිස්සෙන්න ගත්තා..

      Delete
    4. දේශා......මම කියන කාලේ කප්පරතොට පාලම කියන්නේ බොහොම පොඩි එකක්. බෝක්කුවක් වගේ කිව්වත් වැරදි නැහැ මගේ මතකය හැටියට. අර කන්ද උඩනම් රෙස්ටෝරන්ට් ඒකකට කියාපු තැනක්. හැබැයි හොඳ මාකටින් ටීම් එකක් ඉන්න ඕන වෙයි කියලා හිතනවා.

      උඹේ ලින්ක්ස් වලට තෑන්ක්ස්. ඒ අනුව A2 පාරේ තමයි අපි ඉස්සර යන්නේ. අර ගන්දූවේ දැන් අයිතිකාරයා නම් Anglo Australian කියලා තමයි කියන්නේ.

      Delete
  17. වැලිගම පැත්ත ගැන හුඟක් දේවල නම් කලින් දැනගෙන හිටියේ නෑ... බලමාළු පොල් මැල්ලුම කන්න නම් මාත් ආසයි...

    ReplyDelete
    Replies
    1. තුශානි.....මාත් දන්නේ මම රස්තියාදු වෙච්ච තැන් ගැන විතරයි. ගෑණු ළමයින්ට කොහොමත් අපිට වගේ රස්තියාදු ගහන්න ඉඩක් නැහැනේ. අපිටත් ඔයා වගේ දුවෙක් ඉන්න නිසා ඒක අපි දන්නවා. ඒ වුනත් අපි ඉන්න රට තුල තියෙන මිනිස් නිදහස නිසා ඇය වැනි දූවරුන් ලෝකය දෙස ස්වාධීන මනසකින් බලන්න හුරුවෙලා. ඒක ආඩම්බරයක්. ඒ නිදහස මගේ නංගිලාටත් ලැබුනා නම්, ඔවුන් කොතරම් නිදහස් ගැහැණුන් වෙයිද.....සංස්කෘතික බැඳීම් යනු වහල් මානසිකත්වය යැයි මම හිතනවා. මගේ මේ කතාව මතභේදයට ලක්විය හැකියි. ඒත් මම කියන්නේ මට දැණෙන ඇත්ත.

      බල මැල්ලුම...බල වර්ඩ්ප්‍රෙස් එකේ... පොඩි ඉඟියක් ඇත.

      Delete