Thursday, July 18, 2013

පෙරටුගාමි කුකුල් කොටුවට නරි පනී


කොහොල්ලැ ආතල් එක නියමෙටම ගන්න ගිය විමලගේ ඩිපාචර් එකෙන් පස්සෙ ජේවිපි එකට මුහුන දීමට සිදුවු සෙකන්ඩ් ඇටෑක් එක පෙරටුගාමි කුකුල් පැටවුන්ගේ ඩිපාචර් එකය.ෆයිට්,කිඩ්නැප්,ලව්,සෙක්ස් අනං මනං හැමදේකටම පස්සෙ දිමුතු මෙහෙ දමා මහ කුකුලා හෙවත් පොර කුකුලා, කුමාර් ඩිපාචර් විය.
මේ සියලුම භෞතික වෙනස්වීම් මැද, කුකුල් පැටවුන් තව දුරටත් භූ තලයෙ හෝ වා තලයෙ පහුරු ගාමින් සිටියද කිසියම් හෝ ඉදිරි දැක්මක්,සැලැස්මක් බලාසිටින අපට නම් දක්නට නොලැබේ.පහුරු ගෑවත් පනුවෙක්,ගැඩවිලෙක් තියා වී ඇටයක්වත් ඇති නැති ගානය.වා තලයේ පහුරු ගෑවාට කෑම ලැබෙන්නෙ නැත.භූ තලය පහුරු ගෑ යුතුය.සිසු සටන් තුල ඉස්මතුවීම් දක්නට ලැබුනද, දැන් දැන් සිසු කුකුල් නායකයා උසාවි බිම තුල පවා තනිවී ඇති සෙයක් පෙනේ.එය එසේ සිදු නොවිය යුතුය.ඔහු තනි නොකල යුතුය.කුකුල් පැටවුන් පමනක් නොව ,නරි හැර අනිත් සතුන්ද එය දැන ගත යුතුය.
අහන්න,දකින්න ලැබෙන විදියට නම් පෙරටුගාමි කුකුල් කොටුවට දැන් නරි පැනලාය.සමහර මහ කුකුලන් එංගලන්තයේය.අනිත් පැටව් ගැන දන්න අය ඉන්නවානම් මේකට එකතු කරන්න.ඉලෙක්ෂන් වලට වඩා ගොඩක් වැදගත් වැඩ මේ කස්ටියට තියෙන බව පත්තරේ තිබුනි.ඒකනම් ඇත්තටම ඇත්තය.හැබැයි මොනවාද කියා දැක්කෙනම් නැත.
මොනවා වුනත් තනි වුනෙ,නන්න වුනේ ඈස් යූෂුවල් යට තට්ටුව හෙවත් කුකුල් පැටවුන්වය.උඩින් උඩින් පෙත්තප්පුලා ටික කොහොම හරි කොහෙට හරි ඉගිල්ලෙයි.උන්ට නම් රිම් එකෙන් ගියත් ජීවිතේ ෆුල් ටෑන්ක්ය.

No comments:

Post a Comment