Monday, July 15, 2013

ෆැන්සි පන්සල්?????


අම්පාර පැත්තේ තවත් අසපුවකට මුල්ගල් තැබු බවත්,අවට පන්සල් වලින් විරෝධතා පැවැත්වු බවත්,මුල්ගල් තැබුවේ මහතැන් වල ලොකු ලොකු අය බවත් ආරංචිය.විරෝධතා පැවත්වුයේ කුමන සේනාවකට අයත් හේවායන් දැයි නොදන්නා මුත් අවට පන්සල්වල මූලිකත්වයෙන් බව දුටිමි.
                          කුමක් වුවත් මේ අසපු නිකායවල උදවියනම් කරන්නේ බුද්ධ දර්ශණය විකා දැමීමකි,නැත්නම් විකුනා දැමීමකි.බුදුන් වැඳීමට ෆැන්සි පන්සල්වත්,කෝටියක් මල් වට්ටිවත්,බේබි වොයිස් සාධුලාවත් ඕන නැත.මේ නම් එකිනෙකා පරයන ආශාව,තන්හාව වැඩි කරගන්නට පාර කපා ගැනීම හැර අන් කවරක්ද?බෞද්ධ දර්ශනය වෙතට යොමු කරවිය යුතු දෙනෙත් කෝටියක් මල් වට්ටි දෙසට යොමුකරවීම ආනන්තරීය පාප කර්මයකි.මේ බුදුන් ගිය මග නොව රුදුන් ගිය මගය.අවශ්‍යනම් දහම් දැනුමක් ලැබෙන පොතක් පතක් පරිශීලනය කරනවාට වඩා හැන්දෑවට මල් කඩන එක ලේසිය.චූන්ය.
                                 දිගාමඩුල්ලේත් රටේ අනිකුත් පලාත් වලත් දානයක් නොලැබෙන,බුදුගෙට වහලක් නැති පන්සල් ඕන තරම් ඇත.කල යුතුව ඇත්තේ ඒවාට ඇවැසි අවම පහසුකම් ටිකවත් ලබා දීම මිස කෝටි ගනන් වියදම් කර අසපු සෑදීම වත්,හැන්දෑවට හැන්දෑවට කෝටි ගනන් මල් කැඩීමවත් නොවේ.
                     හන්දියක සුපර් මාකට් එකක් ඇරියොත්,පුංචි පුංචි සිල්ලර කඩ ටික අනාථය.ඒ කාටත් පොදු වෙළඳ න්‍යායය.මේ ඇරිලි වලින් වෙන්නේත් ඒ ටිකමය.අවට ඇති සාම්ප්‍රදායික පන්සල් ගොන්න තව තව කොන්වී යාමත් ඉන්න පැවිදියන් උපැවිදි වීමත්ය.අවට සංඝයා වහන්සේලා විරෝධතා පවත්වන්නේ මේ නිසා විය යුතුය.අරයාගේ භාශාවෙන් නම් මේවා අධිරාජ්‍යවාධි කුමන්ත්‍රන විය යුතුය.
                       ඇස් දෙක හැර බැලුවොත් ඔය සමහරක් ෆැන්සි පන්සල්වල ඉන්නේ පොන්සි සාධුලාය.වැඩත් ඒ වගේය.පෙනුමත් ඒ වගේමය.හැම දේකටම ඕකේ කියන රටේ අම්පාරටත් ෆැන්සි පන්සලක් ඕකේ වෙන එක වලක්වන්නට බැරිය.පල්ලි කඩන,කෝවිල් කඩන අයට අසපු හදන එක ගැන හඬන්න වෙන්නේ අද නෙමේ හෙටය.
                                                     දිගාමඩුල්ලට අවශ්‍ය වන්නේ ෆැන්සි පන්සල් නොව,තියෙන පන්සල් ටික රැකගැනීමය.ගොවියාට ගොවිබිම්ය.පොඩි උන්ට කිරිපිටිය!!!!!!!!!!!!!!!!!!.

No comments:

Post a Comment